
(අංජුල මහික වීරරත්න)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කිරීමට අවශ්‍ය ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 අයවැය යෝජනාවකට අනුව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කර ඇත.
ඒ අනුව, එම වර්ෂයේදී වෙන් කරන ලද රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන යොදවා, විශ්ව විද්‍යාලයේ ඇති ගොඩනැගිලි භාවිත කරමින් හා නවීකරණය කර ගනිමින් මේ වන විට සිසුන් 80 දෙනකු බඳවාගෙන ඇති අතර, පළමු සහ දෙවන අධ්‍යයන වර්ෂයන් ක්‍රියාත්මක වෙමින් පවතී.
නමුත් අවශ්‍ය දේශන ශාලා, පරිපාලන ගොඩනැගිලි සහ පූර්ව සායනික ගොඩනැගිලි මෙතෙක් ඉදිකර නොමැති වීම හේතුවෙන් එම වෛද්‍ය පීඨයේ කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාමට බාධා පැමිණ ඇත.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමිය තුළ දේශන ශාලා ද ඇතුළුව පූර්ව සායනික ගොඩනැගිල්ල සහ අත්‍යවශ්‍ය පරිපාලන ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස අවශ්‍ය පිරිවැය රුපියල් මිලියන 2,149 ක් වශයෙන් ගණනය කර තිබේ. ඒ අනුව, මෙම වසර තුළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර, අවශ්‍ය ප්‍රතිපාදන 2026-2028 අයවැය කාලරාමුව තුළ වෙන් කර ගැනීම මඟින් අදාළ පහසුකම් සලසා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය 2028දී සම්පූර්ණ වෙයි
ගුණරත්න Wednesday, 11 June 2025 05:24 PM
KDU පෞද්ගලික උපාධියට මේ වසරේ බඳවා ගත්තා නම් ආණ්ඩුවට ඔය බිලියන දෙක උපයාගන්න තිබුණා. රටට බරක් නැතිව වැඩේත් කෙරෙනවා...