
(ගයාන් සූරියඅරච්චි)
නීතිවිරෝධීව ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා බීඩිකොළ කිලෝ 1200 ක් ප්‍රවාහනය කිරීමට ආරක්ෂාව ලබාදුන් බව කියන සුරාබදු නිලධාරීන් දෙදෙනකු ඇතුළු 3 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බීඩිකොළ පටවාගෙන ගිය ලොරියේ රියැදුරු, මීරිගම ප්‍රදේශයේ සුරාබදු කාර්යාලයේ රාජකාරී කරනු ලබන සුරාබදු පරීක්ෂකවරයකු සහ සුරාබදු රියැදුරකු බව පොලිසිය පවසයි.
බීඩි කොළ ලොරියට ආරක්ෂාව සැලසීම සදහා සුරාබදු නිලධාරීන් යොදාගත් වෑන් රථයක්, බීඩිකොළ ලොරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කිසිදා නෑසූ මෙවැනි පුවත් දැන් දැන් සුලබව අසන්නට ලැබීම සතුටට කරුණකි.
ආගමන විගමන, මෝටර් ට්‍රැෆික්, පොලිසිය, බන්ධනාගාර හරි... සුරාබදුත් ටිකක් දඟලනවා වගේ...
මේ රට කොහොමද මේ දූෂිතයින්ගෙන් බේරාගන්නේ, නීතිය ආරක්ෂා කරන්න ඉන්න කෙනා නීතිය කඩන කොට...!
ජනාධිපතිතුමා මේ කතාව තමයි මිහින්තලේදී කලේ, නීතිය රකින අය නීතිය කඩනවාට රැකවරණය දෙනවා. ඔය සුරාබදු නිලධාරින්ට පළාතේ බාර් කාරයෝ සලකනවා, ඒ අයගේ කීමට රට බීම අඩුවට ගතහැකියි... ඒක මම දන්නා දෙයක්, එයලාගේ වත්කම් හොයන්න. ලේසියෙන්ම රටට නැතිවෙච්චි සුරාබදු අයකරගත හැකියි. වෙනස මේ රජය යටතේ මේවා එකින් එක හෙලිවෙනවා සමහරවිට දේව ක්‍රියාවකින් වගේ, සමහර අය කලබල වෙලා රටේ පරිපාලනය බිඳ වැටිලා නිසාලු මෙහෙම වෙන්නේ, ඇත්ත ඒක නෙවෙයි, දැන් තමයි පරිපාලනය නිසි මගට ඇවිත් තියෙන්නේ.