IMG-LOGO

ශාරීරික දඬුවම් තහනම් කරන්න පනතක් එයි

(අංජුල මහික වීරරත්න)

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත (ශාරීරික දඩුවම්) සඳහා සංශෝධන සඳහා පනත් කෙටුම් පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම මඟින් හිංසනයට ලක් කිරීම තහනම් කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, අදාළ කාර්යය සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ශාරීරික දඬුවම් තහනම් කරන්න පනතක් එයි

Kamal Koyrala Wednesday, 11 June 2025 01:57 PM

අමාත මණ්ඩලයේ ප්‍රතිපත්තිය ප්‍රසිද්ධ කළ යුතු අතර නීති විශාරදයන් මගින් එය අනුමැතියට පෙර සලකා බැලිය යුතුයි. මේ සංශෝධන කොහෙත්ම කිසිවෙකුට පහර දීම හෝ අතතැබීමවත් තහනම් කළ යුතුයි. එමෙන්ම මෙය පාසල් තුළ ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද? වේවැල තහනම්ද යන්නත් පැහැදිලි කළ යුතුයි.

:       0       0

Deshabandu Thursday, 12 June 2025 09:47 AM

පොලිසියටත් අදාලද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 445 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 616 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site