
(අංජුල මහික වීරරත්න)
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩ තහනමට ලක්ව ඇති කාල සීමාවේදී අඩක් පමණක් ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදු කෙරෙන විමර්ශන අනුව තුෂාර උපුල්දෙනිය මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ලේකම්ගේ පඩියෙන් භාගයක් කපන්නේ නැතැයි?
ඇත්තටම වැරැදි කරපු නිලධාරීන්ට දඬුවම් දිය යුතුයි. එකට ආයේ වාද විවාද නැහැ. නමුත් පහළ නිලධාරීන් තම අභිමතය පරිදි කරන වැරැදි නිසාවෙන් ආයතනයේ ඉහළම නිලධාරියාව හිතාමතාම අපහසුතාවට පත්කිරීම අනුමත කරන්න බැහැ. මෙහෙම ගියාම වෙන්නේ රජයේ ආයතනවල වගකීම් දැරීමට පිරිස් නැතිවී යාමයි. කොහොම වුණත් රජයේ සේවකයින්ට ඒ කාලේ පුනරුදයට යන්න තිබුණු කැසිල්ලට මෙහෙම වෙන්නත් ඕනෑ...