
(අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවේගී මාර්ග - අදියර IV (කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගය) ඉදිකිරීම වෙනුවෙන් දැනට අත් හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර IV (කුරුණෑගල - දඹුල්ල) සඳහා අත්ක කර ගත්, වන්දි මුදල් කොටසක් ගෙවා ඇති ඉඩම් කැබලි සඳහා ඉතිරි වන්දි මුදල් ගෙවීමටත්, වන්දි මුදල් නොගෙවූ ඉඩම් කැබලි ඉඩම් අත්පත් කර ගැනීමේ පනත ප්‍රකාරව අවසතු කිරීමටත් 2023-03-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර IV ව්‍යාපෘතියේ ඉඩම් අත්කර ගැනීමේ ක්‍රියාවලියේ භෞතික ප්‍රගතිය 73.2%කි. විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර හා මධ්‍යම පළාත් වෙත ප්‍රවේශ වීමට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක මාර්ග පද්ධතියක අවශ්‍යතාව සපුරා ගැනීමටත්, සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ අපේක්ෂිත පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමටත් මධ්‍යම අධිවේගී මාර්ගය අදියර Iv සම්පුර්ණ කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර IV ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කොටසට අදාළ ඉදිරි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දැනට අත්හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයිවේ කන්නද ලොක්කා...!
දවසේ පචය...!
ඇඹුල් තියල් ගේන්න, සහෝදරයා...!