IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අපි වෙනුවෙන් අපි අරමුදල මියගිය ආබාධිත රණවිරුවන් අමතක කරලා

(සුජිත් හේවාජුලිගේ)

අපි වෙනුවෙන් අපි අරමුදල  නිවාස ආධාර පිරිනැමීමට 2020- 21 වර්ෂවලදී ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ක්‍රියාන්විත රාජකාරියන්හිදී මියගිය,  පූර්ණ ආබාධිත හෝ අර්ධ වශයෙන් ආබාධිත පාර්ශවවලට ප්‍රමුඛතාව ලැබී නොමැති බව එම අරමුදල සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විශේෂ විගණන වාර්තාවේ  දැක්වේ.

නිවාස  ආධාර ලබාදීමේදී වැඩි අවධානය යොමු කර ඇත්තේ සේවයේ නියුතු පුද්ගලයන් වෙත බව නිරීක්ෂණයවී යැයිද  එම වාර්තාව සඳහන් කරයි.

2010 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වසර දහතුනක කාලයේදී ප්‍රතිලාභ හිමි ලැයිස්තු පරීක්ෂාවේදී  ප්‍රතිලාභ ලබාදී තිබුණු අවස්ථා 3080 ක් අතරින් සියයට 71 ක් එනම්  අවස්ථා 2195ක් ලබාදී තිබුණේ සේවයේ නියුතු කාණ්ඩ වෙත බව විගණන අංශ පවසයි.

ප්‍රතිලාභවලින්  සියයට 29ක්  එනම්  අවස්ථා 85ක් පමණක් ක්‍රියාන්විත  රාජකාරියේදී මියගිය හෝ ආබාධිත වූ රණවිරු කාණ්ඩවලට  වෙන්කර තිබූ බව පවසන  එම වාර්තාව 2020 වර්ෂයේ දී යුද හමුදා සාමාජිකයන් පනහක් සඳහා  අර්ධ නිවාස අාධාර පිරිනමා තිබුණත් ඉහළ ප්‍රමුඛතාව සහිත නිර්දේශිත පුද්ගලයන් 315ක් අතුරින් ඊට තෝරාගෙන තිබුණේ  පහක්  පමණක්  බව සඳහන් කරයි.

තවද ශ්‍රී ලංකා යුද හමුදාව 2021 වර්ෂයේ අර්ධ නිවාස ප්‍රතිලාභ ලබාදීමේදී ක්‍රියාන්විතවලදී  මියගිය හෝ ආබාධිත බවට පත්වූ රණවිරුවන් 187ක් අතුරින් 17 දෙනකුට පමණක් ප්‍රතිලාභ ලබාදී තිබියදී  දැනට සේවයේ නිරත  76ක් අතුරින් 67 දෙනෙකුටම  ප්‍රතිලාභ ලබාදී තිබූ බව  පෙනී ගොස් ඇතැයි විගණන  වාර්තාව සඳහන් කරයි.

අපි වෙනුවෙන් අපි අරමුදලේ කාර්ය සාධනය ඇගයීම පිළිබඳ  මෙම විශේෂ විගණන වාර්තාව පසුගියදා නිකුත් කෙරිණි.



අදහස් (1)

අපි වෙනුවෙන් අපි අරමුදල මියගිය ආබාධිත රණවිරුවන් අමතක කරලා

රුවන් Thursday, 12 June 2025 02:39 PM

දිලිත් ජයවීර කෝටිපතියෙක් වුන දැවැන්ත වැඩසටහන. ඉතා කුඩාවට දැන්වීම් ඒජන්සියක් කරපු දිලිත් අපි වෙනුවෙන් අපි ප්‍රචාරක වැඩසටහන භාරගෙන වසරෙන් දෙරණ ආයතන දැම්මේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site