IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නැවේ ගින්න නිවන්න අමාරුයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ වැන් හෙයි 503 භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබූ අන්තරායකර බහාලුමක් කේරළ වෙරළට නාවික සැතැපුම් 88 ක් ඔබ්බෙන් පුපුරා යාමෙන්  හටගත් ගින්න නිවා දැමීමට  ඉන්දීය වෙරළ ආරක්ෂකයන් අසමත් වී තිබිණි.

ගින්න හටගැනීමත් සමග අතුරුදන්වූ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවුදෙනා පිළිබඳව  තොරතුරක් ලැබී නොතිබිණි.

ගින්න හට ගැනීමත් සමග එහි තිබූ බාහාලුම් කීපයක් මුහුදට වැටී ඇති බවත් ඊයේ(10) වනවිට නැව ඇලවීමට ආරම්භ වී තිබූ බවත් ඉන්දීය වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.

ඉක්මනින් ගින්න නිවීමට අපොහොසත් වුවහොත් නැව මුහුදුබත් වීමේ වැඩි අවස්ථාවක් ඇතැයි බවද ඉන්දීය වෙරළ ආරක්ෂකයෝ පැවැසුවේය.

වැන් හෙයි 503 භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගින්න හටගත් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ කොළඹ වාරයේ සිට ඉන්දියාවේ මුම්බායි වරාය වෙත ගමන් යාත්‍රා කරමින් තිබුණේය.

බහාලුමක් පිපිරීයාමත් සමග එහි සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන් 18 දෙනෙකු දිවි බේරාගත් අතර සිවු දෙනෙකු අතුරුදන් වූවේය. අතුරුදන්වූ සිවුදෙනාගෙන් දෙදෙනෙක් තායිවාන ජාතිකයන් බවත් අනෙක් දෙදෙනා මියන්මාර සහ ඉන්දුනීසියානු ජාතිකයන් බවත් ඉන්දීයානු වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ බහාලුම් 157 ක් තිබී ඇති බවත් එම බාහාලුම් විවිධ අන්තරායකර මට්ටම්වලට අයත් ඒවා බවත් ඉන්දීය වෙරළ ආරක්ෂකයෝ පැවැසූහ. දුම්මල ද්‍රාවණය, නයිට්‍රොසෙලියුලෝස්, ඩයසිටෝන් මධ්‍යසාර, තීන්ත, හයිඩ්‍රොකාබන්, ටර්පන්ටයින්, නැප්තලීන් සහ කාබනික ලෝහ ද්‍රව්‍යයද එම බහාලුම්වල තිබී ඇති බවත්  නැවේ පිපිරීම් වාර්තා වී තිබෙන බවත් ඉන්දීය වෙරළ ආරක්ෂකයෝ ප්‍රකාශ කළහ.

 



අදහස් (3)

නැවේ ගින්න නිවන්න අමාරුයි

Kule Tuesday, 10 June 2025 11:45 PM

අන්තරායදායක ද්‍රව්‍යයන් ප්‍රවාහනය කරන නැව් නියාමනය කර ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට ලෝක පාලකයින් පියවර ගත යුතුයි. නැතිනම් තවත් විනාශයන් ඇතිවිය හැකියි.

:       0       0

Pankumburage Wednesday, 11 June 2025 05:04 AM

අර්චුනාගෙන් අහන්න ප්‍රභාකරන්ගේ බඩු වෙන්න ඇති...

:       0       0

prasanna Wednesday, 11 June 2025 07:19 PM

අපේ රටේ මුහුදු තීරයේ මෙම ගින්න ඇති වුණා නම් දැන් දේශපාලුවන් අසූචි වලින් ගහගන්න පටන් අරගෙන, ගිනි නිවලා පැත්තක තියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site