ගාල්ල බන්ධනාගාරයේ තාප්පය උඩින් තවත් පාර්සලයක් දුම්කොල ලයිටර සහ පිහි තලයක් අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරය තුලට දමා තිබිය දී අද(04)වන දා සවස සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 04 February 2025
සාම්ප්‍රදායික පක්ෂ කඩා වැටී අවසන් ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය. 04 February 2025
යාපනයේත් නිදහස් දින සැමරුම් යාපනය දිස්ත්‍රික්කයේ දී ද අද(04)වන දා ජාතික නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි. 04 February 2025
කොළොන්නාව ගංවතුර ප්‍රශ්නයට අගමැතිනී මැදිහත් වෙයි කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් අද පැවැත්විණි. 04 February 2025
සේවක අර්ථසාධක අරමුදලට අලුත් ලියාපදිංචියක් සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක්(AH ලියාපදිංචි කිරීම)අරඹා ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. 04 February 2025
අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි මහරගම අපේක්ෂා රෝහල සඳහාවූ පරිත්‍යාග ගිණුමේ තිබූ රුපියල් කෝටි හතළිහක අරමුදල් 2022 හා 2023 වර්ෂයන්හිදී කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 04 February 2025
තාත්තයි - පුතයි පිහියෙන් ඇණගෙන අම්බලන්තොට රුහුණු රිදියගම දියවර ගම්මානයේ නිවසක අද දහවල් පිය පුතු දෙපළක සිදු වූ පිහිය ඇණුමකින් දෙදෙනාම තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත. 04 February 2025
සැබෑ නිදහස ඉල්ලා උතුරේ විරෝධතා යුද සමයේ අතුරුදහන්වු ඥාතීන් සෙවීම හා උතුරේ අහිමිවු සිය ඉඩම් ලබා නොදීම මත තමන්ට නිදහසක් නොමැති බව සඳහන් කරමින් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් අද (04) කිලිනොච්චිය නගරයේ කළු කොඩි ඔසවමින් විරෝධතාවක නිරත වූහ. 04 February 2025
‘‘එජාප - සජබ සාකච්ඡාවලට පසුපෙල විරෝධයක් නෑ‘‘ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බවට පැතිරෙන කථා අසත්‍යයක් බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 04 February 2025
රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ් උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප්‍රශ්න පත්‍ර සැලසුම් සහගතය ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ජායා රූප ගත කොට තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයකුට වට්ස් ඇප් ඔස්සේ යැවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැඩ බලන විදුහල්පතිවරයා මස 7 දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහයතා නියෝග කළේය. 04 February 2025
’’රෝග මඩින්න ව්‍යායාමත් ඖෂධයක්’’ රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 04 February 2025
ලුණු ගෙන්වීමට පෞද්ගලික අංශයටත් අවසර පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස පෞද්ගලික අංශයටත් ලුණු ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ. 04 February 2025
සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවේ ලොරි මඟඩියක් සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනකු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 04 February 2025
අම්බලන්තොට ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ් අම්බලන්තොට බැමිණියන්විල ඇලේගොඩ ත්‍රි පුද්ගල ඝාතනයේ සැකකරුවන් හතර දෙනා මේ මස 13 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහතා අද නියම කළේය. 04 February 2025
විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු රුපියල් තිස් නව ලක්ෂ තිස් දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262 ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (4) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . 04 February 2025
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි 77වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් කතෝලික ආගමික දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින බොරැල්ල සියලු සාස්තුවරයන්ගේ දේවස්ථානයේදි පැවැත්විණි . 04 February 2025
ගම්පහ රණවිරු ස්මාරකය විවෘත කරයි තිස් වසරක යුද්ධය හේතුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගම්පහ නගරය මධ්‍යයේ ඉදිකරන ලද ’’ රණවිරු ස්මාරකය ’’ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙමොහොට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන්,77 වන නිදහස් දිනය සැමරූ අද (4) පෙරවරුවේ විවෘත කළේය. 04 February 2025
බංගලා තක්සේරු වාර්තාව කැබිනට්ටුවට ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. 04 February 2025
නිදා සිටි බිරිඳට පිහියෙන් ඇන මරා දමලා තම දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරිදව පිහියකින් ඇණ ඝාතනය කර සැමියා නාවලපිටිය පොලිසියට අද (04) දින අලුයම භාර වි ඇති බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසිය. 04 February 2025
ලොව දෙවැනි ලස්සනම විවාහක රැජින දිවයිනට 40 වැනි ලෝක විවාහක රූ රැජින තරඟාවලියෙන් අනුශූරතාව දිනාගත් ඉෂාදි අමන්ද අප පෙරවරුවේ දිවයිනට පැමිණියාය. 04 February 2025
පොල්වත්ත පන්සලේ නිදහස් උත්සවය 77 වන නිදහස් දිනයට සමගාමීව වාර්ෂික සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උළෙල කොල්ලුපිටිය ධර්ම කිර්තයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. 04 February 2025
ජාතික ගීය දෙමළ බසිනුත් ගයයි ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමෙන් පසු 77 වැනි ජාතික නිදහස් උළෙල සමාප්තියට පත්විය. 04 February 2025
බලන් නිදහස් නර්තනයේ හැඩ සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු කලා සම්ප්‍රදායන් නිරූපණය වන පරිදි නිදහස් දින සංස්කෘතික සංදර්ශනය හැඩවිය. 04 February 2025
වන්නියලැත්තොත් නිදහස් උළෙලට ඇවිත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ද 77 වන ජාතික නිදහස් උළෙල සඳහා සහභාගී වී සිටී. 04 February 2025
නිදහස් සම්මාන පෙළපාළිය ඇරැඹේ ජාතික නිදහස් සම්මාන පෙළපාළිය කොළඹ නිදහස් චතුරස්රයේදී ඇරඹිණි. 04 February 2025
පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී අක්‍රමිකතාවක් පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවන ලද රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව එම ගෙවීම් ලබාගත් තැනැත්තාගෙන් එසේ ගෙවීම ලබාගත් බවට තහවුරුවක් ලබාගෙන නොතිබූ බවත් එය නීති රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ ක්‍රියාවක් බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 04 February 2025
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිට පුෂ්පෝපහාර 77 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙලට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද 4 වෙනිදා කොළඹ නිදහස් චතුරස්රයේදී සිදුකෙරිණි. 04 February 2025
අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන් රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය. 04 February 2025
නිදහස් උළෙලට සජිතුත් එයි 77 වන නිදහස් සමරු උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වී සිටී. 04 February 2025
ජනපතිගේ තනියට යතුරුපැදි තුනක් පමණයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 77 වන ජාතික නිදහස් උළෙල සඳහා නිදහස් චතුරස්රයට පැමිණියේ පොලිස් යතුරුපැදි තුනක් පමණක් පෙරටු කරගෙනය. 04 February 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026