
(හේමලතා ඩී හේවගේ)
දඹදෙණිය කර්මාන්ත පුරය මාර්ගයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා කමැති යතුරුපැදියක් සොරකම් කළ 16 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ සඟවා තිබූ යතුරු පැදිය ද සමඟ අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා ගිරිඋල්ල මල්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.
සැකකාර පාසල් සිසුවා සමඟ මෙම සොරකමට සම්බන්ධ බවට සැක කරන තවත් අයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරයි.
සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙලෙස යතුරු පැදි සොරකම් කර ඒවා කැබලි වලට ගලවා කොටස් අලෙවි කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවසේ සඟවා තිබියදී අත්අඩංගුවට පත් වෙයි කියලා පුවතේ සඳහන් වෙනවා. මේට පෙරත් එවැනි දේවල් කරලා තියෙනවා. එහෙමනම් එම නිවසේ දෙමව්පියන් ඔහු සමග සිටිනවානම්, ඔවුන්ගේ ආශීර්වාදයත් ලැබිලා තියෙනවා. සුරාබදු නිවසේ සඟවා තැබීමට බාල වයස්කරුවෙකුට විශේෂයෙන් තම පුතුට ආධාර, අනුබල දීම සම්බන්ධව, පොලීසිය ඇයි එම දරුවාගේ දෙමව්පියන්වත් (දෙමව්පියන් ඔහු සමග සිටිනවානම්) අත්අඩංගුවට ගන්නෙ නැත්තේ?