
(බර්ටි වීරසිංහ)
කටාන කටියල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ගිනිඅවි නිෂ්පාදන කම්හලක් වැටලු මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශය එම කම්හල පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු ඔවුන් නිෂ්පාදනය කළ බව කියන ගිනි අවිතුනක් විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ රිවෝල්වරයක කොටසක් සමග අද 17 දින අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවෙස් වල සඟවා තිබූ ගීනිඅවි අතර විදේශීය රටක නිශ්පාදිත රිවෝල්වරයක් මෙරට නිෂ්පාදිත ටි 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කොටන තුවක්කුවක් බදින තුවක්කුවක් සහ රිවෝල්වරයක කොටසක් තිබු බව පොලිසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක් සහ ගිනිඅවි නිෂ්පාදනය සදහා භාවිතා කළ බවට සැකකරන ග්‍රයින්ඩර්යක් ඩ්‍රිල් මැසිමක් ඇතුළු උපකරණද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනා දෙමස්සිනාලා බවත් මොවුන් විසින් ගිනි අවි නිපදවා වෙනත් පුද්ගයන්ට අලවිකර ඇත්නම් ඔවුන් හදුනා ගැනීමට සහ ඒවා අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන සිදු කිරීමට හෙට 18 දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ පුංචි දඬුවමක් දීල නිදහස් වෙනව. මේවට බරපතල දඬුවම් දීමට නීති සම්පාදනය නොකර ඔය කරන වැටලීම්වලින් ඇති පලේ මොකක්ද පාලකයන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ උන් බීරි අලි වගේ. නිශ්පාදනය ලඟ තබා ගැනීම සහ භාවිතයට උපරිම දඬුවම් දුන්නොත් අපරාධ බොහොමයක් පාලනය වෙනව. පහුගිය ආණ්ඩු වලින්නම් දේශපාලන රැකවරනය තිබුන. දැන් එහෙම නොවෙයි කියල අපි හිතමු.
ගිනි අවි නිස්පාදනය කල පුද්ගලයන්ගේ දුරකථන ( CELL phones ) පරික්ෂ කිරීමෙන් ඔවුන් සමග ගනුදෙනු කල සහ ගිනි අවි මිලදී ගත පුද්ගලයන් ( suppliers and customers ) සොයාගැනීමට හැකිය. මෙම ගිනි අවි මගින් මිනිස් ඝාතන, මත් ජාවාරම් වනසතුන් මැරීම, පුද්ගලයන් බිය ගැන්වීම්, වන අලින්ට වෙඩි තැබීම වැනි හේතුන් නිසා ගිනි අවි නිපදවූ පුද්ගලයන් සහ මිලදී ගත පුද්ගලයන් පිළිබද නිතිය ක්‍රියාත්මක විය යුතුවේ. ඔවුන් අලෙවි කල ගිනි අවි සියල්ල නැවත පොලිසි වෙත බාරගැනීම සිදු විය යුතුවේ
පරණ ජෙප්පෝ වෙන්න බැරිද? ගල්කටස් හදාගෙන මිනී මැරුවේ ඒ අය, පොලිසි වලට පැනලා ආයුධ පැහැරගත්තේ ඒ අය...