
(සුජිත් හේවාජුලිගේ)
වෘත්තීය සමිති 59ක් විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
සෑම වෘත්තීය සමිතියක්ම වෘත්තීය සමිති ආඥා පනත අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.
මේ අනුව ඉකුත් 2023 වර්ෂයේදී පමණක් වෘත්තිය සමිති 128ක් ලියාපදිංචි කර ඇත.
රටේ දැනට වලංගු මුළු වෘත්තිය සමිති සංඛ්‍යාව 2122කි.
මේ තොරතුරු සඳහන් වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවේය.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘර්තිය සමිතියක් ආරම්භ කිරීමට නම් නීති ( කොන්දේශි ) මාලාවක් සම්පාදනය විය යුතුවේ. ආයතනයක් තුල වෘර්තිය සමිති කටයුතු කලයුතු වන්නේ එම ආයතනය දියුණු කිරීමට සහ එම දියුණුවත් සමග සේවකයන්ට ප්‍රතිලාබ ලබාගැනීමේ අරමුණින් විය යුතුවේ. දේශපාලන පක්ෂ ප්‍රවර්දනය කරන්නා වූ වෘර්තිය සමිති සමග රටවල් දියුණු කල නොහැකිය
රට බංකොලොත් වුනේ මේවා හින්දා තමයි. කෙහෙළිය රඹුක්වැල්ල විතරක් 2019-2024ට ඩොලර් මිලියන 350-500 සොරකම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන ගානක් කැබිනට් ඇමතිලාම හොරකම් කරලා තියෙන්නේ. ඉතිං රට මෙහෙම හරි තියෙන එක දේව හාස්කම් නෙමෙයි ද?
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිතිත් තහනම් කරන්න.
රටේ තියෙන සියළුම වෘත්තීය සමිති-සමාගම් නීතියෙන් සදහටම අවලංගු කලයුතුයි. මොකද, මෙවැනි සමිතිවලින් රටට වැඩකුත් නෑ, වෘත්තිකයන්ට වැඩකුත් නෑ. සෑම වෘත්තීය සමිතියකින්ම හැමදාම වුණේ පවතින රජයේ තීන්දුවලට හරි හෝ වැරදි හෝ, විරුද්ද වීම පමණමයි. මේ සියළුම වෘත්තීය සමිති-සමාගම්, නිල්, කොළ, රතු ආදී පක්ෂ-පාට පෙරදැරිකරගෙන හදාගත්තුවා. රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව අපා දුක් විඳිද්දී, දේශපාලකයෝ සහ කොටසක් රාජ්‍ය නිලධාරීන්, සුපිරි ආතල් ගත්තා වගේම, සියළුම වෘත්තීය සමිති-සමාගම්වල නායකයෝ යැයි කියාගන්නා උදවියද සුපිරි ආතල්ම අරගෙන ඒගොල්ලො පවුල් පිටිං දියුණු වුණා. කෙනෙක් කුලපති, තවකෙක් හිටපු ජනපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජෙනරාල්, තව බොහොමයක් වැඩි වැටුප්-දීමනා සමග වාහන පර්මිට්, තව කොටසක් දැන් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ රජයේ නොයෙකුත් තනතුරු දරනවා. අහිංසක වැඩකරන ජනතාවට සැමදාම අබසරණයි.