මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහ විපක්ෂය නියෝජනය කරන එහි සහායක දේශපාලන පක්ෂවල අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිත වශයෙන්ම ඉදිරිපත් වන බව සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඔස්සේ සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීම සදහා අයදුම්පත‍්‍රයක් පසුගිය 6 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා භාර දී තිබෙන බව ද සන්ඬේ ටයිම්ස් පුවත් පත සහතික කරයි.

මෙම සතියේ විවාහ මංගලෝත්සවයකට සහභාගීවීම සදහා ලොස් ඇන්ජලිස් නුවර බලා යෑමට නියමිත ඔහු ඒ අතරවාරයේම සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමේ කටයුතු කඩිනම් කරගැනීම සදහා එරට බලධාරීන් ද හමුවනු ඇත. මෙම කි‍්‍රයාවලියට මසකට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව ගෝඨාභය මහතාට දැනටමත් දැනුම් දී තිබේ.
ගෝඨාභයගේ අපේක්ෂකත්වයට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ ද අනුමැතිය හිමිව තිබේ.
දෙපක්ෂයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති හමුවක දී මෙම තීරණය සම්බන්ධයෙන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දැනුම්වත් කළ යුත්තේ කවුරුන්දැයි පැනයක් මතු වූ අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා නැගී සිටිමින් ”මම ඒක ඔහුට පැහැදිලි කරන්නම්” යැයි කීවේය. නමුත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කීවේ නානායක්කාර මහතා එසේ නොකළ යුතු බවයි.
ජනපතිවරයාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු වන්නේ තමා බව රාජපක්ෂ මහතා කීවේය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී තමා රටේ අගමැතිවරයා බවට පත්කිරීම දක්වා දිවූ සංවාදයක් ගොඩනැගී තිබූයේ ජනපතිවරයා හා තමා අතර බව ඔහු පැහැදිලි කළේය. කෙසේවුවත්, මෙය වහාම සිදුනොකෙරෙනු ඇත.
විපක්ෂයේ කටයුතු පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් පවසා සිටි ආකාරයට එය බොහෝ විට සිදුවනු ඇත්තේ මැයි හෝ ජූනි යන මාසවලින් එකකය. එසේ කිරීමෙන් ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමේ හැකියාවක් පවතින්නේදැයි නිශ්චිතව දැනගැනීමට අවැසි තරම් කාලයක් විපක්ෂයට ලැබෙන බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැහැදිලි කළේ ය.
නමුත් ජනපතිවරයා මේ බව ඒ වන විටත් දැනගෙන තිබිණ.
පසුගිය ඉරිදා ඔහු නැවත දිවයින බලා පැමිණ පැය කිහිපයක් ගතවීමට මත්තෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න යන මහත්වරුන් කඩිනමින් ඔහුව හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහ එහි සහායක පක්ෂවල ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඔවුහු එම හමුවේ දී ජනපතිවරයා ඉදිරියේ කියා සිටියහ.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පවා එම තීරණයට ඔවුන්ගේ ආශිර්වාදය ලබා දී තිබෙන බවද ඔවුහු කීහ. මෙම පුවත නිසැක වශයෙන්ම ජනපතිවරයා කම්පනයට පත්කිරීමට සමත්වූවක් විය. තත්ත්වය එසේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සමග පොදු සන්ධානයක් තනාගත යුතුව තිබෙන්නේ මන්දැයි විමසා සිටීම ජනපතිවරයාගේ ක්ෂණික ප‍්‍රතිචාරය විය.
පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමග පැවැති රැුස්වීමකදී, මැයි දින රැළියක් සංවිධානය කළ යුතුව තිබෙන බවටත් - විශාල ජනතාවක් ගෙන්වා පක්ෂයේ දේශපාලන ශක්තිය පෙන්වා සිටිය යුතු බවටත්, ඔහු උපදෙස් දුන්නේය. රැලිය පැවැත්වීමට ස්ථානය ලෙස තෝරා ගැනුණේ ගම්පහ මිරිස්වත්ත කි‍්‍රීඩාංගනයයි.
පසුගිය ජනපතිවණයේ දී ජනපති සිරිසේන මහතා ගම්පහ දිස්ති‍්‍රක්කය ජයග‍්‍රහණය කළේ යන්තම් ඡුන්ද 5000 කිනි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමග පැවැති හමුවේ දී පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හ`ඩ අවදි කරමින් ”මේක තමයි අපේ අවසන් අවස්ථාව, අපි අපේ ශක්තිය පෙන්විය යුතුමයි” යැයි කීවේය. කතාව මැදදී ඔහුට හරස් කැපූ ජනපතිවරයා, ”මේක තමයි අලූත්, ශක්තිමත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයක ආරම්භය” යැයි අවධාරණය කළේය. දෙදෙන අතර මෙම හමුව පැවැත්වුනේ ජනපති සිරිසේන මහතා කුරුණෑගල බලා යෑමට මත්තෙනි.
කෙසේ වෙතත් ජනපති සිරිසේන මහතා කෙතරම් පීඩනයකට ලක්ව සිටියේද යත්, මහින්ද රාජපක්ෂ මහතා මුහුණට මුහුණ හමුවීමට ඔහු උත්සාහ කළේය. එයටම අවස්ථාව සළමින් දෝ, පසුගිය සදුදා ජනපතිවරයා හා විපක්ෂ නායකවරයා අවස්ථා 3ක දී එකිනෙකා මුණගැසුණහ.
x අල්ලස් හෝ දුෂණ කොමිසම සකස් කළ අල්ලස හා දුෂණය පිටුදැකීම සදහා වූ කි‍්‍රයාකාරී සැළැස්මක් ප‍්‍රකාශයට පත්කළ අවස්ථාව එදින දෙදෙන හමුවූ පළමු වතාව විය. මහා පරිමාන දුෂණ හා වංචාවලට වැට බැඳීම නිසා නොව, අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට මාධ්‍ය අවධානය යොමුව තිබෙන්නේ කි‍්‍රයාකාරී සැළැස්මක් ප‍්‍රකාශයට පත්කිරීම නිසා විය හැකිය.
x දෙවැනි අවස්ථාව වූයේ විවාහ උත්සවයකි.
x මහගමසේකර මාවතේ ජනපති නිල නිවස්නයේ දෙදෙන අතර පැවැති හමුව තෙවැන්නයි.
පසුගිය ඉරිදා මෙසේ දෙදෙන අතර පැවැති හමුව විනාඩි 40ක පමණ කාලයකට සීමා විය. සාකච්ඡුා වූයේ කුමන කරුණු ද යන්න ගැන කිසිත් දැනගැනීමට හැකියාවක් නැතත්, නායක දෙපළ ඔවුනොවුන්ගේ හිතවතුන් සමග හුවමාරු කරගත් අදහස් ඇසුරින් සාරාංශයක් ගොඩනැගීමට සන්ඬේ ටයිම්ස් හට හැකිය.
පසුගිය සමයේ සිය හැසිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට කරුණු පැහැදිලි කරදීමට දැඩි උත්සාහයක් ගත් ජනපතිවරයා, තමා කිසිදු අයුරකින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ගැති අයුරින් කටයුතු නොකරන බව අවධාරණය කළේය. මෙම කරුණ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් මනා ලෙස විග‍්‍රහ කැරුණු අතර, එක්සත් ජාතික පක්ෂය හා අදහස් හුවමාරු කරගැනීමට අමතරව අයවැය දෙවන වර කියැවීමේ දී සිය වැය ශීර්ෂය සම්මත කරදීමට සහාය ලබාදීම අරබයා ඔවුන්ට හිතැති ලෙස ජනපතිවරයා කටයුතු කළ ආකාරය ද, පසුගිය සතියේ විස්තර කැරිණ.
ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට දුන් පොරොන්දුවට වෙනස් ආකාරයකට කටයුතු කරමින් ඔහු අභියාචනාධිකරණ සභාපතීත්වයට වෙනත් පුද්ගලයකු ද යෝජනා කර තිබිණ. කෙසේවුවත් පසුගිය සදුදා ව්‍යවස්ථා කවුන්සිලය හමුවූ අවස්ථාවේ, ජනපතිවරයා ලියා දන්වා එවා තිබෙන්නේ සභාපතිවරයකු පත් නොකරන ලෙසත්, තමන් වෙනත් නාම යෝජනාවක් ඒ සදහා එවන බවත්ය. එය සාමාජිකයන්ට දැනගත හැකි වූ අතර, ඒ අනුව රැස්වීම කල් තැබිණ.
පසුගිය ඉරිදා නැවත හමුවූ ව්‍යවස්ථා සභාව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස ඒකමතිකව පිළිගත්තේ ය. ඔහුම පෙර අවස්ථාවක යෝජනා කර තිබූ පරිදි දීපාලි විජේසුන්දර මහත්මියගේ නාම යෝජනාව ජනපති සිරිසේන මහතා විසින් ඉවත් කරගනු ලැබ තිබූ නමුත් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහ එහි සහායක පක්ෂවල කැමැත්ත ද හිමිව තිබුණේ ඇයටය.
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
පුස්තකාල ඡායාරූපය : නිසල් බදුගේ
COMMENTS
තවත් ස්ටාලින් කෙනෙක් පත්කරන්න තමා ලංකාව හදන්නේ.
දේශපාලනේ ඇන්දිල්ලක් අන්තිමට තමන්ගේම ඉලක්කයට යනවා නේද?
පවුල් පාලනේ කෙනෙක් මිස වෙන කෙනෙක් ඇත්තේම නැද්ද?
අතීතය අමතක මේ මිනිසුන් අතවනන්නේ තවත් සුදු වන යුගයකටද?
නිකන් ජනයා රවටන්න එපා පුරවැසිභාවය තමන්ට අහෝසි කරගන්න ඉල්ලා සිටිය හැක එය රජය පිළිගතයුතු කරුණු ඉදිරිපත් කල යුතුයි විශේෂයෙන් මොහුගේ ක්‍රියාකලාපය අනුව තිබෙන චෝදනා අනුව එසේ කිරීමට ලෙහෙසි වෙන්නේ නැත ..මොහු කියා තිබුනා මේ ප්‍රශ්නය නිරාකරණය කරගත්තා කියලා .. එහෙනම් මොකටද ආයිමත් අයදුම්පතක් දානවා කියන්නේ ? ඒ වගේම රටේ සම්පත් අවභාවිත කර අසුවී නඩු ගෝනියක් විභාග කරමින් සැකකරුවෙක් ලෙස ඉන්න මොහුට ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව ජනපති වරණයට නොව රජයේ කිසිම ආයතනයක පියන් තනතුරකට වත් අයදුම් කරන්න බැහැ.
අපේ රටේ ජනාධිපති ගේ තනතුරෙන් දැන් රටට ඇති ශක්තියක් කොහෙද ? පසුගියදා පාර්ලිමේන්තුව විසිරුවාට පසු ඇතිවූ සිද්ධි මාලාවෙන් පෙනීගියේ රට මෙතරම් ආගාධයකට වැටි තිබියදීත් තවත් ම ඩ ගොහොරුවේම ගිලීමට සැලැස්වූ අපේ දේශපාලුවන්ම ඔවුන්ට වාසි නීති පද්ධතියක් බිහිකළ නිසා අලුතෙන් මොන ජනාධිපති වරයෙකු බිහිකලත් එය පුස්සක් බවට මේ දේසපාලන ක්‍රමය විසින්ම සාදාගෙන ඇති බවකි. ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය වන විට ලංකාවේ මළගම සිදුවී අවසන්. දේසපාලුවෝ වදුරන් සේ පැති මාරුකරමින් උන් යෙහෙන් වැජ ඹේ . අපේ අනාගත ශ්‍රීලංකාව වහසි බස් වලින්ම යටවී යන ආකාරය සෝචනීයයි .
අපිට අවශ්‍ය නායකයා හොඳට පුළුවන් කෙනෙක්. මිනිසුන් නලවලා කරන්න අමාරුයි. අපිට ඕනේ ගෝඨාභයයි.
ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය වන විට ලංකාවේ මළගම සිදුවී අවසන්. දේසපාලුවෝ වදුරන් සේ පැති මාරුකරමින් උන් යෙහෙන් වැජ ඹේ . අපේ අනාගත ශ්‍රී ලංකාව වහසි බස් වලින්ම යටවී යන ආකාරය සෝචනීයයි .
ඝෝඨාභය මහතාට ජනාධිපති වීමට නම් ලංකාවේ 70%ක් වූ සිංහල බෞද්ධ ඡන්දවලින් 50%කට වඩා ලබා ගත යුතුයි. හැබැයි එ.ජා.පයට හා ජ.වි.පෙට සිංහල ඡන්ද 25%ක් වත් තියනවා. අන්ත ජාතිවාදීන් වන මල් පොහොට්ටුවට සුළුජාතික ඡන්ද ලැබෙන්නේ නැත. එතැනයි මේ අයගේ ජනපති සහිනයට ගැටළු මතුවන්නේ... මේ ධුරය අහෝසි කරන එකයි හොඳම දේ... මොකද මේ ධුරය නිර්මානය කළදා සිට මේ රටේ සියළු අාර්ථික හා දේශපාලන තීන්දු ගත්තේ රට උදෙසා නොව, මෙම ධුරය දරන්නා නැවත බලයට පත් වීමේ අභිලාෂය මත හා පුද්ගලික බලය වර්ධනය කර ගැනීම උදේසාය. වැඩිපුරම කරන්නේ රටට වැඩක් අැති දේට වඩා ප්‍රදර්ශනාත්මක දේ. අැස් කන් තියන අය මෑත ඉතිහාසය තුළ දැකලා අැති, අහලා අැති, බුද්ධිය අැති කෙනා එය තේරුම් ගනු අැත. සමහර අයට තේරුම් යන්න තව ටිකක් කල් යනු අැත...
මහජන මතය හැර සියලූ පාර්ශ්වයන්හි කැමැත්ත ගෝඨාභයට.
බහුතර බෞද්ධ ඡන්ද ගෝඨාභය ගත්තත් ඒකාබද්ධයට අමතක නොවන පාඩමක් සුළුතර ජනකොටස් පෙන්වන්නේ මේ පර තමයි. ජාතීවාදය නම් වූ තුරුම්පුවට මුවා වී ඡන්දයක් දිනන්න බැරි බව මෙවර ඔවුන් තේරුම් ගනිවී.
අපි ගෝඨාභයට
රට ගෙන කැක්කුමක් ඇති සැවොම කැමති ගොේඨාභයට. බොරු බිල්ලන් මවාපාන කට්ටිය මොනවා ලිව්වත් සත්‍යය එය තමයි.
මරු අනෙක් අයට ඒකරාශි වීමට පොදු සතුරකු නිර්මාණය කර තිබේ. ගෝඨාභය ඉදිරිපත් වුවහොත් ඔහු පරාජය කිරීමට සියළු විරුද්ධ බලවේග එක්වනු ඇත. මිනිසා සමගි කළ හැකි හොදම දෙය පොදු සතුරතු සිටීමය. මතක තබා ගන්න ජාතිවාදයට විරුද්ධ සියලු දෙනා ඔහුට විරුද්ධ වනු ඇත.