IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


සියලු පක්ෂවල එකමුතුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදමු

ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක නොවන සෑම රටකම පාහේ පවතින්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. ලෝකයේ වඩාත් යුක්ති සහගත පාලන ක්‍රමයක් ලෙස පිළිගැනෙන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් තිබේ.

දකුණු ආසියානු කලාපය ගත් කල ශ්‍රී ලංකාවේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් දියුණු පාලන ක්‍රමයක් සේ පිළිගැනේ. බ්‍රිතාන්‍ය කිරීටය මෙරටට සෙසු රටවලට වඩා කලින් සර්වජන ඡන්ද බලය ප්‍රදානය කළේ අප රටේ දේශපාලන ව්‍යුහයේ එදා පැවති ගුණාත්මකභාවයට හා දියුණුවට පිළිගැනීමක් ලබා දෙමිනි.

1948 දී මෙරටට නිදහස ලැබී දැනට වසර 74ක් පමණ ගතවී ඇත. මෙම වසර 74 තුළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධව මැදහත් අධ්‍යයනයක යෙදෙන්නකුට පිළිගන්නට සිදුවන ප්‍රධානම කරුණක් වන්නේ ගත වූ වසර 74ක කාලයේදී වසරින් වසර ප්‍රජාතන්ත්‍රවාදයේ හරයාත්මක පක්ෂය හෑල්ලු‍ වී ගිය බවයි.

පටු දේශපාලන අරමුණු සහිත දේශපාලන පක්ෂ විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් විසින් ස්ථාපිත කළ අරුත් වනසා දමා තිබෙන බව කනගාටුවෙන් වුව ද පැවසිය යුතුය. ගත වූ 74 වසරක කාලයේ පක්ෂ රැසක් සහ සන්ධාන ආණ්ඩු ගණනාවක් මෙරට ආණ්ඩු කර තිබේ. එලෙස කොතරම් පක්ෂ හා ආණ්ඩු තිබුණ ද ජනතාවගේ ප්‍රශ්න එහෙමමය. ඛේදවාචකය එයයි.

වාර්තා වන ආකාරයට දැනට මෙරට දේශපාලන පක්ෂ 75කට වැඩි ගණනක් මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබේ. මේ වසරේදීත් තවත් පක්ෂ 75කට වැඩි ගණනක් ලියාපදිංචිය සඳහා අයැදුම් කර තිබෙන බවට ද වාර්තා වෙයි. ඒ අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන නව දේශපාලන පක්ෂ සහ සන්ධාන ගණනාවක් ද මේ දිනවල එළිදකිමින් තිබේ.

විවිධ පක්ෂවල කලින් කලට දේශපාලනය කළ වාර ගණනාවක් ජනතාව අත්හදා බැලූ දේශපාලන බවත්හු අලු‍ත් වර්ණ ගන්වාගෙන දේශපාලන පක්ෂ ලෙස හෝ සන්ධාන ලෙස බෞතිස්ම ලබා කරළියට පැමිණෙති. එසේ කරළියට පැමිණෙන දේශපාලනඥයන් සිය දේශපාලන හැව ඇර ඊට පෙර තමන් අනුගමනය කළ ප්‍රතිපත්ති සහමුලින් අමතක කොට අලු‍ත් සුන්දර කතා ජනතාව හමුවේ දෙසා බාති. මෙය නිර්මාණාත්මක අතින් හොඳ ප්‍රයත්නයක් වෙන්නට පුළුවන. එහෙත් ඔවුන්ගේ මෙම රංගනය අසන දකින රටේ දහසකුත් එකක් පීඩිත ජනතාවගේ ගැටලු‍වලට එයින් විසඳුමක් ලැබෙන්නේ නැත.

මේ ආකාරයේ රටපටලැවිලි මතින් ඊළඟ මැතිවරණය ජයග්‍රහණය ඉලක්ක කරගෙන ක්‍රියා කරන දේශපාලනඥයන් සතුව ජනතාවගේ දැවෙන ප්‍රශ්න කිසිවකට නිසි විසඳුම් ඇති බව නොපෙනේ. ඔවුන් සැම කරන්නේ ඊට පෙර පැවති ආණ්ඩුව හොරුන්ගෙන් සහ දූෂිතයන්ගෙන් පිරී පැවති බව කියමින් විරෝධයෙන් ජනප්‍රියත්වය සොයා යාමයි. එහෙත් මෙහිදී ඔවුන් අමතක කරන කරුණ එම පාලන තන්ත්‍රයන්හි දේශපාලන මල් වට්ටියට ඔවුනුත් අතගසා සම්මාදම් වූ බව පමණි.

ලංකාවේ මෑතකාලීන දේශපාලනයේ වංචාව, දූෂණය සහ නාස්තිය ආණ්ඩුකරණයේ ප්‍රධාන විෂය පථයක් වන තරමට ඔඩු දුවා තිබේ. වෙනත් ආකාරයකට මෙය සඳහන් කළහොත් ආණ්ඩුවකට වංචා සහ දූෂණය පිළිබඳ අමාත්‍යංශයක් ස්ථාපිත කරන්නට තරම් හොරුන් බහුල ආණ්ඩු සමයන් අපි පසුකර ඇත්තෙමු.

අද රටේ ඩොලර් නැතිවන්නේත් ජනතාවට අත්‍යවශ්‍ය සම්පත් හිඟ වී ඇත්තේත් මෙම දේශපාලනඥයන්ගේ නිර්ලජ්ජිත හොරකම් සහ තක්කඩිකම් නිසා බවට පොදු සමාජ පිළිගැනීමයි. පසුගිය කාලයේ තරුණ අරගලය ලෙසින් එළිදැක්කේ ඒ සඳහා සමාජය දක්වන දැඩි ප්‍රතිවිරෝධයයි. පවත්නා ආර්ථික පීඩනය මත ඉදිරියේ දී අරගලයක් හටගතහොත් එය ඛේදවාචකයකින් කෙළවර විය හැකි බවට මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීන් හමුවේ පසුගියදා අනතුරු ඇඟවීය.

මේ නිසා දැන් රටට වහා අවශ්‍ය කරන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති සහිත පාලන තන්ත්‍රයකි. ඊට අපට දිය හැකි ආසන්නතම උදාහරණය ඉන්දියාවෙන් ලබාගත හැකිය. එරට සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති තීරණය කරන්නේ ජාතික සැලසුම් කොමිසමයි. එම කොමිසම ඉතා බලවත් ආයතනයක් වන අතර එහි බලය ආණ්ඩු බලය ද ඉක්මවා යාමට තරම් ප්‍රබලය.

එනිසා වරින් වර ආණ්ඩු බලයට පැමිණියද ජාතික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති වෙනස් නොවේ. අපට ද අවශ්‍ය එබඳු තිරසාර සංවර්ධන ක්‍රමෝපායකි. වත්මන් ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ඉදිරි වසර 25කට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා සෑම දේශපාලන පක්ෂයක්ම එක්විය යුතු බවය. එය යහපත් අරමුණක් බව සඳහන් කරනු වටී.

එබැවින් රටේ අනාගතය ගැන අලු‍තින් සිතන පතන දැක්මක් සහිත දේශපාලනයක් රටට අත්‍යවශ්‍ය වී තිබේ. හතු පිපෙන්නා සේ බිහිවන දේශපාලන පක්ෂවලට හෝ සන්ධානවලට වඩා පොදු ජනතාවට වටින්නේ තමන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන ක්‍රමවේදයකි.

ආර්ථික වශයෙන් රට අන්ත ආගාධයකට වැටී සිටින මේ මොහොත එවන් ආරම්භයක් සඳහා සුදුසු අවස්ථාවක් අපට උදා කර දී තිබේ. එයින් ඵල නෙළාගෙන අළු ගසා දමා ජාතියක් ලෙස නැවතත් නැගී සිටීමට සුබ මොහොත එළැඹ ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි.

(***)



අදහස් (2)

සියලු පක්ෂවල එකමුතුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදමු

තමිල් ඉල්ලීම Monday, 12 September 2022 12:48 PM

අපි නම් කැමතියි අවුරුදු 70ක් ලංකාව කාලා දාපු සිංහලයා කියන දොඩමළු සිංහලයාගෙන් රට ලබාගෙන රට දියුණු කරන්න...!

:       2       0

SanthuWednesday, 14 September 2022 10:09 AM

ඒ කියන්නේ, ආයෙත් බ්‍රිතාන්‍යයට බාර දෙන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 367 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1295 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 765 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1096 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1914 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1466 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site