IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාගවලට නිශ්චිත දින

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට මෑත කාලයේ දී තරම් නරක නපුරු අභාග්‍යසම්පන්න යුගයක් ඉතිහාසයේ නොමැත යන්න සත්‍යයකි. අධ්‍යාපන ක්ෂේත්‍රයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වූයේ කොවිඩ් මාරාන්තික  වයිරසයෙනි. එහිදී වසරකට ආසන්න කාලයක් පාසල් වසා දැමිණි. පළමු වසරට ඇතුළත් වූ දරුවන්ට එම පංතියේ එක දවසක් හෝ වාඩි වීමට වරම් නොලැබ දෙවැනි වසරට යාමට සිදුවිය. 

පාසල් වසා දැමීමෙන් පසු මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ඉගැන්වීමේ ක්‍රියාවලියක් ආරම්භ වුව ද එය සාර්ථක නොවීය. මෙම අයහපත් පරිසරය තුළ දරුවෝ පහ වසර ශිෂ්‍යත්ව විභාගයටත්, අපොස සාමාන්‍ය පෙළ විභාගයටත් උසස් පෙළ විභාගයටත් මුහුණ දුන්හ. ඒ එතෙක් පැවැති නියමිත මාසවල නොව ඉඩක් ලද අවස්ථාවලය. එම තත්ත්වය දරුවන්ගේ මානසිකත්වයට යහපත් නොවන බව ඒකාන්ත සත්‍යයකි. 

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේදීත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත්  උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය විය.

මෙම කාල සටහනට දරුවාත් ගුරුවරයාත් දෙමව්පියෝත් හුරුවී සිටියහ. කොවිඩ් වසංගතය හමුවේ මෙම තත්ත්වය බිඳ වැටිණි. මෙම පරිසරය තුළ ඒ ඒ විභාග කුමන මාසයක නිශ්චිතව පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත භාවයකි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුවී ඇති බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහායවීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිතව ප්‍රකාශයට පත් කරන මාසය වෙනස් කරනවා නම් එය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බවත් අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකිවන අන්දමින් නීති සකස් කරන බවත්ය.

වසර 13ක කාලයක් ළමයින් පාසල් අධ්‍යපනයේ රඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමුකළ බව අප  ප්‍රවෘත්තියේ සඳහන්ය. එමෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගයේ අවශ්‍යතාව පිළිබඳව කඩිනමින්  සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. 

මේ වූ කලි අතිශයින්ම වැදගත් තීරණයකි. පළමුව අවධාරණය කළ යුත්තේ අධ්‍යාපනයට වැය කරන මුදල ‘වියදමක්’ නොව ආයෝජනයක් බවය. දරු පරපුර නිසි පරිදි හැඩ ගස්වා නොගෙන රටේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත නොහැක. මන්දයත් රටේ අනාගතය බාර ගැනීමට සිටින්නේ  අද දරුවා වීමය. 

රටක උසස්ම සම්පත මානව සම්පතය. එය විනයානුකූලව මෙන්ම නීතිගරුකවත් සදාචාරාත්මකවත් පෝෂණය කළ යුතුය. දැනුමෙන් මෙන්ම කුසලතාවෙන් පරිපුන් මානව සම්පත රටකට මහ​​ා නිධානයකි. 

‘සිඟිති පාතාලය’ නමින් අලුත් සඳහනක් මතුව තිබේ. ඒ සඳහන මතු වූයේ අහේතුකව නොවේ. කුඩා වයසේ පසුවන දැළි රැවුලවත් නොවැවුණු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරුවන් යැයි හැඳින්විය හැකි පිරිසකගේ මදාවි හැසිරීම් නිසා එම සඳහන මතුවිය. 
දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වගකීම එම දරුවන්ට අපි බාර නොදෙමු. සමාජයත් එයට වගකිව යුතුය. එමෙන්ම ඉකුත් සමයේ පාසල් වැසීම, විභාග නියමිත කාලවල පැවැත්වීමට නොහැකිවීම ආදි කාරණා ද දරුවන්ගේ මනස විකල් කිරීමට හේතුවිය. එම පරිසරය තුළ දරුවා ප්‍රචණ්ඩ හා විනාශකාරී මාවතකට යොමුවීම ද වැළැක්විය නොහැක. 

කරුණු කාරණා එපරිදි වුවද මෙම විනාශකාරී මාවත වසා දැමිය යුතුය. ඒ සඳහා අධ්‍යාපනයට  නිශ්චිත විධිමත් පැහැඳිලි වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුය. උසස් පෙළ විභාගයට නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම අතිශයින්ම වැදගත්ය. මෙම නිශ්චිත බව පහ වසර ශිෂ්‍යත්ව විභාගයටත් සාමාන්‍ය පෙළ විභාගයටත් ඉක්මනින් හඳුන්වා දිය යුතුය. 

(***)



අදහස් (0)

සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාගවලට නිශ්චිත දින

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 363 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1293 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 760 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1094 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1909 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1462 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1136 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 287 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1325 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site