IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ සතුට දර්ශක වාර්තාව

සතුට පිළිබඳව දෙන නිර්වචනයක් වේ නම්  එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එහෙත් සතුට යනු ප්‍රීතිදායක හැඟු‍ම් දැනෙන අපේක්ෂා ඉටු වන තෘප්තියෙන්  පිරි සොම්නස්සහගත මනෝභාවයකැයි කෙටියෙන් කිව හැකිය. 

ඇරිස්ටෝටල් කී ආකාරයට සතුට යනු එක් මිනිස් අභිලාෂයක් වන අතර අනෙකුත් සියලු‍ම මිනිස් අභිලාෂ සතුට ලබා ගැනීමේ මාර්ගයක් ලෙස ජනිත වෙයි. ධම්මපදයේ සඳහන් වන ආකාරයට සතුට යනු පරම ධනයයි.

2023 වසරේ ලෝක සතුටු දර්ශක වාර්තාව නොබෝදා නිකුත් වූයේ ය. එම වාර්තාව නිසා ශ්‍රී ලාංකිකයන් වන අපට සතුට විය හැක්කේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ අප වර්ධනය වී ඇති බව එයින් පැවසෙන බැවිනි.

2022 වසරේ සමීක්ෂණයට අනුව රටවල් 146 කින් 127 වැනි තැනට පැමිණි ශ්‍රී ලංකාව 2023 වසරේ සමීක්ෂණයෙන් රටවල් එකසිය තිස් හතරකින් (134) එකසිය දොළොස් (112) වැනි ස්ථානයට පැමිණ තිබේ. 

මේ වසරේ ස්ථාන 15  කින් ඉදිරියට පැමිණීම සිතට සතුට දැනෙන ආරංචියකි. 2011 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 65/309 යෝජනාවට අනුව 2012 වර්ෂයේ පටන් මෙසේ  එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ඇසුරෙන් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබයි. එම ශ්‍රේණිගත කිරීම් උදෙසා ලකුණු දීමේ දී විචල්‍යතා කිහිපයක් ඒ සඳහා ඉවහල් කර ගනී. 

සැබෑ දළ දේශීය නිෂ්පාදනය, සමාජ සහයෝගීතාව, සෞඛ්‍ය සම්පන්න ජීවිත අපේක්ෂාව, තෝරාගැනීම සඳහා ඇති නිදහස හා ත්‍යාගවන්ත භාවය ආදිය එක්තරා ලකුණු ක්‍රමයකට මෙහිදී ඉවහල් කර ගැනේ.

මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 10 න් 4.4 ක් ලැබී ඇති බව වාර්තා වේ. 2022 දී ශ්‍රී ලංකාව ලබා තිබුණේ ලකුණු 4.36 කි.
ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකාව ලැබූ දරුණු ප්‍රතිවිපාක නිසා මහජනයා 2022 වසරේ දැඩි අසීරුතා රාශියකට මුහුණ දුන්නෝය. 

ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, දීර්ඝ කාලයක් විදුලිය කපා හැරීම් ආදිය ජනතාවට 2022 වසරේ වැඩි නොසතුටක් ගෙන දුන්නේය. 
2022 වර්ෂයට සාපේක්ෂව ජනතාවගේ සතුට වර්ධනය වී ඇති බව නම් සැබෑවකි. ඕනෑම අයකුට ඒ බව පහසුවෙන් වටහා ගත හැකිය. කොවිඩ් වසංගත බිය පහව යාම නිසා සෞඛ්‍ය සම්පන්න බව සහ ජීවිත අපේක්ෂාව ද මේ වසරේ යහපත් අතට හැරිණි.

පසුගිය වසරේ ශීඝ්‍රයෙන් වැඩි වූ උද්ධමනය, මෙහි වසරේ යම් ස්ථාවර මට්ටමකට ආයේය. එහෙත් දළ දේශීය නිෂ්පාදිතයේ ඇත්තේ ඉතා සුළු වර්ධනයකි. 2022 වර්ෂයේ තුන්වැනි කාර්තුවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය ඍණ සියයට 11.8කි.

2023 වසරේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය ඍණ සියයට 4.2 ක් වෙතැයි අපේක්ෂා කෙරේ. එහිදී සිදුවන්නේ ඍණ ප්‍රගතිය වෙනස් වීමක් පමණි.

සතුට හඟවන මූලික ලක්ෂණ කිහිපයක් වේ. තමන්ට ඕනෑ ජීවිතය ගෙවන බව දැනෙන්නට ගැනීම, රැල්ලට යමින් ජීවිතය එන හැටියට බාර ගැනීම, තම ජීවන තත්ත්වය  යහපත් වේ යැයි දැනෙන්නට වීම, ධනාත්මක හා යහපත් සම්බන්ධතා අනිත් අය සමග භුක්ති විඳීම, ජීවිතාපේක්ෂාව මුදුන්පත් කර ගත් බව සිතට දැනෙන්නට වීම, ජීවිතයේ තෘප්තිමත් බව දැනීම ඉන් සමහරකි. 

නොසතුට ඇති තැන ප්‍රතිඵල මීට වඩා බොහෝ සෙයින් වෙනස් වේ. නොසතුට විසින් විචාරාත්මකව සිතීමේ හැකියාව විනාශ කර දමයි. එයින් පරිකල්පන හැකියාව අඩපණ කර දමයි. ආත්ම විශ්වාසය මරා දමයි. උද්‍යෝගී ගතිය මොටකර දමයි. අධිෂ්ඨාන ශක්තිය ශූන්‍ය  කර දමයි. එම නිසා සතුට යනු හඹා ගොස් ලබාගත යුතු මනෝභාවයකි.

වසරේ වැඩි කාලයක් සෙල්සියක් අංශක 20 කට වඩා කටුක ශීතල පවතින හිරු එළිය පවා හරිහැටි නොවැටෙන පින්ලන්තය පිට පිට හය වතාවටත් ලෝක සතුටු දර්ශකයේ පළමු ස්ථානයට පැමිණීමට හේතුවූ කරුණු මොනවාදැයි පරීක්ෂාකර බලනු වටී. පින්ලන්තය ජල සම්පත් වලින් පොහොසත් රටක් වන අතර ඒ තුළ විල් එක්ලක්ෂ අසූ අටදහසකි.

පින්ලන්ත භූමියෙන් සියයට 75 කට වඩා ගස්වලින් වැසී ඇති අතර ලෝකයේ වනගහනය වැඩිම රට පින්ලන්තය යි. ලොව දියුණුම පාසල් අධ්‍යාපන ක්‍රමය ඇත්තේ පින්ලන්තයේ බව සැලකේ. එරට ජනයා මනා ලෙස සමාජ සම්බන්ධතා පවත්වාගෙන යයි. ජීවිත තෘප්තිය ද වඩාත් යහපත් මට්ටමක පවතී. එරට දූෂණයක් නැති තරම්ය.

(***)



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සතුට දර්ශක වාර්තාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1017 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site