
ඕස්ට්‍රේලියාවෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළේ සුබවාදී ආරංචියකි. විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී හාස්කම් පාමින් පෙරට යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය මහත් හරසරින් මෙරටට රැගෙන ඒම එම සුබවාදි ආරංචියයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය අතරමග දී ඉවතට විසිවීමට සිදුවිය.

අවිනිශ්චිත ක්‍රීඩාවක් වන හෙයින්ම එම පරාජය සම සිතින් විඳ දරා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩා ප්‍රේමීන්ට හැකිය. එහෙත් රට නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවට ගොස් රටේ නම කැත කළ රටට නින්දා සහගත අවමානයක් එක් කළ ධනුෂ්ක ගුණතිලක නැමැති ක්‍රීඩකයාගේ නොසන්ඩාලකම් එසේ ඉවසා සිටිය යුතු නැත.
ධනුෂ්ක ගුණතිලකට එල්ල වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකුට එල්ල විය හැකි බරපතළම චෝදනා දෙකෙන් එකකි. බරපතළ එක් චෝදනාවක් වන්නේ තරග පාවාදීම්ය. අනෙක් චෝදනාව ලිංගික අතවරයන්ය. ධනුෂ්කට එල්ල වී තිබෙන්නේ දෙවැනි චෝදනාවය. ඒ යටතේ ඔහු ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක කළ පැමිණිල්ලකට අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට පත් වී තිබේ. එහි අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.
ධනුෂ්ක ගුණතිලක යනු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. ඔහු දක්ෂයකු නොවේනම් දෙකෝටි විසි ලක්ෂයකට අධික ජනතාවක් ජීවත්වන රටේ ක්‍රිකට් ක්‍රීඩා කරන එකළොස් දෙනාගේ කණ්ඩායමට ඔහුට ඇතුළත් විය නොහැක. ක්‍රීඩකයකුට දක්ෂතාව පමණක් නොසෑහේ. ක්‍රීඩාවෙන් අත්පත් කරගත් විනයක් මෙන්ම පෞරුෂයක් ද තිබිය යුතුය.
විශේෂයෙන් තමන්ට මෙසේ ජාත්‍යන්තරයට පිවිසීමට හැකි වූයේ රට නිසා බවද රටේ ගෞරවය ආරක්ෂා කිරීම තමන්ගේ පරම වගකීම බවද ක්‍රීඩකයන් දැන සිටිය යුතුය. විශේෂයෙන්ම මහත්වරුන්ගේ ක්‍රීඩාවේ එම ජීව ගුණය එයට හිමි නිසි ගැඹුරින්ම ආරක්ෂා කිරීම ක්‍රිකට් ක්‍රීඩකයකු සතු අත්හල නොහැකි වගකීමකි. ඒ නයින් ගත් කල්හි ලිංගික අතවර චෝදනාවක් එල්ල වීමට තරම් තම හැසිරීම පහත හෙළා ගැනීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක අතිශයින්ම ලජ්ජාවට පත් විය යුතුය.
ලිංගික අතවර චෝදනාලාභී ධනුෂ්ක ගුණතිලක නැමැති ක්‍රීඩකයාට විනය විරෝධි ක්‍රියා කිරීමේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. දකුණු අප්‍රිකාවේදී 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියක දී නෝර්විජියානු තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයාට සහ ඔහුගේ මිතුරකුට චෝදනා එල්ල විය. එක්දින තරගාවලියකට සහභාගිවීමට එංගලන්තයට ගොස් කොවිඩ් ජෛව ආරක්ෂණ බුබුල කඩ කරමින් එංගලන්තයේ ඩර්හැම් හි වීදියක බීමතින් හැසිරීමේ චෝදනාව එල්ල වූයේ මෙම ක්‍රීඩකයාට හා තවත් ක්‍රීඩකයන් දෙදෙනකුටය.
පසුදිනම මෙම ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකාවට එවූ අතර පරීක්ෂණයකින් පසුව තිදෙනාටම තරග තහනමක් පැනවිණි. එහෙත් හදවත් උණු වූ ක්‍රිකට් පාලක මණ්ඩයේ මහත්වරු අතරමගදී තරග තහනම ඉවත් කළහ. කාන්තාවක් සම්බන්ධ ප්‍රශ්නයකදී මාතර පැවැති සාදයකදී අම්බානට ගුටි කෑමට සිදුවූ බව වාර්තා වූයේ ද මෙම ක්‍රීඩකයාටමය.
ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාව බලා ගිය ද ධනුෂ්ක ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේ පළමු පන්දුවට පමණි. ඔහු එහි දී ආබාධයට ලක්විය. එසේ ආබාධවලට ගොදුරු වූ එකම ක්‍රීඩකයා ධනුෂ්ක පමණක් නොවේ. තවත් ක්‍රීඩකයෝ ආබාධවලට ගොදුරු වූහ. එම ක්‍රීඩකයන්ට ලංකාවට ඒමට සිදුවිය. එහෙත් ධනුෂ්ක දිගටම ඕස්ට්‍රේලියාවේ තබා ගැනීමට ක්‍රිකට් බලධාරීහු ක්‍රියා කළහ. ඒ ඔහු සුවපත් වුවහොත් යළිත් කණ්ඩායමට එක්කර ගැනීමේ අපේක්ෂාවෙන් බව කියැවේ.
ක්‍රිකට් බලධාරීන්ගේ අපේක්ෂාව එය නම් ඔහුට දඩාවතේ යාමට ඉඩ නොතැබිය යුතුය. පුහුණුවීම්වලට සම්බන්ධ කළ යුතුව තිබිණි. එහෙත් අදාළ ක්‍රීඩකයා සාද අවස්ථාවලට සහභාගි වීමේ රූප රාමු දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙමින් තිබිණි. එහෙත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් වාර්තා නොවේ. මෙහි ඇති ඛේදනීයම තත්ත්වය එය වේ.
ලෝකයක් ඉදිරිපිට අපට අභිමානයක් තිබුණේනම් ඒ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. ධනුෂ්ක වසුරු හෙලුවේ ඒ අභිමානය මතටය. ලෝක කුසලාන තරග මාලාවෙන් අතරමග දී ඉවතට විසි වීමට මෙවන් නොසන්ඩාලකම් ද හේතු වූවේදැයි සොයා බැලිය යුතුය. විනය නැති තැන කොඩිවිනය යැයි කියමනක් තිබේ. ධනුෂ්ක ගුණතිලක කොඩිවිනයකි. තවත් කොඩිවින මතුනොවන පරිසරයක් සකස් කිරීම ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
great letter tnx but some stupid Sri Lankan cricket fans not agreed for this.
Dear Sir . Have you fully aware or present at the incident.? Without fully aware of what happened it might be a another scenario. Let Australians police deal with this matter. Please stop insulting cricketers . There are so many politicians do and did to this country . Write about them . Do not write for the sake of writing.
වරද කළා. එය රටම දන්නවා. නමුත් ධනුෂ්කට ඕස්ට්‍රේලියාවේ හිරබත් කන්න වුණොත් කොල්ලා සදහටම ඉවරයි. ඒ නිසා ධනුෂ්කව ලංකාවට ගෙන්වලා දෙන දඬුවමක් දෙන්න. ජීවිත කාලයටම ක්‍රිකට් සෙල්ලම තහනම් කරලා පාසල් දරුවන්ට ඔහුගේ දක්‍ෂකම උගන්වන්න ඉඩ දෙන්න..!
ඔහුගේ කල් ක්‍රියාව බැලුවම මේ ක්‍රීඩකයා මානසික ප්‍රශ්නයක් තියනවා වගේ. මොහුට මුල ඉඳලම මනෝ ප්‍රතිකාර කළා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහැ. ක්‍රීඩකයන්ගේ මානසකි සෞඛ්‍ය ගැන පාලක මණ්ඩලය ගැඹුරින් සොයා බලන්න ශ්නි. ක්‍රීඩා ජයග්‍රහණය කරන්න ශාරීරික මෙන්ම මානසික සුවයත් ඉතා බලපානවා.
It is true his sexual life is something personal to him, but these people are representing the country, and they are spending our money, It is ok if they use their money and spend their time to get fun and enjoy a private tour. being an envoy of a country behaving like this is unacceptable and not pardonable. how can these people go here and there and behave in vulgar and indiscipline ways once they are sent for a task to represent the country? actually, the authorities that should look after them have not done their duty appropriately and neglected the responsibility
මේ අය රට වෙනුවෙන් වැඩකට යැව්වට පස්සේ එහෙට මෙහෙට ගිහින් අශිෂ්ට සහ විනය විරෝධී විදිහට හැසිරෙන්නේ කොහොමද?
ඔහුගේ ලිංගික ජීවිතය ඇත්තෙන්ම ඔහුට පෞද්ගලික දෙයක්, නමුත් මේ අය රට නියෝජනය කරයි, ඔවුන් අපේ මුදල් වියදම් කරනවා, ඔවුන් ඔවුන්ගේ මුදල් භාවිතා කර විනෝද වීමට සහ පෞද්ගලික සංචාරයක් භුක්ති විඳීමට කාලය ගත කරනවාට කමක් නැත. ධනුෂ්ක මේ වගේ කටයුත්තක නියැළුණු පළමු සහ අවසාන කෙනා වෙන්නේ නැහැ. රටක දූතයෙකු වීම මේ ආකාරයෙන් හැසිරීම පිළිගත නොහැකි අතර සමාව දිය නොහැකි ය. වැඩකට එව්වට පස්සේ මේ මිනිස්සු එහෙට මෙහෙට ගිහින් අශිෂ්ට සහ විනය විරෝධී විදියට හැසිරෙන්නේ කොහොමද...
කොපමණ දක්ෂතා තිබුනත් විනය නොමැති ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට අවශ්‍යම නැත.
කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා.
මේ වගේ චරිතයක් රටේ සල්ලි වියදම් කරල රජ සැප දීල තව දුරටත් ටීම් එකේ තියාගත්තේ ඇයි කියන එකයි මටනම් තියන ප්‍රශ්නේ. ලංකාවේ වගේ ලේසි වෙන එකක් නෑ. හොර වැඩ, කරන උන්ට රජ සැප. අර රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කෑගහපු වසන්ත කොලුවා සිර මැදිරියක දුක් විදිනවා. රජයෙනුත් අනුබල දෙනවනේ?
ඕවා මොනවද? 225 රට කාලා දැන් ලෝකේ වටේ හිඟාකාගෙන යන්නේ. මේකේ කිසි වරදක් දකින්නේ නෑ... මේකේ ප්‍රශ්නේ මේ චෝදනාව හරි නම් ඒක විතරයි අවුලකට තියෙන්නේ...!
රටක් අවමානයට පත්කරලා මේකට මොකද කරන්නේ.?