IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පොලිස් නිලධාරි මාස 4කදී හතර තැනකට මාරු කරලා

අධිකරණය ස්වාධීන බවද, පොලිසිය ස්වාධීන බවද, වෙනත් කොමිෂන් සභා ස්වාධීන බවද දේශපාලන වේදිකා වලින් නිතර ඇසෙන්නකි. එහෙත් මෙම සාඩම්බර වාගාලාප පුස් කතා බවට පත් කෙරෙන සිදුවීම් වරින් වර මතු වේ. ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතාගේ කතා වස්තුව ඒ බව සනාථ කරයි. ඒ මහතා මාස හතරක් තුළ කොට්ඨාස හතරකට මාරු කර යවා තිබේ. සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම් සිදු කර ඇතැයි ද පැවසුන ද සත්‍ය කතාව නම් මෙම මාරුවීම් පිටුපස දේශපාලනඥයන් දෙදෙනකු සිටින බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

පානදුර පොලිස් කොට්ඨාස බාරව සිටි ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතා ඉකුත් මාර්තු 31 වැනිදා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ. සේවයේ අවශ්‍යතාව මත යැයි පවසමින් මෙම මාරුව සිදු කළ ද එම මාරුවට හේතුව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකු බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කරමින් සිටියදී පොලිස්පතිවරයාගේ නියමයෙන් ඒ මහතා අධිකරණ ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා තිබේ. පොලිස්පති නියමයෙන් ඒ මහතා යළිත් සීතාවක කොට්ඨාසය බාරව පත් කර ඇත. එහෙත් එම පත්වීමට සබරගමුව පළාත් ප්‍රබල දේශපාලනඥයකු විරෝධය පළ කර ඇති හෙයින් එය ක්‍රියාත්මක වී නැත.

එහෙයින් ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරිවරයා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේම සේවයේ යෙදී ඇත. එසේ සිටින අතරවාරයේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස මාරු කර යවා ඇත. එම ස්ථානයේ වැඩ බාර ගෙන සති කිහිපයක් ඇතුළත වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට සහාය දීම ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර යවා තිබේ. මාස හතරක් තුළ ස්ථාන මාරු වීම් හතරක් ලද වින්දිතයකු වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීම ද දෛවෝපගතය.

ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතා පානදුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටියදී විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම යහමින් මෙහෙයවන පානදුරේ සළිඳු නමැත්තා විසින් මෙහෙය වන ලද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් පුළුල් ලෙස පරීක්ෂණ මෙහෙයවමින් සිටි බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. දේශපාලනඥයකුගේ මෙහෙයවීමෙන් ඒ මහතා මාරු කර යැවීම හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහසම්බන්ධයක් තිබේ ද යන සාධාරණ සැකය මෙහිදී මතු වේ.

මෙම සියලු මාරු කිරීම් සිදු කර තිබෙන්නේ සේවා අවශ්‍යතා මත බව පොලිසියම පවසයි. එමෙන්ම පොලිස්පතිවරයා මෙම මාරු කර යැවීම් සිදු කර තිබේ.

සාමාන්‍යයෙන් මෙම රාජකාරි පොලිස් කොමිසමට අයත් ඒවාය. පොලිස් කොමිසම පිහිටුවීමේ මූලික අරමුණ ද එම කටයුතු ස්වාධීනව සිදු කිරීමය. එය එසේ නොවන බවට සැක පහළ වීම එම ආයතන සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳවැටීමකි.

වෙන්නප්පුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද මෙයාකාරයෙන්ම එම කොට්ඨාසයෙන් ඉවත් කෙරිණි. එය දේශපාලන අධිකාරියේ අවශ්‍යතාව මත සිදු කළ මාරු කිරීමක් බව පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපානඥයෝ ප්‍රසිද්ධයේ පිළිගත්හ.

දේශපාලනඥයා බොහෝ විට බලාපොරොත්තු වන්නේ තම බල ප්‍රදේශයේ ඇති පොලිස් ස්ථානය තම දේශපාලන පක්ෂයේ ශාඛාවක් බවට පත් කර ගැනීමය. තම දේශපාලන රැස් වළල්ල පතුරාවාලීමට ඇති බාධා පොලිසිය මගින් ඉවත් කර ගැනීමටය. පොලිසියට කඩා පැන පොලිස් හිර කූඩුවේ සිටි සැකකරුවකු බලහත්කාරය පා මුදාගෙන පොලිස් ස්ථානයේ සිටි සැරයන්වරයකුට ද ඇඳිවත ඔසොවා නිරුවත පෑ දේශපාලනඥයකු සම්බන්ධයෙන් සබරගමුව පළාතෙන් මෙයට ටික කලකට පෙර වාර්තා විය.

පොලිස් ස්ථානයට කඩා පැන ස්ථානාධිපතිවරයාගේ අසුනේ වාඩිලා නියෝග දීමට දේශපානඥයන්ට පුදුම ආශාවක් තිබිණි. මෙකල එබඳු සිදුවීම් විරළ වුවද මෙයට දශක දෙකකට ඉහත දී නම් එබඳු සිදුවීම් බොහෝ සුලබ විය. යුක්තිය අගයන ජනයාගෙන් මතු වූ බලවත් පිළිකුල නිසාම මෙකල මෙබඳු හැසිරීම්වලට දේශපාලනඥයෝ බියක් දක්වති.

දේශපාලනඥයන්ගේ චණ්ඩි කම්වලට ඇතැම් පොලිස් නිලදරුවෝ බියක් දක්වති. එහෙයින් ඒ චණ්ඩිකම්වලට දණ නමති. කාකි නිල ඇඳුමේ ගරුත්වය අමු අමුවෙම කෙළෙසී ගියේ එහෙයිනි. එම චණ්ඩිකම්වලට එරෙහි වූ පොලිස් නිලදරුවන්ට එක පෑන් පහරින් යුද කලාපයට හෝ අතිදුෂ්කර ප්‍රදේශවලට මාරු වීම් ලැබිණි. මෙම නොපනත්කම් ඉවසා ගත නොහැකිව ඇතැම් පොලිස් නිල දරුවෝ පොලිස් සේවයට සමු දුන්හ.

රටේ ඉහළම ප්‍රමිතියකින් පැවතිය යුතු ස්ථාන අතර පොලිසිය ඉහළින්ම සිටී. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඇති පොලිසියට මහජනයා අවනත විය යුතුය. එම අවනත වීම තීරණය කෙරෙන්නේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය මතය. එමෙන්ම පොලිස් නිලධාරීන්ට ද තෘප්තිමත් මනසින් යුතුව කටයුතු කිරීමට පරිසරයක් තිබිය යුතුය.

දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් මත තමන්ට දඬුවම් මාරු වීම් ලැබෙන්නේ නම් ලැබිය යුතු උසස් වීම් නොලැබී යන්නේ නම් පොලිස් නිලධාරියාගෙන් අපේක්ෂිත සේවාව ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු විය යුතුය. එසේ නොවුණහොත් පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය බිඳ වැටේ. ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතාගේ මාරුවීම් සුළුවට නොගත යුත්තේ එහෙයිනි.

(***)



අදහස් (3)

පොලිස් නිලධාරි මාස 4කදී හතර තැනකට මාරු කරලා

Deepal Nirosh Thursday, 12 August 2021 10:59 AM

මෙතන තිබෙන්නේ ජනතාවට සේවය කරන සේවකයින්ගේ සේවා අවශ්‍යතාව, ඉදින් පොලිස්පතිවරයා නිවැරදියි. එක රටක් නම් එක නීතියක් විය යුතුයි. පානදුරයට විතරක් තව නීතියක් කොහොම ද?

:       1       2

Sunil Thursday, 12 August 2021 11:43 AM

මේ රටේ මෑත කාලයේ නීතියක් ඇත්තෙම නැහැ .ඔක්කොම බලපුලුවන්කාරයෝ ටික වංචා දුෂණවලින් නිදොස් කොට නිදහස් කළා .මම හිතන්නේ මේ කරපු හරිය ලෝක වාර්තාවක් .

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Friday, 13 August 2021 11:02 PM

සත්‍ය වශයෙන්ම, රටේ නීතිය වල් වැදිලා. එසේ නොමැති නම්, මිනීමැරුම් සඳහා හිරේ සිටි කෙනෙකු එළියට ගෙන තනතුරු ප්‍රදානය කරන තවත් රටක් වේද මේ රට හැරෙන්නට...? ලොකු කට්ටිය එහෙම වැඩ කරන කොට පොඩි අයත් එයම ආදර්ශයට ගන්නවා. තමන් වැරදි කරද්දී පොඩි අයට එසේ කරන්න එපා කියන්නේ කොහොමද? ඒ එසේ වුවත්, කියන්නේ නම් අපි තමයි හොඳටම කළේ කියලයි. හොඳටම කරන්නේ මෙන්න මේ විදිහට බව නම් පෙනෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 685 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site