IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නියාමන පනතක රටේ අවශ්‍යතාව

පාර්ලිමේන්තු මැති ඇමැතින්ට බලපාන නිල කටයුතු සම්බන්ධයෙන් නියාමනයක් සඳහා නව පනතක් සම්මත කරගැනීමට රජය සූදානමින් සිටී. ඒ සඳහා විශේෂයෙන් කෙටුම්පත් කරන ලද පාර්ලිමේන්තු ප්‍රමිති පනත පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.

මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පාර්ලිමේන්තු ගණනාවක ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරිය ආදර්ශයට ගෙන නව රාජ්‍ය ආයතනයද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරිය නමින් ස්ථාපිත කිරීම රජයේ යෝජනාවයි.

මෙම කමිටුවේ අරමුණ ලෙස සඳහන් වන්නේ මැති ඇමැතින්ගේ වරප්‍රසාද වැටුප් දීමනා, විනය හා ආචාරධර්ම වෙනත් මූල්‍යමය බැඳීම් ආදිය සම්බන්ධයෙන් කිසියම් විධිමත් ප්‍රමිතියක් ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමයි.

මේ සම්බන්ධව මෑතදී වැඩි අවධානයක් යොමුවූයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් රහසින් රත්තරන් හා ජංගම දුරකතන තොගයක් රටට ගෙන ඒමේදී අත්අඩංගුවට පත්වීමත් සමගය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ මෙබඳු ආයතනයක් ස්ථාපිත කොට රටට ප්‍රමිතිගත මැති ඇමැතින් පිරිසක් ලබා දෙන්නේ නම් එයට කිසිවෙක් විරුද්ධ නොවෙති. එහෙත් මෙවන් කමිටුවක් මැති ඇමැතින් තමන්ගේ සුඛවිහරණය සඳහා සිය වරප්‍රසාද පුළුල් කර ගැනීමට පමණක් භාවිතා කළහොත් එහි මූලික අරමුණ සාධනය වන්නේ නැත.

වාර්තා වන ආකාරයට මැති ඇමැතින්ගේ විනය කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමද මෙම අධිකාරියට පැවරෙන බව සඳහන්ය. මැතිසබා ලොබියේදී නොබෝදා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අතර හටගත් ආරවුල වැනි දේ නිසා පොදුවේ පාර්ලිමේන්තුවේ තත්ත්වය හා ගෞරවය බිඳ වැටීම ස්වභාවිකය.

මේ නිසා රටේ බහුතර ජනතාව 225 එපා කියමින් පාර්ලිමේන්තුව හෑල්ලු‍ කිරීම ගැන සමාජයට දොස් පැවරීමද කළ නොහැක. මෙයට පෙර අවස්ථාවල මැතිසබයේ මිරිස් කුඩු ගැසීම, පිහිවලින් කරන ලද පහරදීම් වැනි දේද වාර්තා විය. ගිය සතියේදී මැතිසබා සෙංකෝලයට හානි කරන්නට තැත්කළ මන්ත්‍රීවරයකුගේ සේවය මාසයක කාලයකට අත්හිටුවීමට කතානායකවරයාට සිදුවිය.

මෙවැනි අශෝභන අනීතික ක්‍රියා පාලනයටත් ඒවාට පිළියම් යෙදීමටත් මැතිසබය තුළම මෙවන් ආයතනයක් ස්ථාපිත කිරීම ඉතාම වැදගත් කරුණකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වැටුප් සහ දීමනාද තීරණය කෙරෙන්නේ මෙම අධිකාරිය මගින් බව ප්‍රකාශිතය. ඇතැම් මාධ්‍ය දැනටමත් වාර්තා කර තිබෙන්නේ මෙම අධිකාරිය හරහා මැති ඇමැතින් තමන්ගේ වැටුප් හා දීමනා ඉහළ දමා ගැනීමට ඉඩ ඇති බවකි. මේ වනවිටත් පාර්ලිමේන්තු බලධරයන් වෙත මැති ඇමැතින්ගෙන් එබඳු ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද දැනගන්නට තිබේ. යාපනයේ සිට කොළඹ මැතිසබා රැස්වීම් සඳහා පැමිණෙන මන්ත්‍රීවරයකුට කොළඹට පැමිණීමට හා පිටත්ව යාමට රුපියල් 50,000ක පමණ ඉන්ධන අවශ්‍ය බව වාර්තාකර තිබේ.

එසේම අම්පාර හා මඩකලපුව වැනි ප්‍රදේශයකින් පැමිණෙන මන්ත්‍රීවරයකුට රු. 40,000ක පමණ ඉන්ධන වියදමක් දරන්නට සිදුවන බව ප්‍රකාශිතය. එවැනි සාධාරණ ඉල්ලීම් තිබේ නම් ඒවාට විධිමත් විසඳුම් ලබාදිය යුතුය. නොඑසේව කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට පවා රජයේ නිල නිවාස ලබාදීම වැනි කටයුතු සිදු නොවීමට වගබලා ගැනීම මෙවන් අධිකාරියක වගකීමයි.

පාර්ලිමේන්තුව ආයතනයක් ලෙස ගත් කල එයින් ජනතාව අපේක්ෂා කරන්නේ සමාජයට බලපාන පොදු ජනතා ප්‍රශ්නවලට සහනදායී විසඳුම් ලබා ගැනීමයි. එසේම ජනතාවට අසාධාරණයක් සිදුවන විට ඒ සම්බන්ධයෙන් හඬ නගා ජනමතය අනුව ක්‍රියා කිරීමට මැතිසබයට වගකීමක් තිබේ.

පාර්ලිමේන්තුව රටේ මූල්‍ය පාලනය හා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මුඛ්‍ය වගකීම දරන එකම ආයතනයයි. එබැවින් එම කටයුතු වඩාත් ජනතා හිතවාදී ලෙස සිදුකිරීමට පාර්ලිමේන්තුව ප්‍රමිතිගත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම බෙහෙවින් වැදගත්ය.

(***)



අදහස් (0)

නියාමන පනතක රටේ අවශ්‍යතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site