IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නිමක් නොපෙනෙන විදුලිය කැපිල්ල

මෙම සටහන තබන මොහොත වනවිට රට තුළ විදුලිය කැපිල්ල දිනකට පැය තුනකි. වැඩිකළ විදුලිය බිලෙන් කරන්ට් වැදී ආතක් පාතක් නොමැතිව සිටින ජනතාවට පැය තුනක් කළුවරේ ඉන්නට සිදුවීම දේව දඬුවමක්දැයි අපි නොදනිමු. ඉකුත් සමයේ ආතක් පාතක් නොමැතිව නිරිත දිග මෝසම සක්‍රීය වී ඇළ වේලි ගංගා දෙගොඩතලා ගිය විට විවර කළ වාන් දොරටුවලින් ගලා ගිය මහ ජල කඳ දෙස බැලූවිට මේ සම්මත්ජාතියේ නැවත විදුලිය කපන්නට සිදු නොවනු ඇතැයි සිතූ මෙරට සාතිශය බහුතරයක් ජනතාව සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ බරපතළ සංවේගයකි. එයට හේතුවකි. 

මෙවර දිනකට පැය තුනක් විදුලිය කැපීමට සිදුවී තිබෙන්නේ නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ විදුලිය ජනන යන්ත්‍රයක් බිඳ වැටීමේ හේතුවෙනි. විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සමාන්‍යාධිකාරි ආචාර්ය ඩී.සී.ආර්. අබේසේකර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ලක් විජය විදුලි බලාගාරයේ මෙගාවෝට් 270ක ධාරිතාවෙන් යුත් දෙවැනි බලාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ක්‍රියාත්මක නොවීමෙන් එහි සම්පූර්ණ ධාරිතාවද අහිමිව ඇති බවත් පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් මෙගාවෝට් 270ක් අහිමිවීමෙන් මේ වනවිට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 540ක විදුලිය ධාරිතාවක් අහිමි වී ඇති බවත්ය. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 540ක විදුලිය ධාරිතාවක් අහිමි වීම හේතුවෙන් විදුලි කප්පාදුව වැඩි කිරීමට හැකි බවත් පවසන ඒ මහතා පළමු විදුලිය ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් සති දෙකක්වත් ගතවනු ඇතැයි පවසා තිබිණි. 

‘‘නොරොච්චෝලේ යැයි කියනවිට ඊට සමගාමීව කරච්චලේ යන වචනය යෙදෙන තරමට නොරොච්චෝලේ ප්‍රශ්නය බරපතළය. ගෙදරක වුවත් නිතරම ප්‍රයෝජනයට ගන්නා යමක් සැරින් සැරේ කැෙඩන්නේ නම් එයට ස්ථීර විසඳුමක් සොයා ගනී. අලුත්වැඩියා කිරීමෙන් පලක් නොවන්නේ යැයි පෙනෙන්නේ නම් ඒ හුචක්කුව පැත්තකට දමා අලුත් එකක් බැරි මරගාතේ හෝ ගෙන ඒමට උත්සාහ දරයි. එහෙත් නොරොච්චෝලෙට එම විසඳුම ආදේශ නොවේ. මෙම පරිසරය තුළ කොයි මොහොතේ විදුලිය විසන්ධි වීමක් සිදුවන්නේදැයි සිතා ගත නොහැකිව පැය 24 පුරාම දින 365ක් අඩ්ඩඩ්ඩාවෙන් දෙගිඩියාවෙන් කල්ගත කිරීමට ජනතාවට සිදුවී තිබේ. 

රටේ සාමාන්‍ය පොදු පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රධානම සාධකයක් බවට විදුලිය පත්ව තිබේ. විදුලිය නොමැති ගමක ජීවත්වන මිනිසකුට වුවද තමන්ගේ අවශ්‍යතාවලින් වැඩි හරියක් සපුරා ගත යුත්තේ විදුලියෙනි. කර්මාන්ත ශාලා මෙන්ම වෙළඳ ව්‍යාපාරවලට විදුලිය නැතුවම බැරිය. ආපන ශාලාවක ශීතකරණයේ තබා ඇති ආහාර ද්‍රව්‍ය ආරක්ෂා කිරීමට විදුලිය අත්‍යවශ්‍ය වේ. විදුලිය නොමැතිවීමෙන් සාමාන්‍ය ජීවිතයේ කටයුතුවලට කවරාකාරයේ බලපෑමක් එල්ල කරන්නේද යන්න සිතා ගැනීම අසීරු නැත. 

නිදහස ලබා හැත්තෑ හතර වසරක් ගත වුවද අපට ජාතික ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ගැනීමට නොහැකි වී තිබේ. රටට අඛණ්ඩව විදුලිය සැපයීමේ ක්‍රමවේදයක් නොමැති තරමට රටක් බංකොලොත් වූයේ කෙසේද යන්න විමසිය යුතුය. මෙරට බලගතුම වෘත්තිය සමිති ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ විදුලි බල ක්ෂේත්‍රයේය. මෙම වෘත්තිය සමිති ව්‍යාපාරයේ නායකයන් විදුලි බල කේන්ද්‍රයේ උන්නතියට අවශ්‍ය යෝජනා සැලසුම් ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමේ මෙහෙයුමක් කරන්නේද නැත්නම් ව්‍යාපාර කරමින් සිටින්නේද යන්න මග හැර යා නොහැකි ප්‍රශ්නයකි. 

විඳිය යුතු නැති තරමේ අත්දැකීම් කන්දරාවක් අපි විඳිමින් සිටිමු. මෙයටත් වඩා විඳීමට අත්දැකීම් නැත. ප්‍රශ්නය වන්නේ නිරා දුක් රැගෙන එන මෙම අත්දැකීම් වලින් මිදී ජීවිතය සම්බන්ධ අලුත් බලාපොරොත්තු දලුලන අත්දැකීම් විඳිය හැකි දිනයක් කාලයක් ගැන සිතා ගැනීමටත් නොහැකි වීමය. මෙය සමාජයේ ආතතිය උත්සන්න කරන්නකි. මෙම ආතතියද පුපුරා යන්නේ ඉතා ආවේගාත්මකවය. උන්නත් එකයි මළත් එකයි මානසිකත්වය ගොඩනැගෙන්නේ මෙබඳු පරිසරයන් හිදීය. 

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ විදුලිය ජනන යන්ත්‍රයක් අක්‍රීය වීමෙන් පසු දිනකට විදුලිය කපන පැය ගණන වැඩි කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. විසඳුම් ලෙස ආදේශ වන්නේ ඒවාය. ඒවා විසඳුම් ලෙස බාර ගැනීමට ජනතාව පෙළ ගැසී සිටිය යුතුය.

(***)



අදහස් (3)

නිමක් නොපෙනෙන විදුලිය කැපිල්ල

S.H. Liyanage Friday, 26 August 2022 10:03 AM

විදුලි බලාගාර හදන්න විදුලි ඉන්ජිනේරුවරයන් 2005 සිට නොයෙකුත් උත්සහයන්වල යෙදුණත් ඔවුන්ට අවසර සහ මුදල් ලැබුණේ එක ගල් අගුරු බලාගාරයකට පමණයි. යමක් ගැන භාගෙට දන්න හෝ නොදන්න අය තීරණ ගන්නා විට මේක තමයි ප්‍රතිඵලය.

:       0       1

ganegoda Monday, 29 August 2022 11:29 AM

අපේ රටේ පාලකයෝ දේශපාලනය කරන්නේ රටේ සුබසිද්ධිය පතා නෙවෙයි...!

:       0       0

ganegoda Saturday, 27 August 2022 04:56 PM

ඒත් දැන් සියලු රථවාහන දුවන්නේ විදුලියෙන්ලු... කියලා ජනාධිපති කිව්වා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 387 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site