IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දිනෙන් දින මුවහත්වන දෝනිගේ බර අවිය


(ශානුක අරවින්ද) 

මෙවර අයි.පී.එල්. තරගවලදී ඉනිම අග්ගිස්සේ ඕවර යැවීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි දිගින් දිගටම යොදාගත් මතීෂ පතිරණ, අනාගතයේදී ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට නැතිවම බැරි පන්දු යවන්නකු බවට පත්වීමේ පෙර නිමිති පහළ කරමින් සිටියි. 

මෙවර තරගාවලියේදී තමා ක්‍රීඩා කළ තරග 7 දීම ඉනිම අග්ගිස්සේ ඕවර (17 සිට 20 දක්වා) දෙක බැගින් යවා ඇති මතීෂ, එහිදී කඩුලු 10 ක්ද දවාගනිමින් ප්‍රතිවාදීන්ට ලබා දී ඇත්තේ ලකුණු 105 ක් පමණි. ඒ අනුව බලන කළ ඔහු යවා ඇති ඉනිම අග්ගිස්සේ ඕවරයකදී ප්‍රතිවාදී පිත්කරුවන් රැස්කර ඇති ලකුණුවල සාමාන්‍යය 7.87 කි. එය විස්සයි-20 තරගයක ඉනිම අග්ගිස්සේ ඕවරවලදී සැලකිය යුතු මට්මමේ සාමාන්‍යයකි. 

එම තරග 7 දී ඉනිම අග්ගිස්සේ ඕවරවලදී පන්දු 80 ක් (ඕවර 13.2 ක්) යවා ඇති මතීෂ කඩුලු දවාගත් පන්දු 10 ද ඇතුළත්ව ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් නොදෙමින් යවා ඇති පන්දු සංඛ්‍යාව 28 කි. ඔහු යවා ඇති පන්දු 80 තුළදී ප්‍රතිවාදීන්ට වාර්තා කළ හැකිව ඇත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් පමණක් වීමද කැපී පෙනෙන සිදුවීමකි. ඒ අනුව බලන කළ තමා යවා ඇති ඉනිම අග්ගිස්සේ පන්දු 80 න් 70 කදීම ප්‍රතිවාදී පිතිකරුවන්ට හයේ පහරක් හෝ හතරේ පහරක් ගැසීමට ඉඩක් ලබා නොදීමට මතීෂ වගබලාගෙන ඇත. 

වේන් පානේල් (දකුණු අප්‍රිකාව), සයුෂ් ප්‍රභූදේසායි (ඉන්දියාව), හෙන්රික් ක්ලාසන් (දකුණු අප්‍රිකාව), ඔන්ඩි්‍ර රසල් (බ.ඉ. කොදෙව්), සෑම් කරන් (එංගලන්තය), නිකලස් පූරන් (බ. ඉ. කොදෙව්), ක්‍රිෂ්නප්පා ගෞතම් (ඉන්දියාව), නෙහාල් වධීරා, අර්ෂාඩ් ඛාන් (ඉන්දියාව) සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් (දකුණු අප්‍රිකාව) මෙවර තරගාවලියේ ඉනිම අග්ගිස්සේ ඕවරවලදී මතීෂගේ පන්දු හමුවේ දැවී ගිය ක්‍රීඩකයෝ වෙති. 

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවීම හේතුවෙන් වැඩි දෙනකුගේ අවදානයට ලක් වූ මෙම 20 හැවිරිදි තරුණයා, මේ වන විට ක්‍රම ක්‍රමයෙන් තමන්ගේම අනන්‍යතාවයක් නිර්මාණය කරගනිමින් සිටින බවට බොහෝ ක්‍රිකට් විචාරකයෝ මත පළ කරති. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අනාගතයේදී අගනා මැණිකක් හිමිවන බවත්, මේ වන විට මහේන්ද්‍ර සිං දෝනි එම මැණික ඔප දමමින් සිටින බවත් වරෙක සජීවි විස්තර විචාරක කුටියේ සිටි ප්‍රවීණ විස්තර විචාරක හර්ෂ බෝග්ලේ මහතා කියා සිටියේ මතීෂගේ දස්කම් අගයමිනි. චෙන්නායි කණ්ඩායමේ ඉන්දීය වේගපන්දු යවන්නන් කිහිප දෙනෙක්ම සිටියද, ඉනිම අග්ගිස්සේ ඕවර යැවීම සඳහා දෝනිගේ අංක එකේ තේරීම බවට මතීෂ පත්ව තිබීමෙන් එම කියමන තවදුරටත් සනාථ වේ. 

ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව අවසන් ඕවරයේදී පිට පිටම හයේ පහර 5 ක් එල්ල කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය ප්‍රවේගකාරී පිතිකරු රිංකු සිංග්ට පවා චෙන්නායි පිලට එරෙහිව පැවැති තරගයේ අවසන් ඕවරයේදී මතීෂගේ පන්දු හමුවේ එල්ල කළ හැකි වූයේ එක් හයේ පහරක් පමණි. එම ඕවරයේ සෙසු පන්දු 5 ම නිලකුණු පන්දු බවට පත්කිරීමට මතීෂ සමත් විය. 

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරග 5 න් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව පැවැති තරගය මෙන්ම කොල්කටා නයිට්රයිඩර්ස් පිලට එරෙහිව පැවැති තරගයද ජයගැනිමට ඔවුන්ට හැකි වූයේ ඉනිම අග්ගිස්සේ ඕවරවලදී පන්දු යවමින් මතීෂ දැක්වූ සුවිශේෂී දස්කම් හේතුවෙනි. 

කෙසේ වුවත් 2022 වසරේ අගෝස්තු මස 27 වැනිදා ඇෆ්ඝනිස්ථානයට එරෙහිව විස්සයි-20 ජාත්‍යන්තර වරම් මතීෂට නවසීලන්ත සංචාරයේදී සංචිතයට ඇතුළත් වුවද ඔහුට එක් තරගයකට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණ.  

චෙන්නායි සංචිතය තුළ සිටන ලොව ප්‍රධාන පෙලේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට පවා කණ්ඩායමේ ස්ථානයක් ලබා නොදෙමින් මතීෂට අවස්ථාව ලබාදීමට දෝනි කටයුතු කරන්නේ ඔහු පිළිබඳව තබා ඇති දැඩි විශ්වාසය හේතුවෙනි. එහෙත් පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් පන්දු යැවිය හැකි මතීෂට, වේග පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය නවසීලන්ත තණතිලිවලදී පවා පන්දු යැවීමට අවස්ථාවක් නොලැබීම ඉතාමත් ගැටලු සහගතය. 

ඉන්දියාවට සහ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි-20 ජාත්‍යන්තර තරග 6 න් එක් තරගයක් පමණක් ඕවර 15 ක් අතුළත නිමාවට පත් වූ අතර සෙසු තරග 5 තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් යැවූ ඉනිම අග්ගිස්සේ ඕවර 20 දී ලකුණු 213 ක් රැස්කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඕවරයකදී ලබාදී තිබූ ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 10.65 ක අගයක් ගත්තේය. 

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට අමතරව අබුඩාබි දහයයි-10 සහ ඩුබායි ජාත්‍යන්තර ලීගයටද ක්‍රීඩා කර ඇති මතීෂ, තමා ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි ආකෘතීන්හි (විස්සයි-20 සහ දහයයි-10) ඉනිම අග්ගිස්සේ ඕවරවලදී පිතිකරුවන්ට තර්ජනාත්මක පන්දු යවන්නකු බව මේ වන විටත් ඔප්පු කර හමාරය. එබැවින් දස්කම් අතර සිටින අවධියක සංචිතයට ඇතුළත් කරගෙන බංකුවට සීමා කරනවා වෙනුවට මතීෂට ජාතික කණ්ඩායමේ ස්ථානයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගන්නේ නම් ඉන් ඔහුට මෙන්ම රටටද යහපතක් වනු නොඅනුමානය. 


අයි.පී.එල්. තරගවල ඉනිම අග්ගිස්සේ ඕවරවලදී මතීෂගේ පන්දු යැවීම 

■ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව - ඕවර 2 යි, ලකුණු 14 යි, කඩුලු 2 යි
■ සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව - ඕවර 2 යි, ලකුණු 12 යි, කඩුලු 1 යි 
■ කොල්කටා නයිට්රයිඩර්ස් පිලට එරෙහිව - ඕවර 2 යි, ලකුණු 14 යි, කඩුලු 1 යි
■ රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව - ඕවර 2 යි, ලකුණු 33 යි, කඩුලු 0 යි 
■ පංජාබ් කිංග්ස් පිලට එරෙහිව - ඕවර 2 යි, ලකුණු 18 යි, කඩුලු 1 යි 
■ ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව - ඕවර 1.2 යි, ලකුණු 07 යි, කඩුලු 2 යි 
■ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව - ඕවර 2 යි, ලකුණු 07 යි, කඩුලු 3 යි 



අදහස් (1)

දිනෙන් දින මුවහත්වන දෝනිගේ බර අවිය

Roshan Tuesday, 16 May 2023 09:38 AM

ඉනිම අග්ගිස්සේ ඕවර?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 184 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2068 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1588 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site