ශ්රී සත්‍ය සායි බාබාතුමාගේ 97 වෙනි ජන්ම දිනය අද 23 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
‘සත්‍ය සායි බාබා’ නමින් අප හඳුන්වන්නේ රත්නාකරම් සත්‍ය නරායන රාජු’ යන නමින් උපතේ දී හඳුන්වන ලද දරුවාය. 1926 නොවැම්බර් 23 වැනිදා ඊස්වරම්මාගේ කුසින් බිහි වූ මේ දරුවාගේ පියා රාජු රත්නාකම් ය. ආන්ද්‍රා ප්‍රදේශයේ දුප්පත් ගම්මානයක් වූ පුට්ටපාර්තියේ දිළිඳු පවුලක හතරවෙනි දරුවා ලෙසින් උපත ලද මේ දරුවාගේ උපත හාස්කම් මධ්‍යයේ සිදුවූවක් වූයෙන් ඒ ආරංචි රට තොට පතළ වීය.

සත්‍ය සායිතුමන් සතු අසාමාන්‍ය බල මහිමය උපතින් උරුමකරගන පැමිණි දෙයක් විනා ප්‍රගුණ කර භාවනා කර අභ්‍යාස කර ගුරුවරයකුගෙන් උගත් නොවන බව සුවිශේෂව අවධානය කළ යුතුය. විශ්ව ශක්තියෙන් ලද දේව ශක්තියක් ගැන උන්වහන්සේ කුඩා කල සිටම ප්‍රකාශ කළහ. දරුවා ගැබට පිවිසි ප්‍රාතිහාර්ය ගැන ඊස්වර අම්මා විස්තර කර ඇත.
අසාමාන්‍ය බුද්ධි මහිමයක් ඇති දරුවෙකු ලෙස ප්‍රකට වූ අතර ඉතා කෙටි කලක් කළ පාසල් ගමනේ සත්‍ය නරායන රාජු පෑන් පැන්සල් මවා දරුවන්ට දීමෙන්ද එකවර කිහිප තැනක පෙනී සිටීමෙන්ද සුපිරි දැනුමක් හේතුවෙන්ද ගායනයට දැක්වූ කුසලතාව සහ කට පාඩමින් දැක්වූ හාස්කම් නිසා පාසලේ ප්‍රකට වීය.
යක්ෂාරූඪයක් ඇතැයි සිතා දස වද දෙමින් ඔහුට ප්‍රතිකාර කිරීමට ගත් උත්සාහය අවසන් වන්නේ වයස දාහතරේදී 1940 මැයි 23 වෙනිදා ඔහු තමා කවුදැයි ප්‍රථම වතාවට ප්‍රකාශයට පත් කරමින් හාස්කම් සමුදායක් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමත් සමඟය. ශිර්ධි බාබාගේ අවතාරය තමා බවත් තමන් සත්‍ය සායි බාබා බවත් ප්‍රකාශ කළ උන්වහන්සේ පූජනීයත්වයට පත්විය.
1944 පුට්ටපාර්තියේ ප්‍රශන්ති නිලායම් නමින් කුඩා පූජනීය ස්ථානයක් ආරම්භ වීය. මුළු මහත් ඉන්දියාව පුරා උන්වහන්සේගේ ඔද තෙද පැතිර ගිය අතර තම බැතිමතුන්ට ප්‍රාතිහාර්ය මගින් සහන සැලසීම නිසා දෙනෝ දහසක් පුට්ටපාර්ති වෙත ඇදෙන්නට වූහ.
එම කීර්තිය 1960 වන විට බාහිර ලෝකයට පැතිර යන්නට වීය. බටහිර ලෝකය සත්‍ය සායි තුමන්ට යොමුවීය. පුට්ටපාර්තිය ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් විය. එය සංචාරක පුරයක් වීය. රාජ්‍ය නායකයන්ගේ කේන්ද්‍රස්ථානයක් වීය. වතිකානුවට පමණක් දෙවෙනි වන ආගමික කේන්ද්‍රස්ථානයක් වීය.
සර්ව ආගමික ලාංඡනය උන්වහන්සේ භාවිත කිරීම තුළත් තමන් පැමිණියේ මිනිසුන්ගේ ලබ්ධිය වෙනස් කිරීමට නොව එහි ස්ථාපිත කිරීමට බව සඳහන් කිරීම නිසාත් උන්වහන්සේට ආකර්ෂණය පහසු වීය. සර්ව ආගමික කෞතුකාගාරයක් ඇති එකම පුදබිම එය බවට පත්වීය. වෙසක් නත්තල් සහ හින්දු උත්සවයන්හි ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට එය පත්වීය.
මානව ගුණධර්ම අධ්‍යාපනය පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ඉන්දියාවට හඳුන්වාදීමට, උන්වහන්සේ පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භ කළහ. ඉන්දියානු ජනපතිවරුන්, අගමැතිවරුන් මේ ස්ථානයට පැමිණ උන්වහන්සේගේ ආශිර්වාද ප්‍රාර්ථනා කළහ. ඉන්දිරා ගාන්ධි මහත්මිය පුට්ටපාර්ති ගිය ප්‍රථම අගමැතිනියයි.
එතුමා සමාජයේ පුණ්‍ය කටයුතු සඳහා අවතීර්ණව, දිළිඳු පවුල්වලට විශාල අනුග්‍රහයක් දුන් අතර විශාල ජල සැපයුම් ව්‍යාපාරයක් දියත් කළේය. නොමිලේ සේවය සපයන සුපිරි රෝහල් පද්ධතියක් නිර්මාණය කළේය. පුට්ටපාර්තිය ජාත්‍යන්තරව කීර්තිමත් කරමින් එහි ගුවන් තොටුපළක්ද ඉදිවීය.
2011 අප්‍රේල් 24 වෙනිදා අසූවෙනි වියෙහිදී උන්වහන්සේ සමාධිගතවන අවස්ථාවෙහි සත්‍ය සායි පණිවිඩය ලෝකය පුරාම ව්‍යාප්තව තිබුණි. රටවල් එකසිය දාහතරක සත්‍ය සායි මධ්‍යස්ථාන 1200ක් අදත් පවතින්නේය. නිශ්චිතව උන්වහන්සේ අනුගාමික ජනගහනය මැනිය හැකි මගක් නැතත් එය මිලියන සියයක් ඉකුත්ව ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
උන්වහන්සේගේ අභාවප්‍රාප්තවීමෙන් පසුවද උන්වහන්සේගේ උපකාරය එදා මෙන්ම අදත් ලැබිය හැකි බව අත්දැක ඇති අනන්ත පිරිස අතර මමද සිටිමි.
ආචාර්ය නිමල් සේදර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ කලකින් දුර්ලභ මනුසත් ආත්මයක් ලැබු අපට ඒ නිර්මල උතුම් සත්‍ය ධර්මය ලැබුණේ අප සරණ ගිය භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිසාමයි. මා හට ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ සරණ හැර අන් සරණක් නැත්තේමය
ඔය යකා පට්ට හොරෙක්, මිනිහගෙ හාස්කම් මොනවද කියල බල්න්න පුලුවන් විස්තර යූ ටියුබ් එකේ තියෙනව...
මොහු චින්තන ශක්තිය මද නූගතුන් බහුල ඉන්දියාවේත්, ලංකාවේත්, අධි සුඛෝපභෝගි දිවියෙන් කාන්සියට පත්වී නව අත්දැකීම් සොයන යුරෝපීය ජාතීන් අතරත් ජනප්‍රිය වූ ඉතාමත් ශූර, ඉතාමත් කපටි, ඉතාමත් දක්ෂ විජ්ජා කරුවෙකි. මොහුවටා රැස්වූ අනුගාමිකයෝ එමගින් විශාල ධනයක් සහ කීර්තියක් අත්පත්කොට ගත්හ. වරක් නෙදර්ලන්ත රූපවාහිනි වැඩසටහනක් මගින් සායි බාබා කුඩා පිරිමි දරුවන් විවිධ අතවරවලට ලක්කරන්නෙක් බව හෙළිකලේය. ඒ පිළිබඳව ඔහු හෝ ඔහුගේ අනුගාමිකයින් අද වෙනතුරු කිසිවක් පවසා නොමැත.
ඔහුගේ සමාජ මෙහෙවර ගැන කතා කිරීම පසෙක තබමු. නොයෙක් ආර්ථික හා මානසික ගැටලුවලින් යුතු වූවන්ගෙන් කඩාවඩා ගන්නෙක් ලෙස හැඳින්විය හැක. මොහු දෙවියෙක් නම් ලොව සියලු මැජික්කරුවන් දෙවිවරු වේ. වරෙක මොහු ඝාතනය සඳහා පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින්ගෙන් දිවි රැකගැනීමට තම ආශ්‍රමය වටා දිවගිය අයුරු මතක් වී, ආචාර්ය නිමල් සේදර මහතා ගැන අනුකම්පාවක් ඇතිවුණි...
නොම්මර එකේ කපටියෙක් තමයි...
මේ වගේ අංක එකේ කපටියෙක් ගැන අනුකම්පා හිතෙනවා. අන්තර්ජාලයේ තියන වීඩියෝ පෙන්වන්න...
මේ හෑල්ල ලියල තියෙන විදිහට උගත්කමයි, බුද්ධියයි කියන්නේ දෙකක් කියන කථාවට හොඳ උදාහරණයක්...
මේක ජාත්‍යන්තර ඇදහිල්ලක් වුණා.
සත්‍ය සායි තුමාණන්ට මාගේ නමස්කාරය පූජා වේවා. මා බිහිරන්ට වීනාවාදනය නොකරමි...
නිමල් සේදර ට ඇත්තේ පිනාචාර්ය උපාධියක්ද ? (මර්වින් සිල්වා ට මෙන්), එසේ නැතිනම් ඔහුට ආචාර්ය උපාධියක් දුන් විශ්ව විද්‍යාලයේ ගුණාත්මක භාවය ගැන ප්‍රශ්නයක් ඇත :ඩී
මොලේ නැති ගොන් හරක්ට නම් මොහු දෙවියෙක්. නමුත් ඇත්ත...මොහු පට්ට හොරෙක්...ඉන්දියාව ලංකාව වගේ රටක නෙවීනම් මොහු හිරේ... කරපු හොරකම් අපචාර වලට....
ඇයි හොඳ හාස්කම් තියනවා වරදින්නේ නැහැයි කියන තැන්වලට ගිහින් ඒවා අසාර්ථක වුණු තැන් ඕනේ තරම් තියනවා ,සාර්ථක නොවුණු මිනිසුන් ඕනේ තරම් ඉන්නවා .ඇයි සායි බබාට විතරක් ගරහන්නේ..එතුමා ලඟට ගිහින් හරි ගිය අයත් ඉන්නවා.හරි නොගිය අයත් ඉන්නවා .ඔය යතාර්ථය කවුරු කවුරුත් හිතට එකඟව,අවංකව පිළිගත්තොත් හොඳයි
මූ පට්ට හොරෙක්නේ. මූ වගේම පට්ට හොරුන්ට මූ දෙවියෙක් තමයි .
ඊබ්‍රහම් ටී. කොවුර් ගේ දෙවියෝ සහ බූතයෝ පොත කියවන්න.එකේ තියනවා විස්තර.ආචාර්යතුමා පව්
ආචාර්ය නිමල් සේදර තවුසෙට ආචාරිය පට්ටම කවුරුහරි හරක් වවන්සේ කෙනෙක් ද දුන්නෙ.. සමාජ ආශ්‍රයක් නැද්ද ඔහෙට .යූ ටියුබ් එක බලනවා මෝඩයා...
මොහු අහිංසක ජනතාව රැවටුවා