IMG-LOGO

ජාතික සංස්කෘතිය රැකීම ජාතියේ වගකීමක්

තමන් රචනා කළ ජාතික ගීය දේශපාලනඥයන්ට ඇවැසි පරිදි විකෘති කිරීම සම්බන්ධයෙන් කම්පාවට පත් ආනන්ද සමරකෝන් සූරීන් දිවි නසා ගත් බව ප්‍රකට කරුණකි. යම් හෙයකින් ඉතිහාසයේ එබඳු සිදුවීමක් නොවිණි නම් ආනන්ද සමරකෝන් දිවි නසා ගැනීමේ මාවත තෝරා ගනු ඇත්තේ ඉකුත් 30 වැනිදාය.

මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියක් වන එල්.පී.එල්. තරගාවලියේ ආරම්භක දිනය ඉකුත් 30 වැනිදාය. එම තරගාවලියේ සමාරම්භක උළෙලේදී ජාතික ගීය වාදනය කළ අතර, නව පරපුරේ ගායිකාවක ජාතික ගීය ගායනා කළාය.

පෞඩත්වය, අභිමානය, ජාතිවාත්සල්‍ය වඩවන මුළු මහත් සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජාතික ගීය එම ගායිකාව ගැයූ විලාසය සමාජයේ කතා බහට ලක්ව තිබේ. ‘‘ශ්‍රී ලංකා මාතා’’ යන්න ඇය ගායනා කළේ ‘‘ශ්‍රී ලංකා මහතා’’ යනුවෙනි. ජාතික ගීය වාදනය කිරීමේ විලාසය ද එම ගායිකාව අතින් විකෘතිවීමක් දක්නට ලැබිණ.

රටකට ඇත්තේ එක ජාතික ගීයක් සහ එක් ජාතික ධජයක් පමණි. ශ්‍රී ලංකාවේද එය එසේමය. ජාතික ගීය ගායනා කරන විට මෙන්ම ජාතික ධජය ඔසොවන විට එම අවස්ථාවට සහභාගි වී සිටින සෑම ශ්‍රී ලාංකිකයෙක්ම සීරුවෙන් නැගී සිට ආචාරය පුද කරයි. විදේශිකයෙක් වුවද එසේම ආචාරය පුද කරයි. ශිෂ්ට සම්පන්න බව යනු එයය.

අමු රැඩිකල් යැයි කියාගන්නා ඇතැමුන් තම රැඩිකල් බව පෙන්නුම් කිරීමට ජාතියට, ආගමට ගැරහීම නව ප්‍රවණතාවකි. එබඳු සිදුවීම් පසුගිය කාලයේ දී වරින් වර වාර්තා විය. මේ වූ කලී ශ්‍රී ලාංකේය ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් ද යන්න සැක සහිතය.

පොළොව බදාගෙන පොළොව පුරා පැතිර පොළොවට කිඳාබැස ඇති ගසක් බිම හෙලීම පහසු නැත. මුල් කපා දැමූ විට මුල් දිරා ගිය පසු ඕනෑම සුවිසල් වෘක්ෂයක් බිම හෙලීම පහසුය. ජාතික ආධ්‍යාත්මය සහ තදින් බැඳුණු ජනතාවක් සිටින රටක් අත්පත් කර ගැනීම පහසු නැත.

එහෙත් ජනතාව කුඩු ගැසූ උන් මෙන් හැසිරෙන්නේ නම් ඒ රට විනාශ කිරීම ඉතා පහසුය. ජාතිය සහ ආගම සමග ඇති බැඳීමෙන් බිහිවන්නේ සභ්‍යත්ව බලය වේ. කවර දුෂ්කරතා අභියෝග මැද වුවද මේ රට ආරක්ෂා වී තිබෙන්නේ එම සභ්‍යත්ව බලයේ මහිමයෙනි. ජාතික ගීය, ජාතික ධජය කුණු බක්කියට විසි කළ පසු රැක ගැනීමට ආධ්‍යාත්මයක් ජනතාවට ඉතිරි නොවේ. ‘‘ආධ්‍යාත්මය වැහැරුණු අයකුට රැක ගැනීමට කිසිවක් නැතැයි’’ යන්න ඒකාන්ත වශයෙන්ම තහවුරු වූ සත්‍යයකි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උළෙලේදී ජාතික ගීය ගායනා කිරීමේ විලාසය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් බව ද ඔහු පවසා තිබිණි.

ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ජාතික ගීයේ අකුරක් හෝ කොමාවක් හෝ වෙනස් කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවය.

ජාතික වශයෙන් වැදගත් මෙබඳු ක්‍රිකට් තරගාවලියක දී ජාතික ගීය මෙසේ වෙනස් ආකාරයකට ගායනා කිරීම හුදු අත්වැරැද්දක් ලෙස පමණක් ගත නොහැකිය. එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද ගැලවීමක් නැත.

එහෙත් ‘‘ශ්‍රී ලංකා ක්‍රිකට් යනු පෞද්ගලික සමාගමක්’’ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කර තිබූ හෙයින්ම තමන්ට ජාතික ගීය වෙනස් කළ හැකි යැයි ඔවුන් සිතනවා විය හැකිය. එහෙත් මේ සියල්ලන්ම රටේ නීතියට යටත් බව අපි අවධාරණය කරමු.

(***)



අදහස් (1)

ජාතික සංස්කෘතිය රැකීම ජාතියේ වගකීමක්

saman Saturday, 05 August 2023 02:38 PM

දඩයක් නියම කළ යුතුයි. එය සංවිධානය කළ පිරිසට හා ගයපු ගායිකාවට එරෙහිව....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 7113 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 239 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 186 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site