IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කාලයෙන් කාලයට මතුවන අත්, පා,මුඛ රෝගය

වැසි කාලයේදී විශේෂයෙන්ම කුඩා දරුවන් අතර වයිරස් රෝග පැතිරී යාම සුලබය. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ ඌනතාව මත දරුවකුගෙන් තවත් දරුවකුට රෝග බෝ වීම සිදුවේ. අද අපි කතා කරන්නේද  කාලෙන් කාලෙට මතුවන අත් පා මුඛ රෝගය ගැනයි. බොහෝ දෙනා මෙය Hand Foot Muouth disease ලෙසින්ද හඳුන්වයි.

රෝගයේ ස්වභාවය

'Coxakie'නම් වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝගය වැළඳේ. රෝගය ආසාදනය වූ පසු දරුවාගේ අත්, කකුල්, වැළමිටේ සහ කටේ රතු පැහැති බිබිලි දදයක් ආකාරයෙන් හට ගැනේ. මුඛය ඇතුළේද මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර එහිදී දරුවාට ආහාර ගැනීම අපහසු කෙරේ.

මීට අමතරව සුදු පැහැති වතුර පිරුණු බිබිලි අත්, කකුල් සහ තට්ටම් ප්‍රදේශයේද ඇති විය හැකි අතර  ඉතාමත් ලෙහෙසියෙන් දරුවන් අතර ව්‍යාප්තව යයි.

ඉහත රෝගී ලක්ෂණ ඇති දරුවකුගේ සමෙහි තවත් දරුවකු ස්පර්ශ වුවහොත් රෝගය බෝවීමේ හැකියාවක් ඇත.

අත් පා මුඛ රෝගය මාරාන්තික නොවන අතර දින 03ක් 04ක් ඇතුළතදී සුව වී යනු ඇත. වඩාත් අවශ්‍ය වන්නේ රෝගය අන් දරුවන් කරා බෝ වීම වළක්වා ගැනීමයි. පෙර පාසල් මෙන්ම පාසල් දරුවන්ද වැඩි වශයෙන් මේ තත්ත්වයට ගොදුරු වන අතර ඉක්මන් හඳුනා ගැනීම තුළින් ශරීරයේ පැතිරීම මෙන්ම වෙනත් පාර්ශව කරා සම්ප්‍රේශනය වීමද වළක්වා ගත හැකි වනු ඇත.

බෝ වීම වැළැක්වීම

කවර හෝ දරුවකු අත් පා මුඛ රෝගයෙන් පෙළේ නම් පාසල්, පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවා නිවසෙහි රඳවා තබා ගන්න. එවිට තවත් දරුවකුට රෝගය බෝවීමට ඇති අවස්ථාව ඇහිරේ. නිවසෙහි සිටින දරුවකු රෝගයෙන් පෙළේ නම් සෙසු දරුවන්ගෙන් රෝගියාව ඈත් කොට තබන්න. රෝගී දරුවා පරිහරණය කරන දේවල් ඔහුටම වෙන් කොට තබන්න. සෙසු දරුවන් අතර හවුලේ පරිහරණය කිරීමෙන් රෝගය ඉතා පහසුවෙන්ම බෝ වීමට පුළුවන.

සුදුසු ආහාර පාන නිසි අයුරින් ලබා දී රෝගියාට ඇඳ විවේකය ලබා දෙන්න.

දදයක් ආකාරයට බිබිලි සිරුර පුරා පැතිරී යාම වැළැක්වීමට බිබිලක් දෙකක් මතුවන විටදීම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න.  දරුවා පෙර පාසල් හෝ පාසලට ගොස් පැමිණි  වහාම හොඳින් පිරිසුදු වී පැමිණීමට ඔහුට උපදෙස් ලබා දෙන්න. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැඳී සිටිනා දරුවන්ගේ පෞදගලික පරිහරණයට ඇති දේවල් අනෙකුත් දරුවන් සමග හුවමාරු කර ගැනීමෙන් වැළකීම සුදුසු වේ. 

ප්‍රතිකාර

දදයක් ආකාරයට සුදු පැහැ වතුර පිරුණු බිබිලි හෝ රතු පැහැති ලප ඇති වීම මූලික ලක්ෂණයයි. එහෙත් මේ ඇති වන බිබිලි පැපොල රෝගය හේතුවෙන් හටගත් බිබිලිද නැත්නම් වෙනත් රෝගයක් නිසාවෙන් හට ගත්තාද යන්න නිවැරැදිව තහවුරු කර ගැනීමක් අවශ්‍ය වේ. එනිසා දරුවාගේ සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් කල් නොයවා වෛද්‍ය උපදෙස් සඳහා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් අත් පා මුඛ රෝගයේදී ද පැරසිටමෝල් පැය 6න් 6ට ලබා දීමද සිදුවේ.

යම් හෙයකින් දරුවාගේ උණ තත්ත්වය පහව නොගියේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.

රෝගී දරුවාට වැදගත් වන පෝෂණය

දරුවාගේ මුඛය ඇතුළත රතු පැහැති ලප හටගෙන ඇත්නම් එබඳු දරුවන්ට ආහාර ගැනීම තරමක් අපහසු විය හැකියි. එවිට මඳක් සිසිල් කළ ආහාර පිළිගැන්වීම සුදුසුය. අනෙක් රෝගී දරුවන්ට සාමාන්‍ය පරිදි ආහාර  ලබා දීම සිදු කළ හැකියි. දියර ජාති ලබා දීමේදී ස්වාභාවික පාන වර්ග පමණක් ලබා දීමට උනන්දු වන්න.

නියපොතු හැළෙන්නේ ඇයි?

අත් පා මුඛ රෝගයට ගොදුරුව සුව වූ පසු සමහර දරුවන්ගේ නියපොතු හැළී යනු දක්නට ලැබේ. මේ තත්ත්වය වළක්වා ගැනීමට සින්ක් අඩංගු සිරප් වර්ගයක් හෝ සින්ක් ඇතුළත් ආහාර පාන ලබා දීම සුදුසුය. මෙහිදී විශේෂයෙන්ම පැළවී එන මුං ඇටවල සින්ක් අඩංගු අතර එවැනි ආහාරද දරුවාට විටින් විට හඳුන්වා දෙන්න.

මාරාන්තික රෝගයක් නොවුණද කල්තියා හඳුනා ගැනීම, දැනුම්වත් වීම තුළින් සෙසු පාර්ශව කරා  රෝගය ව්‍යාප්ත වීම වළකා හැකිය. රෝගී දරුවාට මනා පෝෂණය, විවේකය

ලබා දීමෙන් ඉක්මනින් සුවපත් වීමකට මඟ සැලසෙනු ඇත.

සටහන-මාධවී ධර්මරත්න



අදහස් (0)

කාලයෙන් කාලයට මතුවන අත්, පා,මුඛ රෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 366 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1295 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 762 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1095 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1912 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1462 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 963 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1424 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site