IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ක්‍රමය වෙනස් වන තුරු අරගලය දිගටම - ධානිෂ් අලි

’’ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනි ජනතාවට ඕනි විදියට මිසක්, පාලකයන්ට ඕන විදියට නෙමෙයි.’’

 

(අශාන්ති වර්ණසූරිය)

ජනතා අරගලයේ ක්‍රමවේදය වෙනස් වී අරගලය ඉදිරියට යමින් තිබෙන බවත් අරගලය දිගටම සිදු කරන බවත් සමාජ ක්‍රියාකාරී, අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ  ධානිෂ් අලි පවසයි. ගෝල්ෆේස් අරගල පිටියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ධානිෂ් අලි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීව විකාශයක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටියි.  මේ ඔහු සමග 'ලංකාදීප ඔන්ලයින්' කළ සාකච්ඡාවකි.

රූපවාහිනියට කඩා වැදීමේ සිදුවීමෙන්ම මේ කතාව පටන් ගමු. එකී සිදුවීමට හේතුව ?

මට ලංකාදීපෙට එහෙම කඩා වදින්න බැහැ. මේක පුද්ගලික ආයතනයක්. නමුත් ජාතික රූපවාහිනිය කියන්නේ ජාතික දෙයක්. මෙතෙක් පැවති ඉතිහාසය, ක්‍රම වෙනස් කරන්න අවශ්‍යයි. ඒ වෙනස අවශ්‍ය නිසා සිදු කළ දෙයක්.

එදා නම් ඔබේ පෙනුම වෙනස් නේද ?

ඔව් මටත් කොන්ඩේ, රැවුල දකිනකොට හරි දුකයි.

රට පනින්න අවශ්‍ය නිසා පෙනුම වෙනස් කළා ද ?

මවෙ මරන්න හොයමින්, මගේ ඡායාරූපයක්ද අරගෙන සුදු සහ කළු වෑන් දෙකක් ගෝල්ෆේස් පිටියට ඇවිල්ලා මවා හොයලා. මට බොහෝ දෙනෙක් ඇතුළුව බුද්ධි අංශයේ මගේ යාළුවොත් ඒ දේ දැනුම් දුන්නා. 

ඔබව මරන්නමයි හොයන්නේ කියල කොහොමද කියන්නේ ?

මේවා අලුත් දේවල් නෙමෙයි. ඉතිහාසයේ බලන්න එවන් සිදුවීම්, මාධ්‍යවේදියෝ කී දෙනෙක් මැරුවද ? අපි වහල්ලු. උඩ ඉන්න රදල පාලනයක් ගෙනියනවා. මේ වහල් භාවයෙන් මිදෙන්න තමයි අපි අරගලේට එකතු උනේ. මටත් පුංචි දරුවෙක් ඉන්නවා. මගේ ජිවිත ආරක්ෂාවට මම ගත් පියවරයක්. රටින් පැනලා ගිහින් පසු බහිනවා නෙමෙයි. අපි දේශපාලනිකව කිසිවෙකු සමඟ අරගල කළේත් නැහැ.

ගිනි තැබීම, ගිණි ගැනීම් පිටුපස කිසියම් සංවිධානාත්මක සැලසුමක් දියත් වුණාද ?

අරගලේ විනාශ කරන්න බොහෝ සැලසුම් තිබ්බා. අපි නොයෙක් අවස්ථා වලදී ඒවා ෆේස්බුක් හි සජීවීව ලබා දී තියෙනවා. බොර දියේ මාළු බාන්න හැදුවේ දේශපාලඥයෝ මිසක් අපි නෙමෙයි. මේ රට ලේ විලක් කරන්න අපිට අවශ්‍ය නැහැ. අපි    එක ගලක් අරන් කාටවත් ගහලා නැහැ. මේක ආදරයේ අරගලය. එක පැලැන්තියක් විතරක් සියල්ල බුක්ති විදිනවා. අපි අරගල කළේ අන්න ඒ ක්‍රමේ වෙනස්           කරන්න.

එතකොට පාර්ලිමේන්තුව වැටලීමේ සිදුවීම ?

මම එතන හිටියේ නැහැ. මම නැති තැනක දෙයක් ගැන මට කියන්න බැහැ.

නමුත් ඔබලා උසිගැන්වීමක් සිදු කළ බවට චෝදනාවක් තියෙනවා ? 

අරගලේ හිටියේ බබ්බු නෙමෙයි. අපි ආවේ අරගලේට අපේ අයිතීන් ආපසු ගන්න. මේක අයිතීන් වෙනුවෙන් සිදු කළ දෙයක් අපේ ප්‍රකාශය ඒ ඒ අවස්ථාවන්ට අනුව සැර වෙන්න පුළුවන් නමුත් අපි සන්නද්ධ වෙලා නැහැ. ගෝල්ෆේස් එකට ආපු      කාටවත් ස්ක්‍රිප්ට් තිබ්බේ නැහැ. අපි ආදරෙයි අපිට ආදරේ කරන අයට. අපිට     වෛර කරන අයට අපිට ආදරේ කරන්න බැහැනේ.අපිට සන්නද්ධ වෙන්න අවශ්‍ය නැහැ.  අපි  කිසිදු විදියේ ත්‍රස්තවාදී ක්‍රියාවකට යන්නෙත් නැහැ ගිහිල්ලත් නැහැ. නමුත් ත්‍රස්ත්‍රවාදී ලේබල් ගහනව.

ස්ක්‍රිප්ට් නැති වුණාට අපි දැක්කා  “කපා කපා” වගේ සටන් පාඨ කියනවා. මේවා ස්ක්‍රිප්ට් නෙමෙයිද ?

ඒ වෙලාවේ ගහපු හඬ. ඒ වෙලාවේ සිදුවීම් පිළිබඳව අපි කතා කළා. ඉවසමු බැහැ, පැකිලෙනු බැහැ, අරගලයට බෝඩර් නැහැ. මේක තමයි ඇත්ත. මේ සටන් පාඨ     ජනතාවගේ හඬ.

ඔබ අරගලේට එකතු වෙන්නේ කොහොම ද ?

ෆේස්බුක් එකේ පොස්ට් එකක් දැකලා තමයි මම අරගලේට එකතු වුණේ. අපි ඒ විදියට එකතු වුණේ ගෝටාගෝහෝම් යන ප්‍රධාන තේමාවට. ආවට පස්සේ ඒක විතරක් මදි කියලා තේරුණ නිසා තමයි අනිත් දේවල් වලට ගියේ. අපි මධ්‍යම පාන්තික  මිනිස්සු. ඇයි අපි හැමදාම එකම තැන ඉන්නේ. රනිල්ලා ගේමෙන් එනව නම්, අපිත් ගේමෙන් තමයි. 

රටක ව්‍යවස්ථාවක් තියෙනවා. නියමිත ක්‍රම වේදයක් තියෙනවා.අරගල   කළ පමණින් ඒවා වෙනස් කළ නොහැකියි නෙ ?

මේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි. අපි හැමෝටම ජිවත් විය යුතු ක්‍රමයක් සැකසිය යුතුයි. අද පාන් ගෙඩියක් රුපියල් 300ක්. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. එහෙම ඉදලත් අපිට අද හොද නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යන එක හීනයක්.  ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනි  ජනතාවට ඕනි   විදියට මිසක් පාලකයන්ට ඕන විදියට නෙමෙයි. ඒවගේම පක්ෂ දේශපාලනයත් අයින් විය යුතුයි. ජාතික දේශපාලන ව්‍යාපාරක් සැකසිය යුතුයි. ජාතියක් විදියට එක දැක්මක් අවශ්‍යයි. මෙය සම්පුර්ණයෙන්ම වෙනස් විය යුතුයි. ඒවගේම මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් විය යුතුයි. 

අරගලෙන් හම්බකර ගත් පිරිස් ඉන්නවා ?

මම දන්නේ නැති දේවල් මම කතා කරන්නේ නැහැ. නමුත් අරගලේට ආදරේ කරන, ඇත්තටම වෙනසක් බලාපොරොත්තු වෙන කිසිවෙක් එවන් දේවල් කළේ නැහැ.

ඔබේ ගිණුම් වල හෝ ඔබේ සමීපතයන්ගේ ගිණුම් හි ඒ අයුරින් ආපු මුදල් තියෙනවා නේද ?

ඕන වෙලාක ඕනෑම කෙනෙක්ට චෙක් කරන්න පුළුවන්. 

ධානිෂ්ට දේශපාලන පක්ෂ සමඟ තිබෙන සම්බන්ධකම් මොනාද  ?

ගනුදෙනුවකුත් නැහැ සම්බන්ධයකුත් නැහැ.

හරි දැන් අරගලය මෙතනින් කොතැනට ?

අරගලය සිදු කළ වීදි ක්‍රම වේදය වෙනස් විය හැකියි. අරගලය වෙනස් වෙන්නේ   නැහැ. නිර්පාක්ෂික පුරවැසි අරගලය ඉදිරියට යනවා. විවිධ විදියට අරගලය සිදු කළ හැකියි 

ආයෝජකයෝ කවුද ?

මිනිස්සු තමයි එදත් ආයෝජනය කළේ. 

ජනතාව ඉදිරියේදීත් එකතු වෙයි ද ?

අනිවාර්යෙන්ම 

එතකොට නායකයෙක් ? 

නායකයින් නැහැ. අපේ නායකයා අපේ ක්‍රියාකාරී සැලැස්ම. රනිල්ගෙ ඉවත් වීම,   වත්මන් ගැටළු වලට විසඳුම් ලබා දීම,  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීම වගේ ඉල්ලීම් තියෙනවා. සර්ව පාක්ෂික අමුතු කතන්දර එපා. අවුරුද්දක් ඇතුලත මේවා සිදු කරන්න.  

ඉදිරි මැතිවරණයකදී මේවා වෙනස් වේවි. කාලයක් දෙන්න බැරිද ? 

මැතිවරණයකදී එය බලමු. නමුත් දැනට කළ හැකි දේවල් කරන්න. අවුරුදු 74 දීලා තියෙන්නේ තව කාලයක් දෙන්න දෙයක් නැහැ. ජනතාවට බලය දෙන්න. ඒකයි අපි කියන්නේ. මේ රට වෙනස් වෙන්න නම් මේ පැලැන්තිය අතු ගා දා, ජනතාවගේ ජන මතයක් එක්ක අලුත් ක්‍රමවේදයක් එක්ක අලුත් පාර්ලිමේන්තුවක් හැදෙන්නම   ඕන. 

සම්පූර්ණ වීඩියෝව - https://fb.watch/fyEG6qeswg/ / https://youtu.be/zUCeCTKti7I



අදහස් (7)

ක්‍රමය වෙනස් වන තුරු අරගලය දිගටම - ධානිෂ් අලි

Bandara Tuesday, 20 September 2022 11:17 PM

කබ්බො ෆෝම් කරන්න එපා.

:       2       18

fairoosWednesday, 21 September 2022 05:22 PM

ජාතිවාදයෙන් පෙළෙන මිනිස්සු ඉන්න රට මෙහෙම හරි ඉතුරු වෙච්චි එක පුදුමයි.

:       8       3

රකිතFriday, 23 September 2022 02:39 PM

අරාබියට යන්න පෙනෙයි, ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් අන්ධ වුණු මිනිස්සු ඉන්නේ කෙහේද කියලා. ලංකාවේ කාටවත් තමුන්ගේ ආගම අදහන්න බාධාවක් නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධාගම නිසා... ඔයාගේ නමින් සහ කමෙන්ට් වලින් පේනවා ජාතිවාදීන් කවුද කියලා. ලංකාව තුළ නැති ප්‍රශ්න හදන්නේ ඔයාලා වගේ සුළු පිරිසක්. ඔයාලා අනිත් අයට කරදරයක් නොවී ජීවත් වුණොත් අවිහිංසාවාදී බුදුදහම තියෙන රටකින් කාටවත් කරදරයක් නැහැ.

:       2       7

ruwan Wednesday, 21 September 2022 06:30 AM

මේ වගේ මිනිස්සු උඩට ගන්නේ ඇයි? මෙයාලා එක්ක මොන සාකච්ඡාද?

:       1       19

HARAMANIS Sunday, 25 September 2022 01:13 PM

සිස්ටම් චේන්ජ් කියලා කිව්වට කවුරුත් හැමෝම දන්නේ නැහැ. එමනිසා පිළිවෙළට, මොනවද? මොනවා වෙනුවටද සිස්ටම් චේන්ජ් විය යුත්තේ කියලා පැහැදිලි වුණොත් හොඳයි.

:       0       2

Altaf Monday, 26 September 2022 05:11 PM

තම්බිලට මෙහෙම වෙලා මදි , 2015 දුෂණයට එරෙහිව ඡන්දෙ දුන්නා, 2017 ඇරියා, දැන් රට හදන්ඩ උදවු කරලා බැනුම් අහනවා,... පාඩුවේ ඉන්ඩ බෑ කසනවා.

:       0       0

Lelwala Monday, 26 September 2022 07:31 PM

මොහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධව සොයාබැලිය යුතු කාලයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site