IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ක්‍රිකට් - දැල්පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැයේ ප්‍රණාමය

අප කවුරුන්ද යන වග ලොවක් ඉදිරියට යළි යළිත් පසක් කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ගයන්ජලී අමරවංශ පෙරටුකරගත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමත් සමත් වූයේ ඉකුත් ඉරිදාය. ඒ ශ්‍රී ලාංකිකයන්ට නිදි නැති රැයක් උරුම කරමින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ප්‍රබල පාකිස්තානුවන් අන්දමන්ද කරමින් ආසියානු කුසලානය ඩැහැගැනීමට දසුන් ශානක හා ඔහුගේ කණ්ඩායම සමත්වීමෙන් හා සිංගප්පූරුවේ පැවැති 12 වැනි ආසියානු කුසලාන තරගාවලියේදී සත්කාරක සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් එම කුසලානය දිනා ගැනීමෙනි.

ජයග්‍රහණ අහිමිව වේදනාවෙන් සංතාපයෙන් හා විඩාබර මනසින් දිවි ගෙවන දූපත් වැසියන්ගේ පෙනහලුවලට අලුත් හුස්මක් රැගෙන ආ ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ජාතික දැල්පන්දු කණ්ඩායමට ලංකාදීපයේ උණුසුම් සුබපැතුම් පළමුව පිරිනමමු. එමෙන්ම ලැබූ ජයග්‍රහණ අහම්බයක් හෝ වාසනාවට ලද දෙයක් නොව කැපවීම, දක්ෂතාව, සාමුහිකත්වය හා කඳුළු තෙතබරිත රටට ජයග්‍රහණය රැගෙන යා යුතුමය යන නොපසුබස්නා අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රීඩා කිරීමෙන් අත්පත් කරගත් ජයග්‍රහණයක් බව ඔප්පු කිරීමට සමත්වීම ප්‍රමාණයෙන් තොර ප්‍රණාමයට බඳුන් විය යුතුය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිටත්ව ගියේ බොහෝ ප්‍රශ්න හා දුෂ්කරතා මැද බව පැහැදිලිය. ඉන්ධන අර්බුදය මෙන්ම රටේ පැවැති වාතාවරණය ක්‍රීඩකයන්ගේ පුහුණුවීම්වලට බාධා කළේය. එමෙන්ම ඇතැම් ක්‍රිකට් විශාරදයෝ ශ්‍රී ලංකා කණ්ඩායම හෑල්ලු කළහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගත හැකි කාලයක් ගැන කිව නොහැකි බව ඇතැම් ප්‍රවීණයෝ මෙන්ම විචාරකයෝ ද ප්‍රකාශ කළහ.

ජාත්‍යන්තරයෙන් පවා ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූයේ අපවාදය. එමෙන්ම නොසලකා හැරීම් ය. එකක් පසුපස එකක් වශයෙන් ලද තරග පරාජ එයට හේතු වී තිබිණි. එහෙත් අපේ සිංහ පැටව් ඒවා තඹ දොයිතුවකට මායිම් නොකළහ. බාධකයම සාධකය බවට පත් කර ගනිමින් වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත ප්‍රීතියෙන් යුතුව අපේ ඉපැරැණි ක්‍රිකට් වික්‍රමාන්විතයන්ට අනුගත වෙමින් ඔවුහු ක්‍රීඩා කළහ.

පළමු තරගයේදී ඇෆ්ගනිස්ථානයට පරාජය වුවද මනස දුබල කර නොගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියාවේ ක්‍රිකට් අධිපත්‍ය ඉසුලූ ප්‍රබලතම ඉන්දියානු කණ්ඩායමත්, ක්‍රිකට් පිටියේ ආක්‍රමණිකයා ලෙස විරුදාවලිලත් පාකිස්තානයත්, ක්‍රිකට් පිටියේ අලුත්ම සටන්කරුවා ලෙස හැඳින්වෙන ඇෆ්ගනිස්ථානයත් පරාජය කරමින් ඉදිරියට ගියහ. එම ගමනේ නියත ප්‍රතිඵලය වූයේ මේ රට ලොවක් ඉදිරිපිට අභිමානයට පත් කළ අනගිතම විශිෂ්ටතම හා අසිරිමත්ම ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ඉදිරිපිට බරසාර අභියෝගයක් විය. ඒ 2018 වසරේදී දිනාගත් ආසියානු දැල්පන්දු ශූරතාව රැකගැනීම ය. ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සතුව තිබූ ආසියානු දැල්පන්දු ශූරතාව ඩැහැගැනීමට තවත් රටවල් 10ක් අපේක්ෂාභරිතව සිටියහ. එහෙත් ඉන් නොසැලුණ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම එම සියලු රටවල් පරදවමින් අපරාජිතවම ඉදිරියට ගියහ. අවසන් මහ තරගයේ දී හමුවූ සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ගලග්‍රහණයෙන් ගෙන නොවැහැරෙන ජයග්‍රහණයකින් මවු බිම සැරසුවේය.

ජාතික දැල්පන්දු කණ්ඩායම සිංගප්පූරුව බලා ගියේ ද විවිධ බාධා මැද ය. ක්‍රීඩා බලධාරීන්ගේ, දැල්පන්දු පරිපාලනයේ මෙන්ම පුහුණුකාරිණියන් තේරීම් කමිටුව මෙන්ම විවිධ පාර්ශ්ව අතර නොයෙක් මත ගැටුම්, කකුලෙන් ඇදීම් විය. එහෙත් ඒ කිසිවකට අපේ ක්‍රීඩිකාවන්ගේ අධිෂ්ඨානය දියකර හැරිය නොහැකි විය. ප්‍රතිඵලය වූයේ ජයග්‍රහණ පිපාසයෙන් පෙළෙන මවු රටට අඛණ්ඩව ජයග්‍රහණයක් ලැබීමය.

දසුන් ශානක ප්‍රමුඛ පිරිවරත් ගයන්ජලී අමරසිංහ ඇතුළු කණ්ඩායමත් ලොවෙන් අපට උරුම කළ ගෞරවයත් අභිමානයත් වචන කිරීමට භාෂාව දිළිඳු තරම් ය. එයට හේතුව ඉකුත් සමයේ අප රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තිබූ ප්‍රතිරූපය අසරණ කරවන්නක් වීම ය. ලජ්ජාව හැර අන් කිසිවක් අපේ නමට නොලියවුණි.

එබඳු දුක්බර හා ශාපලත් පරිසරයක මේ ලැබූ ජයග්‍රහණ ද්විත්වය ශ්‍රී ලාංකිකයන්ට ලොව ඉදිරියේ යළිත් අභිමානයෙන් නැගී සිටීමට යෝධ බල යෝධ ශක්තියකි. ඒ අභිමානවත්, ප්‍රෞඪ තලයකට අප රට ඔසොවා ඇත. ආසියාවේ ක්‍රිකට් ආධිපත්‍යයත්, දැල්පන්දු ආධිපත්‍යයත් අතමිට මොළවා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමටත් අපි යළි යළිත් ශුභාශිංසන පිරිනමමු.

(***)



අදහස් (1)

ක්‍රිකට් - දැල්පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැයේ ප්‍රණාමය

randil Tuesday, 13 September 2022 12:39 PM

ලස්සනයි .. මනා අගය කිරීමක්. well done

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site