IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඔමික්‍රෝන් දරුවන් අතර පැතිරීම වැඩිද?

වසර දෙකකට ආසන්න කාලයක පටන් කොවිඩ් රෝගය ලොව පුරා විවිධ අයුරින් සැරිසරමින් පවතී. ඉතාම දරුණු කාණ්ඩයෙන් පැමිණි කොවිඩ් රෝගය ඉන්පසු ‘ඩෙල්ටා’ සහ වර්තමානයේ ‘ඔමික්‍රෝන්’ නමින් නව ප්‍රභේද එක්කරමින් තවමත් පැතිර යයි. මෙම නව ප්‍රභේදය වේගයෙන් පැතිර යන බව ද මේ දිනවල වයිරස් උණ ලෙසට බොහෝ දෙනා ප්‍රතිකාර ගන්නා බව ද අසන්නට ලැබේ.

මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයට කුඩා දරුවා පහසුවෙන් ගොදුරු විය හැකිය. කුඩා දරුවන්ට තවම මේ සඳහා තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නතක් නොමැති නිසා එය තවත් අවදානම් සහිතය. ඒ නිසාම මේ රෝගයට ගොදුරු වන කුඩා දරුවන් බේරාගන්නේ කොහොමද? මෙම රෝගී තත්ත්වය කුඩා දරුවන්ට එතරම් බරපතළ නොවන්නේද? බරපතළ විය හැකි දරුවන් සිටිනවාද? ඒ සම්බන්ධව පහදා ගැනීමයි මේ.

සාමාන්‍යයෙන් කොවිඩ් රෝගය වැඩිහිටියන්ට වඩා දරුවන්ට සැදීමේ ප්‍රවණතාව අඩුය. රෝගයට ගොදුරු වුවත් දරුවන්ට ඇතිවන සංකූලතා ද අඩුය. එහෙත් යම් යම් ගැටලු සහිත දරුවන්ට අවදානම වැඩිය.

කොවිඩ් රෝගය බරපතළ ලෙස  වැඩිවීමේ හෝ සංකූලතා ඇතිවන දරුවෝ ද සිටිති.

I දීර්ඝ කාලීන ස්වසන ආබාධ ඇති දරුවන්. උදාහරණ ලෙසට උග්‍ර ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් සඳහන් කළ හැකිය.

II දීර්ඝ කාලීන ස්නායු දුර්වලතා ඇතිව උපත ලබන දරුවන්. උදාහරණ ලෙසට මස්තිෂ්ක ආඝාතයෙන් පෙළෙන දරුවන් පෙන්නා දිය හැකිය. මෙම දරුවන්ට කෑම ගිලීම වැනි දෑ අපහසුය. හුස්ම ගැනීම පවා අපහසු වේ. එය බරපතළය.

 III ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වලතා සහිතව බිහි වූ දරුවන්. උදාහරණ ලෙසට HIV රෝගය සහිතව බිහි වූ දරුවන් වැනි අය සඳහන් කළ හැකිය. 

එසේම සංජානනීය ප්‍රතිශක්ති ඌනතා රෝගවලින් පෙළෙන දරුවන්.
දිගුකාලීන ඖෂධ ගැනීමට සිදුවන දරුවන්. උදාහරණ පිළිකා නාශක ඖෂධ ගන්නා දරුවන්. අවයව බද්ධ කළ දරුවන්. මෙවැනි දරුවන්ට ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කරන ඖෂධ නියම කරයි. එම දරුවන්ට මෙවැනි රෝග පහසුවෙන් බෝවිය හැකිය.

 IV. බරපතළ හෘද රෝගවලින් පෙළෙන දරුවන්.
V.  බරපතළ වකුගඩු රෝග සහිත දරුවන්. එනම් උපතින්ම වකුගඩු අක්‍රියතාවෙන් පෙළෙන දරුවන්ය.
VI. උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්.
ඉහත සඳහන් කළ සංකූලතා ඇති දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ අවදානම වැඩිය.
මේ හැර වයස අවුරුදු 01 ට වඩා අඩු දරුවන්ට මෙම රෝගය වැළඳුනොත් අවදානම් සහිත වේ.

රෝග ලක්ෂණ
මෙම කොවිඩ් කුමන ප්‍රභේදයක වුවද බීජ ඖෂන කාලය දින 1–14 කාලයකි. බහුතරයකට වයිරසය ශරීර ගත වී දින 5 – 6 අතර රෝග ලක්ෂණ පහළ වේ.

මෙවර පැතිර යන නව ප්‍රභේදයේ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ වයිරස උණක ලක්ෂණය. එනම් උණ, ඇඟපත වේදනාව, තෙහෙට්ටුව, කැස්ස, උගුරේ වේදනාව. සෙම්ප්‍රතිශ්‍යාවයි.මේ හැර ඇතැම් දරුවන්ට උදර වේදනාව සහ වමනය, පාචනය ඇති වේ. මෙම ඉහත රෝග ලක්ෂණ සහිතව බහුතරයක් දරුවෝ රෝහල් සායන කරා පැමිණෙති.

මේ කාලයේ ඔමික්‍රෝන් පැතිර යාම සමග දරුවන්ට මෙම රෝගය වැළඳීමෙන් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම් උණ වලිප්පුවයි. උණ ගැනී පැය කිහිපයකින් දරුවාට වලිප්පුව සෑදී රෝහල් ගත කරන අවස්ථා බහුලව දක්නට ලැබේ.

සුළු නියුමෝනියා තත්ත්වය 

මේ හැර මෙම රෝගය සුළු නියුමෝනියා තත්ත්වය ලෙසට ඇති වේ. එනම් පෙනහලු ආසාදනයක් ලෙසටය. එවිට ඇතිවන රෝග ලක්ෂණ මෙසේය.

දරුවාට වියළි හෝ සෙම කැස්ස ඇති වේ.
හුස්ම ගැනීමේ අපහසුව.
දරුවා වේගයෙන් හුස්ම ගැනීම.
මෙවැනි දරුවන් පරික්ෂා කිරීමේදී රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය සාමාන්‍යයෙන් සියයට 96 කට වඩා වැඩිය.
බරපතළ නියුමෝනියා තත්ත්වය
දරුවාට හුස්ම ගැනීම අපහසු වේ. දැඩි ආයාසයකින් හුස්ම ගැනීමට පටන් ගනී. මෙසේ වන්නේ රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ බැසීම නිසාය.
ඒ සමගම දරුවාට නිදිමත ගතිය ඇති වේ. සිහිසුන් විය හැකිය
.

බරපතළ නියුමෝනියා තත්ත්වයට පත්වූ දරුවන් ආහාර පාන ගන්නේ නැත. මවුකිරි බොන දරුවා වුවද එය ප්‍රතික්ෂේප කරයි. මෙම තත්ත්වයේදී දරුවා විජලනයට පත්විය හැකිය.ඉන්පසුව ඇතිවන්නේ දරුවාගේ ජීවිත අවදානම පවා ඇති විය හැකි ඉතා බරපතළ තත්ත්වයයි.

මෙම තත්ත්වයේදී දරුවා ස්වසන අකර්මණ්‍යතාවට පත් වේ. කම්පනයට පත් වේ. කුඩා දරුවකුට වුවද හෘදයාබාධයක් ඇතිවිය හැකිය.මෙම තත්ත්වයේදී රෝගී දරුවා බහු අවයව අකර්මණ්‍ය භාවයට පත්වේ.
 

කොවිඩ් රෝගයට ගොදුරු වී ඇති බව දැන ගන්නේ කොහොමද?

මේ කාලයේ කොවිඩ් ඔමික්‍රෝන් තත්ත්වය සමග දරුවන්ට ඉහත ගැටලු ඇතිවිය හැකිය. ඒ නිසා ඉහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම්

ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාව(රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව) හෝ PCR  පරික්ෂාවට යොමු කළ යුතුය.
ඉහත පරීක්ෂණවලට අමතරව රෝග ලක්ෂණ අනුව පහත පරීක්ෂණ සඳහා ද යොමු කරනු ඇත.

පූර්ණ රුධිර පරික්ෂාව (FBC)
CRP පරික්ෂාව
X කිරණ පරික්ෂාව
මේ හැර රෝග ලක්ෂණ අනුව තවත් පරීක්ෂණ කරයි.

දරුවාගේ පරීක්ෂණ පොසිටිව් වුවොත්

කොවිඩ් ඇන්ටිජන් හෝ PCR පරික්ෂාව පොසිටිව් වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගත යුතුය. මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් ලබාගත හැකිය. එසේ කළ යුත්තේ මෙම පරීක්ෂණ පෞද්ගලිකව කර රෝගය හඳුනා ගතහොත්ය.

දරුවා රෝහල් ගතකර එහිදී රෝගය හඳුනා ගතහොත් අදාළ අංශවලට රෝහලෙන් දන්වයි. මෙහිදී ගැටලු සහගත තත්ත්වයක් නම් දරුවා රෝහල් ගතකර නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමුකරන අතර බරපතළ තත්ත්වයක් නැත්නම් නිවෙසට යවයි. එහිදී දරුවා දුරකථන අධීක්ෂණය යටතේ තබා ගනී.

නිවසේ දරුවා තබාගන්නේ නම්,
දරුවා නිවසේ සිටින අනෙක් නිරෝගී අයගෙන් වෙන් කළ යුතුය.

දරුවා බලා ගැනීමට වෙනම කෙනකු තැබිය යුතුය. ඒ අය ද පවුලේ සෙසු නිරෝගී අයගෙන් වෙන්වී සිටිය යුතුය.
උණ තිබේ නම් වයස අනුව පැරසිටමෝල් පැය හයකට වරක් නියමිත මාත්‍රාවෙන් දිය යුතුය.

දරුවාට වමනය, පාචනය හෝ උණට අමතරව වෙනත් රෝග ලක්ෂණ තිබේ නම් හෝ විශේෂයෙන් හුස්ම ගැනීමේ අපහසුතා හෝ අසාමාන්‍ය නිදිමත තිබේ නම් පමා නොකර රෝහල් ගත කළ යුතුය.

පෞද්ගලික පරීක්ෂාවකදී දරුවාට කොවිඩ් රෝගය බව හඳුනා ගතහොත් වෛද්‍ය උපදෙස්වලින් තොරව නිවසේ තබා ගැනීම කිසිසේත්ම නොකළ යුතුය.

දරුවාගේ වයස අනුව ප්‍රමාණවත් ලෙසට ජලය හා ආහාර දිය යුතුය.
මවුකිරෙන් වැඩෙන දරුවකු නම් නියමිත ලෙසට මවුකිරි දිය යුතුය.

උණ වැඩි වුවොත්,

 මෙම රෝගයට උණ ගැනුණොත් පැරසිටමෝල් හැර වෙනත් කිසිම වේදනා නාශක ඖෂධයක් නොදිය යුතුය.
කොවිඩ් රෝගී දරුවෙක් නිවසේ තබාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ වයස අවුරුදු දෙකට වැඩි නම් පමණි. ඊට අඩු දරුවෙක්ට කොවිඩ් රෝගය සැදුණොත් රෝග ලක්ෂණ අඩු වුවත් රෝහල් ගත කළ යුතුය.

එසේම වයස අවුරුදු දෙකට වැඩි රෝග ලක්ෂණ බෙහෙවින් අඩු දරුවකු වුවත් නිවසේ තබාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ නිවසේ දරුවා තබා ගැනීමට සනීපාරක්ෂක පහසුකම් තිබේ නම් පමණි.

වර්තමානයේ කොරෝනා රෝගයේ නවතම ප්‍රබේදයක් වන ඔමික්‍රෝන් රෝගය වේගයෙන් පැතිර යයි. වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මෙම රෝගයෙන් වැළකෙන ප්‍රතිශක්තිකරණ එන්නත දීම තවම ක්‍රියාත්මක කර නැත. ඒ නිසා ඔබේ දරුවා මෙම රෝගයෙන් වළක්වා බේරා රෝගී වුවහොත් දරුවාගේ ජීවිතය බේරා ගැනීමටත් ඒ සම්බන්ධ දැනුම්වත් වීම ඉතාම වැදගත්ය.

සටහන- ශිරානි ගල්ලෑල්ල

මාරවිල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  අසංග රාජපක්ෂ



අදහස් (0)

ඔමික්‍රෝන් දරුවන් අතර පැතිරීම වැඩිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site