IMG-LOGO

අවුරුදු කාලය නිමයි: කැපවී වැඩ කර ජය ගනිමු

සියලු ලක්වාසීන් එක්ව සැමරූ සිංහල - දෙමළ අලුත් අවුරුද්ද නිමාවට පත්ව තිබේ. මෙතැන් සිට ඉඩ හසර වෙන්වන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැතූ ප්‍රාර්ථනා ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා වන මහා ක්‍රියාන්විතය වෙනුවෙන්ය.

අප හැමදාමත් අවධාරණය කළ  ප්‍රධාන කාරණයක් වූයේ පැතුම් ප්‍රාර්ථනාවලට පමණක් කිසිවක්ම කළ නොහැකි බවය.  ඒ වෙනුවෙන් මනා සාමූහික විචාර බුද්ධියකින් යුතුව  ක්‍රියාත්මක විය යුතු බවය. ඉතිහාසයේ ගෙවා ආ දවස්වලදී අප ඒ වෙනුවෙන් කැප වූයේ නම් 75 වසරක ශාපයක් සම්බන්ධ  ආඩපාලි වෙනුවෙන් ඉඩක් වෙන් කිරීමට සිදු නොවනු ඇත. ‘‘ඉතිහාසය විසින් මග දමා ආ හැම දෙයක්ම වර්තමානයට බර වැඩි” යැයි  කියැවෙන්නේ එහෙයිනි.

අලුත් අවුරුදු නිමාවෙන් පසුව ප්‍රවෘත්තිවලදී වැඩිම ඉඩක් වෙන් වී තිබෙන්නේ රිය අනතුරු සම්බන්ධයෙනි. මාර්ග විනය සම්බන්ධයෙන් මෙලෝ අවධානයක් හා අවබෝධයක් නොතිබීමේ තාර්කික ප්‍රතිඵලය වී තිබෙන්නේ මහ මග යකඩ තහඩු කඳන් අතරේ සිරවී ඇඹරී මියගිය පුරවැසියන් සම්බන්ධයෙන් සංවේගයට පත්වීමටය. සදාකාලික ආබාධිත භාවයට පත්වූවන් සම්බන්ධයෙන් දුක්වීමටය. මත්පැනින් ආතුරව ඇතිකර ගත් ගැටුම් පිළිබඳව කතා කිරීමටය. ගිනි කෙළි හරඹවලින් හදිසි අනතුරුවලට ලක්වූවන් ගැන කම්පාවීමටය.

බොහෝ ප්‍රීතිප්‍රමෝදයෙන් යුතුව  සැමරිය යුතු මහා සංස්කෘතික මංගල්‍යයක් අවමංගල්‍යයක් බවට පත්කර ගැනීම තරමට අපි සංස්කෘතික දරිද්‍රතාවෙන් පෙළෙමු.

ගෙවුණු පැරණි වසරේ සැලකිය යුතු දින ප්‍රමාණයක් ‘‘ඉල්ලීම් දිනා ගනු පිණිස ’’ වෙන් විය. ඒ වෙනුවෙන් මහා උද්ඝෝෂණ  සමස්ත මහා වැඩ වර්ජන ආදී විවිධ මාදිලියේ ක්‍රියා මාර්ග ගනු දැකිය හැකිය. මෙම මොහොතේද එම අනතුර පහව ගොස් නැත.  වැඩ කරන දින වැඩිකර ගැනීමෙන් විනා වැඩ වර්ජන කිරීමෙන් රටට ජයග්‍රහණ ගෙන  ආ නොහැකි බව ඒකාන්ත වශයෙන්ම ඔප්පු වී තිබියදීත් අප ගමන් කරමින් සිටියේ පරාජය හා විනාශයටය. 

කිසිදු සමාජයක කිසිදු පුද්ගලයකුට තනි තනිව විමුක්තියක් නිර්මාණය කරගත නොහැකිය. අලුත් අවුරුද්දට අදාළව අප පැතූ කිසිදු පෞද්ගලික ප්‍රාර්ථනාවක් යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඉඩක් නැත. යස ඉසුරෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් සම්බන්ධ අපේක්ෂා ඉටු කරගත හැකි වන්නේ.‘‘යස ඉසුරෙන් පිරුණ ප්‍රීතිමත් රටක්’’ තුළ පමණි.

දරිද්‍රතාවේ පත්ලට වැටී අර්බුද සුළියක සිරවී ඇති රටක් තුළ පෞද්ගලික ජීවන අපේක්ෂාවන් හිස් සුසුමක් පමණි. එය වූ කලී කොහොඹ කොළයකින් පැණි රසයක් බලාපොරොත්තු වීමකට සමානය. ගස කොහොඹ  බව සැබෑ නම් කොළය කොහොඹ බව සැබෑ නම් අපේක්ෂා කළ යුතු එකම රසය වන්නේ ‘තිත්ත’ රසයම  පමණි.

බිඳවැටුණු රටක පෞද්ගලික අභිමතාර්ථ සඵල කරගත නොහැකි නම් විසඳුම වන්නේ පෞද්ගලික අභිමතාර්ථ සඵල කරගත හැකි හැකියාවක් සහිත රටක් නිර්මාණය කර ගැනීමය. එබඳු රටක් බලාපොරොත්තුවලින් පමණක්ම බිහි නොවේ. එමෙන්ම ඉල්ලීම් හෙවත් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කිරීමෙන් පමණක් එබඳු රටක් බිහි නොවේ. කළ යුතු වන්නේ අයිතිවාසිකම්වලට යොමු කරන අවධානයම යුතුකම් සඳහා ද යොමු කිරීමය. අප රට තුළ අයිතිවාසිකම් සම්බන්ධ අවධානය සමග සැසැඳීමේදී යුතුකම් තිබෙන්නේ ගව්ගණනක් පහළිනි.

අප සියල්ලන්ටම අවශ්‍යවන්නේ මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි රටකි. මේ රට යනු ඒ හැකියා සම්පත්තියෙන් ඉතා පොහොසත් රටකි. ප්‍රමාණයෙන් කුඩා වුවද ආධ්‍යාත්මයෙන් මහා විශාල රටකි. ඕනෑ අභියෝගයක් ජයගත හැකි ප්‍රඥාවෙන් පිරිපුන් මානව සම්පත්තියෙන් හෙබි රටකි.

‘‘අලියාගේ තරම අලියා නොදන්නාසේම අප රට සතු හැකියාව හා සම්පත් සම්බන්ධයෙන් අනවබෝධයෙන් පැමිණීමේ තාර්කික ඉම ‘සතුට අහිමි වූ රටක්’ බිහිවීමය. විනාශය  විනෝදයක් කර නොගෙන යථාර්ථය තේරුම් ගනිමින් කටයුතු කරන්නේ නම් ලැබූවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබ හා ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් බවට පත්වීම ඒකාන්තය. 

(***)



අදහස් (0)

අවුරුදු කාලය නිමයි: කැපවී වැඩ කර ජය ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 11355 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 282 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 203 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site