IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෑම ජන කොටසකම ප්‍රශ්න ගැන බලන්න ඕනෑ

2024 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. සුපුරුදු පරිදි ඒ සම්බන්ධයෙන් ප්‍රශංසා මෙන්ම විවේචන ඉදිරිපත් වෙමින් තිබේ. ඕනෑම දෙයක් තම තමන් දරන දේශපාලන මතවාද වලට අනුව විග්‍රහ කිරීම ජාතික සිරිතක්ව වර නැගෙන හෙයින් ඒ සම්බන්ධයෙන් අමුතු විමතියක් ඇති කර ගත යුතුද නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනා අතර ප්‍රමුඛ අවධානයක් දිනාගත් යෝජනාවක් වන්නේ රජයේ සියලු සේවකයන්ට දැනට ගෙවන රුපියල් 7800ක ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි මස සිට රුපියල් 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කෙරෙන බව සඳහන්ව තිබීමය. කවර පැතිමානයකින් බැලුවද එය ඉතා යහපත් යෝජනාවකි.

වෘත්තීය සමිති ඉල්ලා සිටියේ රුපියල් 20000කින් වැටුප වැඩි කරන ලෙසය. රජයේ සේවකයා මුහුණ දී සිටින ආර්ථික පිපාසය එම ඉල්ලීමෙන් පැහැදිලිය.

එහෙත් ජනාධිපතිවරයාම ප්‍රකාශ කළ පරිදි එම ඉල්ලීම ඉටු කිරීමට තරම් මෙරට ආර්ථිකය සවිමත් නැත. එම පරිසරය තුළ රුපියල්  10,000කින් හෝ ජීවන වියදම් දීමනා වැඩි කිරීම රජයේ සේවකයා ලැබූ ජයග්‍රහණයකි.

මෙහිදී අවධානය යොමු කළ යුතු අනෙක් කේෂ්ත්‍රය වනුයේ පෞද්ගලික අංශයේ සේවකයාය. රාජ්‍ය සේවකයන් සිටින්නේ ලක්ෂ 15කි. පෞද්ගලික අංශයේ සේවකයන් ගණන ලක්ෂ 65කි. මෙම ලක්ෂ 65ක් වූ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජීවන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුය.

කොවිඩ් මාරක වසංතය හා ඒ පසුපසින් පැමිණි ආර්ථික අර්බුදය පෞද්ගලික අංශයට දරුණු ලෙස බලපෑවේය. බොහෝ ආයතන වසා දැමුණි. දහසක් දුෂ්කරතා මැද පවත්වාගෙන යන පෞද්ගලික අංශයේ ආයතන වැඩි ගණනක සේවකයන්ගේ වැටුප් බොහෝ කාලයකින් වැඩිවී නැත. ආදායම එසේ වැඩි නොවුණද වියදම හත් අට ගුණයකින් ඉහළ ගොස් තිබේ. පොදුවේ මුළු මහත් ජනයාට දැනෙන ආර්ථික පීඩනය පෞද්ගලික අංශයේ සේවකයාටද දැනේ.

එසේම රටේ පවතින ආර්ථික වාතාවරණය මත පෞද්ගලික අංශයේ බොහෝ ආයතන දුවන්නේද බොහෝ අමාරුවෙනි.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික අංශය නඩත්තු වන්නේද ඉතා අසීරුවෙනි. විදුලිය බිල එක් උදාහරණයකි. කොටින්ම කියතොත් පෞද්ගලික අංශය ගමන් කරමින් සිටින්නේ වැල් පාලමක් මතිනි. එහෙයින් රජයේ මැදිහත්විමකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයාට සහනයක් ලබාදිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

බඩු මිල අඩු කළ නොහැක. කළ හැකි වන්නේ ජනතාවගේ ආදායම ඉහළ නැංවීම බව මෙයට පෙර කළ ප්‍රකාශයකි. එසේ නම් රජය කළ යුත්තේ  ජනතාවගේ ආදායම ඉහළ නංවන ව්‍යාපෘති වේගයෙන් ක්‍රියාත්මක කිරීමය. එමෙන්ම සෑම පාර්ශවයකින්ම චෝදනා නැගෙන අසාධාරණ හා අසීමිත බදු ඉවත් කළ යුතුය.

ආකාර්යක්ෂම හා දූෂිත බලධාරීන් නිසා  කඩා වැටුණ රාජ්‍ය ආයතනවල නඩත්තු බර ජනතාවගේ කර මත නොපැටවිය යුතුය. එහෙත් දැන් සිදුවෙමින් තිබෙන්නේ එයය. එම සැහැසි ඉරණම වෙනස් විය යුතුය. මුළු රටේම ජනයාට දැනෙන සහනයක් ලැබෙනු ඇත්තේ එමගින් පමණි.

(***) 



අදහස් (0)

සෑම ජන කොටසකම ප්‍රශ්න ගැන බලන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site