කරුණාට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට
කරුණා අම්මාන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් , ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ප්‍රකාශ වලින් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.