(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය නගරාසන්නයේ පාසලක දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන කොරෝනා ආසාදිත දැරියක් පාසලට පැමිණීමෙන් එම පංතියේ ළමුන් 12 දෙනෙකු සහ පංතිභාර ගුරුවරිය නිරෝධායනයට ලක් කළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
ඒ අනුව පවුල් 13 ක පුද්ගලයන් 28 දෙනෙකු නිරෝධායනයට ලක්කර , ආසාදිත දැරිය සිටි එම පන්තිය ද වසා දැමීමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි මෙම ආසාදිත දැරිය වෙනත් අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලකට ගිය අවස්ථාවේ එහිදී සිදු කරන ලද පී.සී.ආර් . පරීක්ෂණයකදී දැරියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කලේය.
මේ වන විට නිකවැරටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර ,සමීප ආශ්‍රිතයන් ලෙස පවුල් රැසක්ද නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බැවින් සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවම එදිනෙදා කටයුතුවල නිරත වන ලෙසද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවට දන්වා සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආසාදිත සිසුවියක් පාසල් ඇවිත් 28 ක් නිරෝධායනයට