පාඨලීට සිතාසි හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාට සහ එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට ලබන අගෝස්තු 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (20) සිතාසි නිකුත් කළේය. 20 July 2020
ශිෂ්‍යත්ව-උසස් පෙළ විභාග ඔක්තෝබර් තෙක් කල්යයි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වීමටත්, අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිටත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 20 July 2020
දිස්ත්‍රික් 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම් අධික වැසි සහිත පවතින කාල ගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් පහකට නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ. 20 July 2020
දෙමළ ජාතික සන්ධානය ස්වයං අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් සොයයි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුම් වශයෙන් ලබා දීමට කැපවෙන බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටීයි. 19 July 2020
ගමේ බණ්ඩයියාට තියෙන නීතිය දේශපාලනඥයින්ට නැද්ද පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ. 19 July 2020
සියලුම බෝවන රෝග පාලනයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉවත්වෙති කොවිඩ් 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරිවලින් අද (18) සිට ඉවත් විමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය පළවූ තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය. 18 July 2020
පාසල් අතුරු නිවාඩුව සතියකින් දීර්ඝ කරයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් සතියක පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා නම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අද නිවේදනය කළේය. 18 July 2020
රාජසභා මණ්ඩපය ඩෝසර් කරලා දහතුන්වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දමා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර ඇත. 18 July 2020
සම්බා-නාඩු-කීරි සම්බා වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක් මෙවර මහ කන්නයේදී සම්බා, නාඩු සහ කීරි සම්බා වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක්ද, තෙත වී සඳහා කිලෝවකට රුපියල් 42ක සහතික මිලක්ද ගෙවීමට රජය තීරණය කර ඇත. 17 July 2020
හෝමාගම පොලිසියේ 41 ඇතුළු 73 ක් නිරෝධායනයට හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට නව කොරෝනා රෝගය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් 41 දෙනකු ඇතුළු 73 දෙනෙකු අද (17) නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. 17 July 2020
අඟුලානේ කලබලයට 10 ක් අත්අඩංගුවේ අඟුලාන පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බව කියන තවත් පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය. 16 July 2020
වැටුපෙන් අඩක් ගෙවීම සැප්තැම්බරය දක්වා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රාජකාරී සඳහා නොගෙන්වන පෞද්ගලික අංශ සේවකයින්ට වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500ක් ගෙවීමට හාම්පුතුන්ගේ සංගම් සමඟ ඇතිකරගත් එකඟතාවය සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. 16 July 2020
පීසීආර් පරීක්ෂණ 130,000ක් කර අවසන් ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමග ආසාදිතයන් බවට පත්වූවන් හඳුනාගැනීම සඳහා මේ වනවිට පී. සී. ආර් පරීක්ෂණ 130,000කට අධික ප්‍රමාණයක් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 16 July 2020
පැල්මඩුල්ලේ 37ක් නිරෝධායනයට දියතලා කඳවුරට කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ඨානයේ සිට පැල්මඩුල්ලට පැමිණි කොරොනා ආසාදිත නිලධාරියාගේ පළමු සමීපතම ආශ්‍රිතයින් 37දෙනෙකු නිරෝධායනය සදහා දියතලාව හමුදා කදවුරට රැගෙන ගියහ. 16 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 6 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 659 කි. 15 July 2020
මහර බන්ධනාගාරයේ නිලධාරීන් - රැඳවියන් 150 ක් පී.සී.ආර් පරීක්ෂණයට මහර බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් 150 කට අධික පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බවත් ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණය මගින් සනාථ වූ බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 15 July 2020
බන්ධනාගාර බුද්ධි ලොක්කා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුවේ තුන් වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික සම්පත් මහතා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නියම කළේය. 15 July 2020
දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්රිත පොකුර ඔස්සේ ඇතිවූ කොවිඞ් 19 ආසාදිතයින් මේ වනවිට දිස්ත්‍රික් 16 කින් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය. 15 July 2020
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමත් හමුදාවට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගමකින් ඉවත් කර හමුදාවට භාර දෙන බව රජය පවසයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව අතර සාකච්ඡාවක් පැවැත්වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 15 July 2020
ගොනාපිනුවල 34ක් ස්වයං-නිරෝධායනයේ තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ගොනාපිනුවල මාජුවාන පවුල් 8කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 15 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 666 ට නගී කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි 14 July 2020
කලවානේ කඩ වහයි කොරෝනා තත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්රිගු මහතා පැවසීය. 14 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 654 ට නගී වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 654 දක්වා ඉහළ ගොස් තිබේ. 14 July 2020
කැකිරාව කිතුල්හිටියාව 30ක් ස්වයං-නිරෝධායනයට කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 14 July 2020
රාජාංගනයේ සංචරණය නවතයි කොරෝනා ආසාදිතයන් හමු වූ රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණය සම්පූර්ණයෙන් ම අඩාල කර, නවතා දමා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය. 13 July 2020
කන්දකාඩුවේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකුට කොරෝනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට නැවත කොරෝනා ආසාදනය වී ඇතැයි අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. 13 July 2020
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 623 ට නගී අද (12 වැනිදා- ඉරිදා) රාත්‍රී 10.00 වන විට ජාතික බෝවන රෝග මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් 10 කින් වැඩිවී තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 623 කි. 12 July 2020
පොහොට්ටුවේ ප්‍රධාන ප්රචාරක රැළි නවත්වයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත. 12 July 2020
තවත් 43දෙනෙකුට කොරෝනා කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියට අනුව, ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද උදෑසන 07.34 වනවිට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි. 12 July 2020
ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 468 දක්වා ඉහළට වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවිය අනුව අද (11 වැනිදා) සවස් වන විට ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 468 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද පස්වරු 6.15 ට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි. 11 July 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025