
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6 ක සිර දඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (21) නියෝග කළේය.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක් ද නියම කෙරිණි. එසේම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු රාජකාරි සඳහා කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ අටුලුගම මාරාව පදිංචි පකීර් මොහොමඩ් මොහොමඩ් අමීර් නැමැති 52 හැවිරිදි පුද්ගලයකුටය.
චෝදනා 8 ක් බණ්ඩාරගම පොලීසිය සැකකරුට විරුද්ධව ගොනු කර තිබිණි.
කොරොන ආසාදිතයෙකුව සිටි සැකකරු රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා ඉකුත් දෙසැම්බර් 2 වැනිදා මාරාව ඔහුගේ නිවස අසලට ගිය අවස්ථාවේදී එම තැනැත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී රාජකාරියට බාධා කරමින් ඔවුන් ගමන්ගත් කැබ් රථයේ දොර විවෘත කර කෙළ ගසා තිබිණි.
චෝදනා තුනකට වසර දෙක බැගින් වූ සිර දඬුවම් ද, නියම කරන ලද වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස 6 බැගින් වසර දෙකක සිර දඬුවම් ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය. රුපියල් 10,000ක දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවම් ද වෙනත් චෝදනා දෙකකට රුපියල් 50 බැගින් වූ දඩ මුදල් නොගෙවන්නේ නම් සති දෙකක සිර දඬුවම් ද නියම කෙරිණි.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික හා පොලිස් සැරයන් එදිරිසිංහ යන මහත්වරු පැමිණිල්ල ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම ප්‍රශංසනීය නඩු තීන්දුවක්..!
සර් හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ...
මාරාන්තික වෛරයක් බෝ කිරීමට උත්සාහ කරාට, මීට වඩා ලොකු දඬුවමක් දෙන්න තිබුණේ..
මේ ගැන කිසිම විවේචනයක් නැහැ. මොහුගේ ක්‍රියාව පිළිකුල් සහගතයි....
එතකොට යුක්‍රේන් වලින් කොරෝනා පොකුරු ගේන අයට? බ්‍රැන්ඩික්ස් පොකුරු ගෙන්නපු අයට? පැණි වෙදාට?
මෙයාගේ දිවට දඬුවම් දෙන්න ඕනේ..
නියමයි...
මෙම පුද්ගලයාගේ ක්‍රියාව ඉතාම අශීලාචාර දෙයක් සහ දඬුවම් කළ යුතු දෙයක්. ඒත් වසර 6 නම් වැඩියි.
ගොට්ට අල්ලපු කෙනෙක් වුණානම් කොහොමද?
දෙන දඬුවම් අවුරුදු 4න් ඉහළට ලැබෙනවා නම් හොඳයි. නැවත මෙම ආණ්ඩුව ආවාම 4, 40 කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
ඉතාමත්ම ඉහළ නඩු තීන්දුවක්... මේක අනෙක් අයටත් පාඩමක්..
කෙළ ගහලා වැඩේ කාගත්තා නේද? දැන් කටේ කෙළ හිඳිලා ඇති...
මෙතන අදහස් දාන බක පණ්ඩිතයෝ මොනවා කිව්වත් මෙයා මාස 06න් ගෙදර... සමහරවිට පෙබරවාරි 04 වෙන්නත් පුළුවන්.. මම කියන්නේ බොරුද බලන්නකෝ..!!!