
(*** නිමන්ති රණසිංහ)
පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19) නියෝග කළාය.
මෙම සිදධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව සැකකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එලෙස නිදහස් කළාය.
ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම මත සැකකරුවන් දස දෙනා නිදහස් කළ අධිකරණය සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය.
ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ පුත්තලමේ පදංචි ශෙයියදු අලි මොහොමඩ් අෆිල්, ඩයගම පදිංචි මහාවංශ මුදියන්සේලාගේ සමන්ත, බඩල්කුඹුර පදිංචි මොහොම්මදු වංගීර් මොහොමඩ් වංගීර්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් සාලීහු මොහොමද් ආරුස්, බඩල්කුඹුර පදිංචි මොහොමඩ් අස්වාන් මොහොමඩ් අස්කම්, පෙරියමඩු පදිංචි සලීම් සන්හින්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් හිදාර් මොහොමඩ් සුමෙයිර්, හපුතලේ පදිංචි රෙන්ෂන් ගෝවින්ද සාලි, මුරුතලාගහමුල්ල පදිංචි හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අයවලුන්ය.
මෙහි නව වැනි සහ දස වැනි සැකකරුවන් දෙදෙනා වන හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අය මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදා හරින ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාටද නියෝගයක් නිකුත් කළේය.
මෙහි මුල් සැකකරුවන් නව දෙනාට එරෙහිව ඇප ප්‍රතික්ෂේප කිරිමට තරම් ප්‍රමාණවත් කරුණු පොලීසිය බී වාර්තාව මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති විම හේතුවෙන් අධිකරණය ඔවුන්ට ඇප නියම කළේ ඉකුත් 2019 වර්ෂයේ මැයි මස 06 වැනිදාය. ඒ එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැඟින් වූ ශරීර ඇප දෙකක් මතය. පසුව එයින් එක් සැකකරුවෙක් නැවත රක්ෂිත බාරයට පත් කරනු ලැබීය. ඒ අනුව සැකකරුවන් දෙදෙනක් ඊයේ (19) දිනය වන විටත් රක්ෂිත භාරයේ පසුවූහ.
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් අංක 111/6 ඒ, අවිස්සාවේල්ල පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘කොලොසස්’ නමින් පවත්වාගෙන ගිය තඹ කම්හලේ සේවකයන් 100 දෙනකු පමණ සේවය කර ඇති බවත් ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලින් පසු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශනය කළ වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
මෙම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ඔවුන් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ දින සහ ඊට පසු දින පංචිකාවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති බවත්, සැකකරුවන් සිම්කාඩ්පත් දෙකකට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. ඒ අනුව මෙම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවීමට අවශ්‍ය බව ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කළේය.
පසුව මෙම සිද්ධිය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත මාරු කෙරුණු අතර, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි එම කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දී තිබුණේ ඉකුත් 2019 වර්ෂයේ නොවැම්බර් මස 04 වැනිදාය.
කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ හෝටල් තුනක් ඇතුලු ස්ථාන 8ක ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සමග එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් දස දෙනා ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 22 වැනිදා අලුයම් කාලයේදි අත්අඩංගුවට ගත් අතර වැල්ලම්පිටිය පොලීසිය ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් ජනාධිපති වුණාම බලන්නකෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දෙන හැටි... ඒ දවස්වල මගේ යාලුවෙක් කිව්වේ...
ඔබට ස්තුතියි සර්... ‘‘සිංහලයා මෝඩයා.. කැවුම් කන්න යෝධයා...‘‘
පාස්කු ප්‍රහාරයෙන් කාට හරි ඇත්තටම වාසියක් වුණාද? අන්න ඔවුන් තමයි ඔය සිද්ධියේ මුලින්ම ඉන්නේ...
මුස්ලිම් මිනිස්සු අවංකයි.
දැන් පාස්කු ප්‍රහාරයෙන් ඡන්ද ගන්න බැහැ.
අපේ රටේ කරන්නේ දේශපාලකයින්ගේ නියෝගවලට මිනිස්සු නිදහස් කරන්න විතරයි වගේ.. පිල්ලෙයාන්ගේ නඩුවත් ඕනෑ නැහැ කියලා නිදහස් කළානේ. හරියට පරරාජසිංහම් තමන්ටම වෙඩිතියාගෙන වගේ..
ජිනීවා වලින් අහනකොට යුද්ධය කලේ හිටපු හමුදාපතිලු. නමුත් ඡන්ද වේදිකාවේ සහ පොත් ලියනකොට යුද්දෙ කලේ එයාලු!
මෙම ප්‍රහාරය කිසිම අන්තවාදී කණ්ඩායමක් කරන ලද ක්‍රියාවක් නොවන අතර පිපිරීම සිදුවූ පල්ලි භාරව කටයුතු කල පියතුමන්ලාගේ දුර්වලතා හේතුවෙන් සිදුවූ සිද්ධියක් පමණි. එමනිසා එම පියතුමන්ලාට එරෙහිව පරීක්ෂණ කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත....
පරණ කොටි බෝම්බ මතක් වුණු මිනිස්සු තාම මේ පාස්කු බෝම්බෙට බයවෙලා ඡන්දෙ දුන්නේ.. මේ ගොල්ලෝ රට බේරාගනීවි කියලා. බලන් ගියාම පාස්කු බෝම්බ කාරයින් හොඳයිනේ මේ ගොල්ලන්ට වඩා...
කෝ අපේ කොළඹ අගරදගුරුතුමා..? හැංගිලාද?
අනුර තමයි කියන්න ඇත්තේ... එයාගේ යාළුවා කියලනේ කිව්වේ..
සර් එක්ක සෙල්ලම් බෑ...
එහෙම කියන්න එපා... ආපහු ඡන්දයක් ළං වෙනකොට සේරම අල්ලලා කූඩුවට දායි... නැත්නම් අපිව මෝඩයාට අන්දනවා බොරු...
කර්මාන්ත ශාලාවේ වැඩකළා කියලා හැමෝම මේකට සම්බන්ධයි කියන්නේ කොහොමද? පොලිසිය බලන්නේ කවුරු හරි කමක් නැහැ අල්ලලා කූඩුවේ දාලා වරද පටවන්න. නියම වැරැදිකරුවෝ කීයක් හරි වියදම් කරලා එළියට යනවා. ඕකයි ලංකාවේ ඇත්ත තත්වේ..
ඔය ගමන්ම මහ බැංකු හොරු ටිකත් නිදහස් කරන්න..
තඹ මැටි වෙන්නත් පුලුවන් මේ විදියට ....
සර් 69 ලක්ෂය රැවැට්ටුවා තව පාරක්, මහ බැංකුව කැඩුවා කැඩුවා කියන අයටත් මේකමයි.. කඩපු කෙනෙක් නැහැනේ... ඒක නිසා රාජපක්ෂවරුන්ගේ බොරු මෙතැනින් අහවරයි.
දැන්වත් තේරෙනවද පාස්කු ප්‍රහාරයේ නියම සැලසුම් කරුවන් කව්ද කියලා?
කතෝලික ජනතාවට කළ සාධාරණය මොකක්ද?