IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා

 

( බන්ධුල ඉලේපෙරුම) 

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවෙන් වාර්තා වූ 7 වැනි ආසාදිතයා අරුන්දික ප්‍රනාන්දු මහතා වේ.

රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා ජනවාරි 19  සහ 20 යන දිනවල හෝ ඉන් අනතුරුව හෝ පාර්ලිමේන්තුවට නොපැමිණ ඇති හෙයින් පාර්ලිමේන්තුව තුළ සමීප ආශ්‍රිතයන් නොවන බව තහවුරු වී ඇති බව ද, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ ඒ මහතා ජනවාරි 15 දින පීසීආර් පරීක්‍ෂණ සඳහා ඉදිරිපත්ව ආසාධිත නොවන බවට තහවුරු වූ බව ද, වේත්‍රධාරි න‍රේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රී රවුෆ් හකීම්, අමාත්‍ය වාසුදේව නානයක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන අයට මීට පෙර දී වයිරසය ආසාදනය වී තිබිණි.

ඒ අතරින් වාසුදේව නානයක්කාර සහ දයාසිරි ජයසේකර යන මහත්වරු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.



අදහස් (12)

අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා

amila Wednesday, 27 January 2021 06:01 AM

මහජනතාවගේ පැතුම් ඉටුවන ලකුණු.

:       2       56

sachith Wednesday, 27 January 2021 06:14 AM

දැන් තමයි හරි පාරට ඇවිත් තියෙන්නේ...!!! 

:       2       53

Kamal Koyrala Wednesday, 27 January 2021 06:38 AM

කෑගල්ලෙන් පැණි බීලා කන්දකාඩු යන්න කියන්න.

:       2       52

පිටිගල මිලානෝ Wednesday, 27 January 2021 07:01 AM

මේ පාර රට බේරාගන්න යන්නේ කොරෝනා...!

:       1       46

Ruhunu Wednesday, 27 January 2021 07:08 AM

මෙයාලගේ නම් ප්‍රසිද්ධ කරගන්න කරන වැඩක්ද මන්දා...?

:       0       30

Rata Perata Wednesday, 27 January 2021 07:41 AM

හැදුණට වැඩක් නැහැ. අපි වාසුදේව ගැනත් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ....

:       5       46

amarakoon Wednesday, 27 January 2021 07:44 AM

අසරණ මිනිස්සු...

:       9       5

De Wednesday, 27 January 2021 08:29 AM

ඉක්මන් සුව.. කවුරු වුණත් මනුස්සයෙක්නේ...

:       24       10

banda Wednesday, 27 January 2021 09:07 AM

මේ උදවියට පැණිය පොවලා කන්දකාඩු ගිහිල්ලා දාන්න.

:       1       17

Kuma Wednesday, 27 January 2021 10:54 AM

අපේ බලාපොරොත්තු සුන්වෙන්න දෙන්න එපා කොරෝනා ...

:       0       11

විපරමා Wednesday, 27 January 2021 11:20 AM

නියමයි. මෙයා එතරම් හොඳ කෙනෙක් නෙවෙයි. තවත් ඔය වගේ අය ඉන්නවා. එයාලාටත් කොරෝනා පිහිටයි...

:       0       9

siri Wednesday, 27 January 2021 02:59 PM

මෙයත් ගිහින් අතඇරියා නේද " මුට්ටියක්" ගංගාවකට? ඒක වැඩකරලා නැද්ද? නැත්නම් ඒකත් කිල්ලට අහුවුණාද? මාර වැඩක් තමයි ලංකාවට වුනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site