කුඩු නැතිව මීගමුවේ සිරකාරයන් දෙතුන් සියයකට බෙහෙත් දෙන්න වෙලා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මාස කීපයකට පෙර කී අයුරින්ම බන්ධනාගාර හරියට පාලනය කරන හැටියක් දැන් දැන් පෙනෙන්නට ඇත.
ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානි ආරක්ෂක ලේකම්වරයාද ජනාධිපතිවරයාගේ උපදෙස් ‘තක්කෙටම’ ක්‍රියාත්මක කරන බවක්ද දකින්නට තිබේ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායද පසුගිය 24 දා සිට කොළඹ බන්ධනාගාර ආරක්ෂාවේය. සැකකරුවන් පරීක්ෂාවේය.
එදා බන්ධනාගාර තුළ සිට ක්‍රියාත්මකවූ පාතාලය, මත් කුඩු ජාවාරම්, මෙන්ම සංවිධානාත්මක අපරාධ අදටත් ක්‍රියාත්මක නොවන්නේ යැයි කිව හැකිද?
රටපුරා හතරවටින් පොලිස් අත්අඩංගුවට පත්වන පාතාල ක්‍රියාකාරින්ගේ ගෝලබාලයින් වමාරන දේවලින් ඒ පිළිබඳ තොරතුරු හෙළිවන්නේ ගජරාමෙටය. එදා වැලිකඩෙන් හොල්ලන්නට බැරිවූ පාතාල ක්‍රියාකාරින් සියල්ලෝම අද බූස්සේය. නැතහොත් අඟුණකොළපෑළැස්සේය.
යකඩ සිරකුටිවල සිරවී සිටියද ඔවුන්ගේ තර්ජන අදටත් එලෙසින්ම පවතිනුයේ කිනම් හාස්කමටද යන්න පැහැදිළි නැත. වෙලේ සුදා, කොස්ගොඩ තාරක, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, කංජිපානි ඉම්රාන්, ගණේමුල්ලේ සංජීව ඇතුළු පාතාල හා මත් කුඩු ජාවාරමුන්ගේ ගෝලබාලයින් දිගට හරහට පොලිසියට කොටුවේද්දී පිටත කුඩු ජාලය අඩපණ වී ඇති බව කීවේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාය.
රුපියල් 1500 කුඩු පැකට්ටුව අද තුන් ගුණයකට වැඩියෙන් අලෙවි වන බවද ඔහු හෙළි කළේ පසුගියදාය. මෙරට අපරාධවල ආරම්භය බන්ධනාගාර බවත් එම බන්ධනාගාර අපරාධකරුවන්ගේ අභ්‍යාස විද්‍යාල බවත් කීවේ නීතිපතිවරයාය.
පාතාල කෙරුමන් හා කුඩු මෝරුන්ගේ අණසකට ඇතැම් බන්ධනාගාර නතුවූ කාලයක්ද විය. ඒත් අදත් ඒ දේ නොවන්නේ යැයි කිසිවෙකුටත් සහතිකයක් දිය හැකිද?
එම ජාලය අදටත් ක්‍රියාත්මක නොවන්නේ යැයි කිව නොහැක්කේ ඉකුත් ජුනි 26 වන දින බූස්ස බන්ධනාගාරයට ගිය බන්ධනාගාර ලොක්කන් පිරිසකට එල්ලවූ පාතාල තර්ජනය ඇසෙන විටය.
ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් එකසේ එල්ලවූ එම තර්ජනය රහස් පොලිසිය මගින් අධිකරණය ඉදිරියේ ගෙන හැර දක්වන්නේ කොස්ගොඩ තාරකලාගේත්, පොඩි ලැසීලාගේත් කියුම් කෙරුම් ගැන රටට දැනෙන්නටය.
කලක් තිස්සේ සංවිධානාත්මක අපරාධකරුවන් සුරතල්කළ ඇතැම් දූෂිත නිලධාරින්ට නම් වැඩ වරදින හැඩය. එවැනි 23 දෙනෙකුම මේ වනවිට සී සී කඩය.
මීගමුව හිටපු අධිකාරිවරයා ඇතුළු 20 දෙනකුට වැඩි පිරිසක් වැඩ තහනමේය. ඊට සම්බන්ධ තවත් 33 දෙනකු හඳුනාගෙන ඇති බව බුද්ධි අංශ හෙළිකර ඇත. කොළඹ මැගසින්, වැලිකඩ කාන්තා, කළුතර, මාතර, මීගමුව, ත්‍රිකුණාමලය බන්ධනාගාරවලට පිටතින් තහනම් බඩු පාර්සල් දැමීම නතරවී ඇති බව කියන්නේ බුද්ධි අංශ නිලධාරින්ය.
ඒත් ඉඳහිට එවැනි සිද්ධියක් නැතුවාද නොවේ. කොහොම වුණත් බන්ධනාගාරවලට කුඩු එනමං ඇහිරී ඒ සියල්ල නතරවී ඇති බවද කිව යුතුය. වැලිකඩින් කුඩු බිඳක් හෝ හොයා ගන්නට නැති බව කීවේද සිරකරුවන් පිරිසකි.
එනිසාම බන්ධනාගාරවල ‘කුඩු සික්ය’.
තත්ත්වය කොයිතරම්ද කියනවා නම් මීගමුවි බන්ධනාගාරයෙන් පමණක් දිනකට ‘කුඩු සික්කාරයින්’ දෙතුන් සියයකට බෙහෙත් දෙන්නට සිදුවී ඇති බවද අසන්නට ඇත.
‘කුඩු සික්’ කාරයින් ගෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පිරිලාය. මේ වනවිට 800 ක් පමණ දෙනා ‘කුඩු නැතිව’ දස අතේ දුව පනින බවද කියති.
‘කුඩු අහේනිය’ සමඟම කෑම පෝලිම වෙනදා මෙන් පාලනය කරන්නට බැරි බව කියන්නේද නිලධාරින්ය. මීගමුව බන්ධනාගාරයේ 725 දෙනකුට ඉඩ පහසුකම් ඇතත් දැනට එහි 2400 දෙනකු රඳවා සිටින බව හෙළි කළේ රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ඊළඟට තදබදයෙන් යුත් බන්ධනාගාරවලින් එකකි. එහි දැනට රැඳවියන් 1600ක් පමණ සිටින නමුදු ඉඩ පහසුකම් ඇත්තේ 400 කට පමණක් බවටද තොරතුරු ඇත.
මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් සැකකරුවන් 2400 රඳවා ඇතත් ඉඩ පහසුකම් සැලසිය හැක්කේ 725 දෙනකුට පමණක් බව රාජ්‍ය අමාත්‍යවරිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් හෙළි කරනු ලැබුවේ පසුගියදාය. මීගමුව-පල්ලන්සේන වැඩ කඳවුරේ රැඳවියන් 1500 කට ඉඩ පහසුකම් සැලසෙන පරිදි අලුතින් ගොඩනැගිල්ලක් ඉදිකරන ලෙසට රාජ්‍ය ඇමැතිවරිය නිලධාරින්ට උපදෙස් දී ඇත්තේද ඒ නිසාය. මෙයින් වැඩි දෙනා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ය. කුඩු නැතිව වැඩි දෙනකු ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන බවද තොරතුරු ඇත. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි එවැනි මත්ලෝලී රැඳවියෙකු පසුගියදා ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් සිටියදී අනෙකුත් රැඳවියන්ගේ පහරකෑමට ලක්ව වැටී මිය ගොස් ඇත්තේද මේ අතරය.
2019 බන්ධනාගාර වාර්ෂික වාර්තාවලට අනුව රැඳවියන් 29164ක් අතරින් 15123ක් ම මත්ලෝලින්ය.
එම වාර්තාවල දැක්වෙන පරිදි 2019 වසරේදී බන්ධනාගාරගත රැඳවියන් 183ක්ම විවිධ හේතුන් මත මිය ගොස්ය. එයින් කීප දෙනෙකුම එල්ලී සිය දිවි නසාගෙනය. මෙම වසරේදී පමණක් ‘කුඩු නැතිව’ එල්ලී මියගිය ගණන තිදෙනකු බව කීවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාය.
කොළඹ රිමාන්ඩ්, බූස්ස හා කළුතර බන්ධනාගාරවලින් එවැනි සිද්ධියක් වාර්තා වූයේ එක දිගටය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මත්ලෝලී රැඳවියෙකු එහි ‘ඊ’ වාට්ටුවේදී බාල්කයේ එල්ලී දිවි නසාගෙන ඇත්තේ රාත්‍රී සියල්ලෝම නින්දට වැටෙද්දීය.
‘කුඩු නැතිව’ දින ගණනාවක්ම වියරු වැටී සිටි බව කියන මොහු බාල්කයට වයරයක් ගැට ගසා ගෙල වැළලාගෙන මියගොස් සිටි බව කිසිවෙකුත් පසුදා පහන්වන තෙක්ම දැන සිට නැතැයිද සඳහන්ය. කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි මත්කුඩු ලෝලී මිනීමැරුම් සැකකරුවකු ‘කුඩු හිඟය’ නිසාම එහි රෝහල් සිර මැදිරියක් තුළ දිවි තොර කර ගෙන ඇත්තේ රෙදි පටියක් එහි ජනේලයක ගැටගසා එල්ලීමෙනි.
කැස්බෑව ප්‍රදේශයේ හෝටල් හිමිකරුවකුගේ ඝාතන සිද්ධියක් මත රිමාන්ඩ් භාරයට පත්ව සිටි මෙම සැකකරු මත් කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහිවූවෙකු බවට හඳුනාගෙන ඇත. යුද හමුදාවෙන් ඉවත්ව පසුව මියගිය හෝටල් හිමියාගේ හෝටලයේ කලක් සේවය කර ඇති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන වැඩි දිනක්ද නැත.
‘කුඩු අහේනිය’ හේතුවෙන් කීප වරක්ම පළායාමට තැත්කර ඇතැයි කියන තොරතුරු මත මොහු ‘කුඩු සික්’ මතින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර එහි සිරකුටියක වසා දමා සිටියදී දිවි නසාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. කළුතර බන්ධනාගාරයේ සිට කෝවිඩ් 19 නිරෝධායනය සඳහා බූස්ස බන්ධනාගාරයට මාරුකර යවන ලද තරුණ සැකකරුවකු කුඩු නැතිව ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැළලාගෙන වැඩි දිනක්ද නැත.
පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ මොහු රිමාන්ඩ් භාරයට පත්ව ඇත්තේද කුඩු නඩුවකටය.
රිමාන්ඩ් බන්ධනාගාරවලට දිනෙන් දින ‘කුඩු එන මං’ වැසී යාමත්, පිටත කුඩු හිඟයත්, කුඩු සික්වලට තදින් බලපා ඇති බව කීවේ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයෙකි.
බන්ධනාගාර තුළ සිට අපරාධ සැලසුම් කිරීම, මත්කුඩු ජාවාරම හා පාතාලය මෙරටින් තුරන් කරන බවට ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් රටට දුන් පොරොන්දුව යථාර්ථයක් වනු දැක්ම ජනතාවගේ එකම ප්‍රාර්ථනයයි.
බන්ධනාගාර තුළින් අපරාධ නැත්තටම නැතිවන දිනය වැඩි ඈතක නොවන්නේද ඒ නිසාය.
ජයන්ත සමරකෝන්
මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව දීපවංසය, මහාවංසය සහ සමන්තපාසාදිකා යන පුරාණ ග්‍රන්ථවල සඳහන් වී ඇත. මහින්දාගමනය ලෙසින් ඉතා ප්‍රකටව ඇති මිහිඳු ම
ඇතැම් ජන කණ්ඩායම් බුදුදහම ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කටයුතු කරන්නේ යැයි කියන අතර ඔවුහු බොහෝ දෙනෙකු ඒ සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරති. ඇතැමෙකු තම දේ
ලංකාවේ ලාදුරු රෝගීන් ගැන මුලින්ම වාර්තා වූයේ ක්‍රිස්තු වර්ෂ 1670දී පමණය. ලන්දේසි පාලන සමයේදී කොළඹ කොටුවේ පෘතුගීසි ජාතිකයන් කිහිප දෙනකුට ලාදුරු වැලඳී ති
රට පුරා අධි වසංගත තත්ත්වයකට ගමන් කරමින් පවතින ඩෙංගු රෝගය, හෙට උපදින පුංචි දරවන්ගේ ජිවිත පවා උදුරා ගන්නා තරමට සැහැසි වන රුදුරු ලකුණු පෙනෙන්නට ඇත.
ක්‍රිකට් කියන්නේ විශාල වශයෙන් මුදල් ගැවසෙන ක්‍රීඩාවක්. අපේ රටේ ගත්තත් වෘත්තීය මට්ටමට කිට්ටු වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමක ති
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපමණය. ඒ සඳහා ඔවුන් කළ කැපකිරීම් ප්‍රමාණයද අති විශාලය. එලෙස පැමිණි ගමන් මගෙ
මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා
ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ
මත්කුඩු නැතිව සිරකාරයන්ට හැදුණු ‘‘කුඩු සික්’’