
‘දුම්බර සොඳුරී’ නමින් ලියැවුණු මේ කවි කිහිපය මා කියෙව්වේ මින් ටික දිනකට කලින් නිකුත් වූ ‘කවි සිතම දම්පාටයි’ නම් කාව්‍ය සංග්‍රහයෙනි. උඩදුම්බර කෝරලය පිළිබඳව මේ අයුරින් උදම් අනන්නී වෙන කවුරුවත් නොව වත්මන් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරන නිලූෂා මනෝරත්නය.
“මම සැප සම්පත් මැද්දෙ හැදුණ වැඩුණ කෙනෙක්. ඒත් මිනිස්සුන්ගෙ ජීවිත කොයිතරම් දුෂ්කරද කටුකද කියලා මම තේරුම් ගත්තෙ රාජකාරි කරන්න පටන්ගත්තට පස්සෙ. 2015 අවුරුද්දෙ පත්වුණු ආණ්ඩුව කාලෙ ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු බෙදාදෙන වැඩසටහනක් ආරම්භ කළා. මෙහිදී අපිට සිදුවුණේ සායනයෙන් සායනයට ගිහින් පෝෂණ මලු බෙදලා දෙන්නයි. එක සායනයකට ගිහින් පෝෂණ මලු බෙදලා ඉවර කරලා අනික් සායනයට සෑහෙන දුරක් යන්න තියෙනවා. මේ යනකොට අපිටත් බඩගිනි දැනෙනවා. කොහෙ හරි නතරකරලා තේ ටිකක් බොන්න අනන්තවත් හිතෙනවා. ඒත් එහෙම නැවතුණොත් ඊළඟ සායනයට යන්න පරක්කු වෙනවා. එතකොට ගැබිනි මව්වරුන්ට බඩගින්නෙ මග බලන් ඉන්න වෙනවා නේද කියලා හිතලා අපි අපේ බඩගින්න ගැන නොහිතා ඊළඟ සායනයටත් යනවා. ඔය වගේ සායන පහකට විතර එක දවසෙ යන්නවුණා. ඔය දවස්වල මම මගේ දුව ලැබෙන්න හිටියෙ. මමත් ගැබිනි මවක් විදිහට තමා තවත් ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු අරන් ගියේ. ”
■ ශාන්ත කුමාර විතාන
2025 දෙසැම්බර් මස 04
78
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
367
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැබිනි මවුන්ට පෝෂණ මලු අරන් ගමින් ගමට ගිය ගමන