වයස අවුරුදු අටයි දිරිය දියණියට පිහිට වෙමුද?

ධනුෂිකා දියණිය පියාට උපස්ථාන කරමින්....
වයෝවෘද්ධ මිත්තණිය සමග නිෙවසින් පිටත්වන වයස අවුරුදු 8ක දැරියක් රඹුක්කන - මහනුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් තනියම පයින් පාසලට යාම එම ප්‍රදේශයේ වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වූ කාරණාවකි. එසේ වීමට හේතුව කුමක් ද යන්න පිළිබඳව තොරතුරු අපට දැනගත හැකි වූයේ බැමිණියවත්ත මහා විද්‍යාලයේ ගුරුවරයෙකුගේ මාර්ගයෙනි.
මිත්තණිය වෙහෙස නිවා ගන්නට මහමග බිම ඉඳගත්තාට පසුව ඇය පාසලට තනියමයි යන්නේ. වයස අවුරුදු අසූවකට වඩා වැඩි ඒ මිත්තණිය ලොකු සුසුමක් හැරලා බිම හිඳගන්න දර්ශනයත්, මේ දැරිය පසු කරමින් අනෙකුත් දරුවන් රැගත් වාහන ගමන් කරන ආකාරයත් මම හැමදාම දකිනවා.
ඇය මේ කිසිවක් නොසලකා බිම බලාගෙන, පාර අයිනෙන් සෑම දිනකම පාසල ආරම්භ කිරීමටත් මත්තෙන් පාසලට යන ආකාරය මම හැමදාමත් දැක්කා. ඉතාමත් අසරණ තත්ත්වයට පත් වුණු අහිංසක ළමයෙක්. ඇය මාවනැල්ල බැමිණියවත්ත මහ විද්‍යාලයේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ධනුෂිකා ලක්ෂාණි හතුරුසිංහ දියණියයි.

ලොව පුරා පැතිර ඇති කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ පිරිස් අසරණ තත්ත්වයට මුහුණ පා සිටින්නා සේ, මේ දරුවා ද අසරණව ඇතැයි සිතූ ශිරන්ත බණ්ඩාර නම් ක්‍රීඩා ගුරුවරයාට ඇය පිළිබඳව සොයා බැලීමට සිත් පහළ විය.
ඔහු ගුරු භූමිකාවෙන් එහාට ගොස් මේ දියණිය පිළිබඳව ඉරිදා ලංකාදීපය දැනුවත් කළේ මේ ආකාරයටය.
“දරුවන් ඉන්න තාත්තෙක් විදිහටත්, මව්පියන් සමඟ පාසලට එන දරුවන් දකින ගුරුවරයෙකු විදිහටත් ගත්තාම මේ දරුවා ගෙවන ජීවිතේ පිළිබඳව මම ඉතාමත් සංවේදී වුණා.
අවුරුදු ගණනාවක් සුද්ධ පවිත්‍ර නොකළ කැලයක සිරවුණු පුංචි නිෙවසක ඔවුන් ජීවත් වන ආකාරය දැකලා මම කම්පාවට පත්වුණා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න වසම්වල රජයේ නිලධාරීන් කොච්චර හිටියත් වැඩක් නෑ. මේ දරුවා ඇතුළු මේ පවුලේ අය අසරණ තත්ත්වයට පත්වෙලා අවුරුදු පහකටත් වැඩියි. ඒත් මේ මිනිස්සුන්ට සමෘද්ධියවත් නෑ. මේ මිනිසුන්ගේ ගෙවල්වලට යන්න පාරක් නෑ. ප්‍රාදේශීය සභාවට අයත් පාරක් තියෙනවා. ඔක්කොම කැලෙන් වැහිලා මඩ වගුරක්. මම ගියෙත් බයිසිකලේ නවතලා කිලෝ මීටර් භාගයක් විතර කැලේ මැදින්. ඒ පාරෙ ගල් ගොඩින්, මඩ වගුරු පැනලයි ගෙදරට ගියේ. අපි ගුරුවරු විදිහට දරුවාගේ පැත්තෙන් සොයා බැලීමක් කරද්දි සමාජීය වශයෙන් නිලධාරීන්ට මේ වගේ අය පිළිබඳව අවධානය යොමු කරන්ට බැරි ඇයි?”

ධනුෂිකා දියණිය පාසල් වැඩ කරමින්....
“මේ පුංචි දුවගේ තාත්තගේ කකුල් දෙක නෑ. ගහකින් වැටිලා ඉණෙන් පහළ පණ නැති වෙලා. ඒ තාත්තා හොඳට හිටපු කාලෙදි එයා වැඩ කරපු බියගම කළු ගල් මෝලේ හිමිකරුවාට වකුගඩුවක් දන් දීලා. ඒ නිසා ඔහු අනතුරට පත් වූවාට පස්සේ සැත්කම්වලට ලක් කරල නෑ. ඒ දියණියගේ අම්මා වෙනත් විවාහයක් කරගෙන. එතකොට මේ දියණියට වයස අවුරුදු තුනහමාරයි ලු. එදා පටන් අවුරුදු අසූ ගණනක් වයසක ආච්චි අම්මා තමයි ගෙදර සියලු වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒ අම්මට ලැබුණු වැඩිහිටි ආධාර මුදලෙන් ජීවත් වෙලා තියෙනවා.
එහෙත් දැන් මේ දැරිවිය අවුරුදු 8ක දියණියක්. දැන් එ් දියණිය තමයි එක තැනට වැටුණු තාත්තගේ සියලුම කටයුතු කරන්නේ. තාත්තගේ මළ මුත්‍ර පවා ඉවත් කරන්නේ මේ පුංචි දුවගේ අතින්. ඔහුගේ ඉණෙන් පහළ පණ නැති නිසා වැසිකිළි යන්න වස්ති දිය යුතුයි. වස්ති බෙහෙත ශීතකරණයක තැබිය යුතුයි. ඒ පහසුකම් නැති නිසා ඔවුන් වස්ති බෙහෙත මැටි මුට්ටියක තියලා තියෙනවා. වැසිකිළි යන්නෙ ප්ලාස්ටික් තැටියකට. මුත්‍රා කරන්න බටයක් දාලා. ඒ සියලු පවිත්‍රතා කරන්නේ මේ දැරිවිය. තාත්ත රෝද පුටුවේ ඉන්දන්න උදව් කරන්නේ මේ දැරිවිය. ඔහු නෑවීමට බෑවුමක් සහිත කැඩුණු පොලවේ රෝද පුටුව තල්ලු කරන්නෙත් මේ දුව තමයි. මේ වයසක ආච්චි අම්මා අසනීප වුණාම පරිප්පු හොද්දකුයි බතකුයි ගිනි වටකරගත්ත දර ලිපේ සැකසෙන්නේ මේ දුවගේ පුංචි අත් දෙකෙන් තමයි.

මම මෙයාලගෙ තොරතුරු අපේ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සමග කතා කරලා පසුගිය ඉරිදා අපි එකතුවෙලා මේ ගෙදර ශ්‍රමදානයක් කළා. අවුරුදු පහකටත් වැඩිය කාලයක් මහා විශාලවට හැදුනු උණ පඳුරකින් ගේ වැහිල තිබුණේ. අපි මුලින්ම කළේ මේ අයව සුද්ධ පවිත්‍ර කරලා, අලුත් ඇඳන්, මෙට්ට, ඇතිරිලි ගෙනත් දාලා මේ අයට ජීවත් වෙන්ඩ පුළුවන් පරිසරයක් හදපු එක. පුංචි දුව ඉතාම දක්ෂ කෙනෙක්. ඒ නිසා අපි එයාට පාඩම් කරන්න ප්ලාස්ටික් මේසයක්, පුටු දෙකක් ගෙනත් දුන්නා. දැනට අපිට පුළුවන් විදිහට මේ දරුවා වෙනුවෙන් ගුරු මණ්ඩලයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ගත්තා ඇගේ අනාගතය හදන්න. අපේ අරමුණ පාසල් දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් ඇයට ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් ගොඩ නැඟීමයි” ඔහු සඳහන් කළේය.
දැනට ඔවුන්ට උදව් කරන්න කිසිම යහළුවෙක් නෑදෑයෙක් නෑ. මේ කාරණාව දැක්ක මම ගොඩාක් කම්පාවට පත් වුණා. සෙල්ලම් කරන්න ඕනැ පුංචි දියණියක් මහලොකු රාජකාරි ගොඩක පැටලිලා. ඇයට පුංචි කාලේ ඉඳලම සෙල්ලම් බඩු තිබිලා නෑ. සෙල්ලම් කරන්න වෙලාවක් තිබිලා නෑ. ඇයට ලැබෙන පුංචි වෙලාවෙදි ඇය ඇගේ මිත්තණිය සමග කරන එකම සෙල්ලම ඉස්පිරිතාලයක් දැමීමයි. මිත්තනිය රෝගියා ලෙසත්, ඇය වෛද්‍යවරිය ලෙසත් කරන සෙල්ලම පිළිබඳව මිත්තණිය අප සමග කීවේ ද සිනාසෙමිනි. මිත්තණිය ඇය කුඩා අවධියේ දී යම් ආබාධ තත්ත්වයකට පත්ව සිටින්නියකි. ඇය, වම් කකුලට විශේෂිත සපත්තුවක් පැළඳගෙන ඉතාමත් අපහසුවෙන් ඇවිදින අයෙකි. මේ නිසා ඇයට බොහෝදුර පයින් යා නොහැක. එහෙත් ඇයට ආබාධ සහිත වූ අය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් දෙන ආධාරය ලැබෙන්නේ නෑ. එම දියණියගේ දෙපා අහිමි පියාට රුපියල් 5000 ලැබුණ ද එ් මුදල ලබා ගැනීමට රුපියල් පන්සීයක් වියදම් කරගෙන, දෙවතාවක් කච්චේරියට යාමට සිදුව තියෙනවා.

ධනුෂිකා, පියා සමඟ
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ දෙවනගල, රුවන්දෙණිය වසමේ පදිංචි ශ්‍රියාරත්න දීප්ති හතුරුසිංහ මහතා (44) වසර හයක් එක්තැන්ව සිටී. ඔහු වෘත්තියෙන් පොල් කඩන්නෙකි. මීට වසර 6කට ඉහත දී ඔහු නැගි පොල් ගසක් මුලින්ම ඉදිරී ඔහු ගහෙන් වැටීමෙන් සුසුම්නාවට බරපතළ හානි සිදුව ඇත. අද රෝදපුටුවක ජීවිතය ගෙවන ඔහුගේ කකුල් දෙකම සැත්කමකින් කපා ඉවත් කර ඇත.
ඉතාමත් ශක්තිමත්ව තම පවුල රැක ගැනීමට වෙහෙස ගත් පියෙකු ලෙස ගල් කැඩීම, ගස් නැගීම වැනි දේ සිදුකරන ලද පරිත්‍යාගශීලී අයෙකු ලෙස ජාඇළ ප්‍රදේශයේ කළු ගල් වැඩපලක වැඩ කරමින් වැඩපලේ හිමිකරුට ඔහුගේ වකුගඩුවක් ද දන් දී ඇත. එහෙත් අද කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව අසරණව සිටියි. ධනුෂිකා දියණියගේ පියාගේත්, අවුරුදු 84ක වයසකින් යුතු එච්.පී. ලැයිසා නම් මිත්තණියගේත් අරමුණ ෙවන්නේ ධනුෂිකා ලක්ෂාණි දියණියගේ අනාගතය ලස්සන ෙවනවා දැකීම ය. ඒ වෙනුවෙන් ධනුෂිකාගේ පියා කියා සිටියේ මට හන්දියට ගිහින් රෝද පුටුවෙ ඉඳලා ලොතරැයි විකුණලා ජීවත් වෙන්න පුළුවන්. මේ රෝද පුටුව තල්ලු කරගෙන යන්න පුළුවන් විදිහට පාර හදලා දෙන්න කියන අදහස විතරයි.
එහෙත් දෙවිවරු වන් ගුරුවරුන්ගේ එකම අරමුණ වන්නේ ඉගෙන ගන්නා දරුවෙකුට අවශ්‍ය පසුබිම මේ නිවෙස තුළ ඇති කිරීමය. කුඩා දියණියගේ පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කරන්නට තවත් වසර 10ක කාලයක් තිබෙන බැවින්, ඊට යම් කිසි මැදිහත්වීමක් ලැබිය යුතු බවත් ගුරුවරුන්ගේ අදහසයි.
පොත් තබා ගැනීමට ලැබුණු අලුත් පාඩම් මේසෙට අමතරව සෙල්ලම් බඩු, විටින් විට රසවිඳින්නට අමතර කෑම බීම, ගෙනත් දී ඇගේ දුක බෙදාගත් ගුරුවරු නිසා කිසිම අඩුපාඩුවක් නැතුව සතුටින් සිටින වග ඇය අප සමඟ සමග කීවාය.
සටහන : කුරුණෑගල
චාන්දනී දිසානායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට උදව් කරන්න පුලුවන් විදියක් තිබුණනත් මේක ගොඩක් හොදයි
මේ අය සම්බන්ධ කරගන්නේ කොහොමද? කරුණාකරලා සම්බන්ධකරගන්න පුලුවන් දුරකතන අංකයක් කියන්න
සම්බන්ධකරගනන පුලුවන් විදියක් කියන්න
හරිම දුක්බර කතාවක් . මෙයාට උදව් කරන්න විදියක් කියනන පුලුවන්ද
උදව් කරනන පුලුවන් විදියක් තියෙනවනම් සතුටුයි .සම්බන්ධකරගනන විදියක් කියනන
කරුණා කරලා නම්බර් ඒකක් දෙනන පුලුවන්ද
කරුණාකර තොරතුරු දෙන්න
රුණාකරලා දුරකතන අංකයක් දෙන්න. ස්තූතිය
මේ වෙනුවෙන් යමක් ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් කියන්න
කරුණාකරලා සම්බන්ධකරගනන විදියක් කියනන පලුවන්ද
හරිම දුක්බරයි . මේ වගේ අය ගැන වැඩි අවධානයක් යොමු කරනන ඔනි .මේ අයට හැකි අයුරින් උදව් කරනන .සම්බන්ධ කරගන්න විදියක් කියනන
උදව් කරනන පුලුවන් විදියක් කියනන
ඉතා සංවේදී පුවතක්...අපිට පුලුවන් උදව්වක් කරන්න පුලුවන් නම් මට ඒ දුව ගේ ලිපිනය එවන්නකෝ ....බුදු සරණයි
දියණියටත් පියාටත් තෙරුවන් සරණයි
මේ වගේ දරුවන්ට උපරිමයෙන් රජය උදව් කරනන ඔනි
කරුණාකරලා ලිපිනයක් දෙනන පුලුවන්ද
කරුණාකරලා මේ පවුලේ බැංකු නම්බර් ඒකක් දෙනන පුලුවන්ද
මෙයාල සම්බන්ධ කරගනන විදියක් කියනන.ගොඩක් අය උදව් කරයි
කරුණාකරලා මේ අයගේ විස්තර සදහන් කරනන පලුවන්ද
දෙවිවරු වැනි ගුරුවරු.
මේ පුංචි දියණිය හමුවී උපකාර කිරීමට බලාපොරොත්තු වෙමි.
මේ ප්‍රදේශයේ ඉනන රජයේ නිලධාරීන් නිදිද විශේෂයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරින්
සම්බන්ධකරගනන පුවන් විදියක් කියනන පුලුවන්ද
ගුරුතුමාගෙ හෝ පියාගෙ ෆෝන් නොම්බර එවන්න පුළුවනද
මේ අය සම්බන්ධ කල හැකි කෙනෙක් මා අමතන්න..
බැංකු නම්බර් එකක් දෙන්න
මේ දියණියට උදව් කරන්න පුලුවන් විදියක් මට කියන්න මම උදව් කරනම්
සම්බන්ධ කර ගැනීමට හැකි ආකාරයක් දන්වන්න
ගොඩක් දුක හිතෙන සංවේදී කථාවක්
හරිම දුක හිතෙනවා . අපි කොහොමද මෙයාලව සම්බන්ධ කරගන්නේ
මගෙ ඇස් වලට කදුළු ආවා .
දුවේ නුබ මහමෙරක් !! නුබට ලැබෙන්නට ඇත්නම් ජයක් !. සර් ට පින් .
උදව් කිරීම සදහා සම්බන්ධ වියහැකි ආකාරයක් දැනුවත් කරන්න.
මේ දේවල් අහන දකින කොට ඒ ගැන හිතත්දිත් අපිට මොනවද නැත්තේ කියල හිතෙනව ඇයි මනුෂ්‍යයින් කියන අපිට මේ දකින්න ඉන්න හැමෝම මනුෂ්‍යයෝද කියල හිකතනව ඔය කියන පුංචි පවුල ඉන්න ගමේ ඔය ගුරැතුමා මේ ගැන සොයන්න කලින් අවුරැදු 4.5 ක් තිස්සේ මිනිස්සු නොහිටිය නම් ගම පාලනය කරන්න මිනිස්සු ඉන්න ඇතිනේ නේද උන් කෝ කියල හොයල තලාපියව් වට වෙලා උන්ට ආන් එතකොට නම් රටේම ඇස් ඔය පුංචි පැංචිගෙ දිහාවට හැරෙයි සර් මගේ ගම පිළියන්දල අද නගරයක් වුනත් අපිට ගමේ කම තියනවා පුංචි පැංචිට ජය වෙිවා
මාව හරියට සංවේදි වුනා, මේ සසරේ ස්වභාවය නේද කියලා හිතුණා , බැංකු ගිණුම් අංකයක්වත් දාලා තිබුණා නම් පුලුවන් විදිහට උපකාර කරන්න තිබුණා , එහෙම නම් අපේ රටේ සංවෙිදි වෙන අය උපකාර කරාවි,
මට විදුහලේ ක්‍රීඩා ගුරුවරයාගේ දුරකථන අංකය ලබාදෙන්න.
මේ දුවට උදව් කරන්න විස්ර ලබා දෙන්න
කරුණාකර මේ ප්‍රවෘත්තියේ සඳහන් ශිරන්ත බංඩාර මහතාගේ ඊමේල් ලිපිනය මාහට ලබාදෙන්න
මේ අයගේ ලිපිනය ලැබෙන්න සලස්වන්න
මොවුන්ගේ ගුරුවරයෙක්ව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් තිබේද.?
මේ අයව සම්බන්ද කරගන්න ශිරන්ත ගුරුවරයා මාර්ගයෙන් පුලුවන්ද?
සම්බන්ධකරගත හැකි අංකයක් කියන්න
සම්බන්ධකරගත හැකි අංකයක් දෙන්න
11 වසර විභාගය ලියනකමි මසකට රැ 500 ක් බැංකූ පොතට එවන්න පුලුවනි බැංකු ගිණුමක් හදලා ඉහත අංකයට අංකය එවන්න
මේ දුවට මට පුලුවන් විදියෙ උදව්වක් කරන්නම්.මට ඔවුන්ගෙ බැංකු ගිණුමක් එවන්න.බුදුසරණයි සියලුම දෙනාටම
මේ අයව සම්බන්ධ කර ගන්න අවස්ථාවක් සකස් කර දෙන්න
මෙම දරුවා වෙනෙුවෙන් මාස් පතා යම් ආධාරයක් කළ හැකිද හැකි අයෙකු සම්බන්ධ කර දෙන්න
ආදර්ශමත් ගුරු කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රමාණය. මෙය මහඟු ආදර්ශයකි තෙරුවන් සරණයි! දියණි ඇතුළු පවුලේ සැමට
මේ දරුවට මුදල් ආධාරයක් කරන්න කැමතියි
මොවුන්ගේ ගුරුවරයෙක්ව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් තිබේද.?.
මෙම දියණියට මාස් පතා කීයක් හරි දෙන්න පුලුවන් සම්බන්ධකරගත හැකි අයුරු කියන්න
කරුණාකරලා මේ අය සම්බන්ධ කරගත හැකි විදියක් කියන්න
සම්බන්ධ කර ගැනීමට හැකි දුරකථනය අංකයක් දෙන්න.
මේ දරුවට මුදල් ආධාරයක් කරන්න
දුරකතන අංකයක් ලබාදෙන්න
please send me the account details.
උපකාරයක් කල හැකි ක්‍රමයක් තිබෙනවාද ?
කරුණාකර සම්බන්ධකර ගත හැකි දුරකත අංකයක් කියන්න
කරුණාකර සම්බන්ධකරගත හැකි ක්‍රමයක් කියන්න
කරුණාකර සම්බන්ද විය හැකි ක්‍රමයක් දන්වන්න.
ඔවුන්ට අවශ්‍ය නම් ඇඳ, ශීතකරණ, මේස, දිය හැකිය.
දුරකථන අංකයක් ගන්න නැද්ද කාගෙ හරි එකක් එවන්න