කේෂර ගුණතිලක
 
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මොනරාගල දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් සහ පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා (13) වෙනිදා මොනරාගල රාජකීය ජාතික පාසලේ පැවති උත්සවයට සහභාගී වූ පරිවනාධිපති ස්වාමීන් වහන්සේලා අග්‍රාමාත්‍ය වරිය ඇතුළු සංවිධායක වරුන්ට විරෝධය් පළ කරමින් රැස්වීමෙන් පිටව ගියහ.
රැස්වීම ආරම්භ කිරීමට පෙර න්‍යාය පත්‍රයේ ප්‍රථමයෙන් පන්සිල් ගැනීම සඳහන් වුවත් එය ඉවත් කිරීම,පාසලකට නුසුදුසු (පන්ජාබ් ඇඳුමකින්) ඇඳුමකින් සැරසී අග්‍රාමාත්‍ය වරිය පැමිණීම පිළිබඳව විරෝධය පළ කරමින් රැස්වීමට පැමිණි පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේලා 27 නමක් මෙලෙස රැස්වීමෙන් පිටව ගිය බව තැරෑල සිරි පියරතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (පිරිවෙන්) කන්දඋඩපංගුවේ සුගතනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.    
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සුගතනන්ද හිමි මෙසේ පැවසූහ.
මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් වල විදුහල්පති වරුන්ගෙන් අති බහුතරය බෞද්ධයින්.ඔවුන් සඳහා පැවැත්වෙන රැස්වීමකදී අනිවාර්යයෙන්ම පන්සිල් සමාදන් විය යුතුයි.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ප්‍රථමයෙන්ම සඳහන් වූයේ පන්සිල් සඳහන් සමාදන් වීමයි.නමුත් එය ඉවත් කළා.එයට ස්වාමීන් වහන්සේලා වශයෙන් අපි වැඩ දැඩි සේ විරුද්ධයි.තවද අග්‍රාමාත්‍ය වරිය පාසල් දරුවන් හමුවට පැමිණෙන විට මීට වඩා හොඳ ඇඳුමකින් සැරසී පැමිණිය යුතුයි .ඒ පිළිබඳවත් අපේ විරෝධය පළ කරනවා.ඒ නිසයි අපි රැස්වීමෙන් ඉවතට ගියේ.