සුජිත් හේවාජුලිගේ
නීති විරෝධී සූදු සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි වෙබ් අඩවි රැසක් අවහිරකර ඇතැයි විමර්ශන නිලධාරීහු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දැනුම් දුන්හ.
ලංකාවේ රැඳී සිටිමින් සයිබර් අපරාධ ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බවත්, ඇතැම් විදේශිකයන් අදාළ රටවල තානාපති කාර්යාල සමග සම්බන්ධීකරණයෙන් පිටුවහල්කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවද එසේම බඳවාගත් නව නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම විදේශීය පුහුණුවීම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද නිලධාරීහු පෙන්වා දුන්හ.
එමෙන්ම සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමග දත්ත හුවමාරු කරගැනීමේ දී ඇතිවන බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරිණි.
සයිබර් අපරාධ මැඩලීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ අවධානය යොමුවිය.
ඒ කරුණු සාකච්ඡා කෙරුණේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd