සුජිත් හේවාජුලිගේ
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සෙසු විනිසුරු පුරප්පාඩු හත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තවමත් නිර්දේශ කිසිවක් ලැබී නැතැයි, පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් අප කළ විමසුමක දී ඔහු පැවසුවේ, මෙය ජනාධිපති කාර්යාලයෙන් කෙරෙන කටයුත්තක් හෙයින් එම කාර්යාලයෙන් විමසන ලෙසයි. තමා ඒ ගැන කිසිවක් නොදන්නා බව ද, ඔහු සඳහන් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු සජීවනී දිල්කා ලක්මාලී කරුණානායකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පසුගියදා ලැබිණ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඇය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කරනු ලැබීය.
එම අභියාචනාධිකරණ විනිසුරු පුරප්පාඩුවට ජනාධිපතිවරයාට නම් තුනක් යොමු කර තිබුණ ද, ජනාධිපතිවරයා පුරප්පාඩුවට නිර්දේශ කර ඇත්තේ කරුණානායක මෙනවිය පමණක් බව දැනගන්නට ඇත.
මෙම විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද පසුගියදා දීර්ඝව සාකච්ඡා කෙරිණ. මෙම සමහර පුරප්පාඩු මාස හයකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පවතින බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd