වසර 2025 ඔක්තෝම්බර් මස 30 වැනි දින සිට පසුගිය අගෝස්තු 12 වැනිදා දක්වා කාලයේ දී සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් කළ හෙරොයින් කිලෝ 2259 ක් සහ ග්‍රෑම් 129ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2653 ක් සහ ග්‍රෑම් 245 ක්, පුත්තලම වනාතවිල්ලුවේ අධිඋෂ්ණත්ව දාහකය මගින් විනාශ කර ඇති බව පොලිසිය පවසයි.
- ශ්‍රී ලංකා පොලිසිය
ඊට කොකේන් කිලෝ 293 ක් සහ ග්‍රෑම් 755 ක් ද අයත් වන පොලිසිය සඳහන් කරයි.
මේ අතර මෙම වසරේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1,255 ක් ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,036 කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මීට අමතරව කොකේන් කිලෝ 268ක් සහ ග්‍රෑම් 565 ක්ද, හෂිස් කිලෝ 774ක් සහ ග්‍රෑම් 902 ක්ද, මත්කරල් සහ මත්පෙති 35,89,116 ක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
වසර 2025 දී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 197,046 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී කොකේන් කිලෝ 38 ක් සහ ග්‍රෑම් 973 ක්, හෂිෂ් කිලෝ 777 ක සහ ග්‍රෑම් 088ක්ද, මත්පෙ ති සහ මත්කරල් 60, 29,925 ක් ද අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd