නිලුකා කුමාරතුංග
සිය ආදරණීයයන්ට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමට පවුලේ සමීපතමයන්ට ඇති අයිතිය යටතේ ඉල්ලීම් කිරීම දේශපාලන කාරණාවක් නොවන බවත්, එය මූලික මනුෂ්‍ය අයිතියක් බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
හෙතෙම මේ අදහස් පළ කළේ ලබන අගෝස්තු 30 වැනිදාට යෙදෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් වූ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දින උත්සවය වෙනුවෙන් අතුරුදන්වූවන් අනුස්මරණය කිරීම සඳහා එම කාර්යාලයේ පැවති උත්සවයක දීය.
අමාත්‍යවරයා මෙසේද කීවේය.
“අපි මෙතැනට එකතු වුණේ අපේ රටේ අතුරුදන් වූ සියලු දෙනා සිහිපත් කරන්න. ඔවුන්ගේ පවුල්වල වේදනාව පිළිගන්නවා. වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධව පිළිතුරු අපි බලා සිටියා. අපි ඔවුන්ව අමතක කරලා නැහැ කියන්න ඕනෑ. අගෝස්තු තිස් වැනිදා ලෝකය පුරා බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන් සිහිපත් කරනවා. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල අයගේ වේදනාවන් අපි පිළිගන්නවා. එවැනි සිදුවීම් නැවත නොවෙන්න කටයුතු කිරීමයි සැමගේ වගකීම.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd