උපුල් වික්‍රමසිංහ
පවතින යථාර්ථය සැලකිල්ලට ගනිමින් පුද්ගල ආදායම් බද්ද අය කරනු ලබන උපරිම බදු ප්‍රතිශතය වන සියයට 36 ට යටත් වන ආදායම් සීමාව තවත් වැඩි කළ හැකි ද යන්න පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු “ඉරිදා ලංකාදීප”යට පැවසීය.
ඒ අනුව, එම සියයට 36 ක උපරිම බද්දට යටත් වන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂ 5, 6 සහ හත හමාර දක්වා වැඩි කළ හැකි ද යන්න එලෙස අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍යවරයා කීවේ ය.
ආණ්ඩුව බාරගන්නා අවස්ථාවේ පුද්ගල ආදායම් බද්ද අය කරනු ලැබූ මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයක මට්ටමේ පැවති බව කී ඔහු එහෙත් ජනතාවගේ පැත්තෙන් සිතා එය රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කළ බව ද සඳහන් කළේ ය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ “ඉරිදා ලංකාදීප” පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd