සුජිත් හේවාජුලිගේ
නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදාවලින් මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය නමින් නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුවේද සහාය ඇතිව සකස් කෙරෙන එම අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී සම්මත කර ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වගකීම් දරන සියලු ආයතන සහ දෙපාර්තමේන්තුවල බලය ඒකාබද්ධ කර සියලු බලය සහිතව මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවන බවද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ, 2023 වසරේ නායයෑමෙන් නිවාස අහිමි වූ පූනාගල කබරගල පවුල් පනහක් වෙනුවෙන් ඉදි කළ නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදීය. මෙම උත්සවය පෙරේදා(28) පෙරවරුවේ පැවැත්විණ.
දිට්වා ආපදාවේදී ප්‍රධාන නායයෑමේ සිද්ධීන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවත් මේ තත්ත්වය යටතේ මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීම රජයක වගකීමක් බවත් ජනාධිපතිවරයා කීය
මේ අතර මලයගම් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඉන්දියානු රජය දීර්ඝකාලීනව දෙන සහායට ස්තූතිය පුද කරන බව ද ඔහු කීවේය.
මේ රටේ ඉපදී ආර්ථිකයට දායකවී මේ මහ පොළොවටම පස් වන සෑම මිනිසකුටම හොඳ ජීවිතයක් උරුම කර දීමේ වගකීම රජය බාරගෙන තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd