
සුජිත් හේවාජුලිගේ
ආහාර සඳහා යන අධික වියදම හේතුවෙන් ජනගහනයෙන් සියයට හතළිහකට වැඩි පිරිසක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වෙන් කරන මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තාවෙන් අනාවරණය වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
මෙය සමාජ ආර්ථික වශයෙන් ඉතා නරක ප්‍රතිඵල අත්විය හැකි කාරණයක් බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
මේ අතර වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට හතළිස් තුනකට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් කළ අධ්‍යයනයකදී අනාවරණය වී ඇතැයි මහ බැංකු වාර්තාවේ සඳහන් වන බව පැවසූ මහාචාර්යවරයා විශේෂයෙන්ම අම්පාර අනුරාධපුර සහ මාතර ප්‍රදේශවල ඒ තත්ත්වය ඉතාම උග්‍ර බව එහි සඳහන් වන බවද ප්‍රකාශ කරයි.
අම්පාර ප්‍රදේශයේ ඒ අගය 59% ක් බවද මහාචාර්යවරයා කියයි. මේ අතර ජනගහනයෙන් 68% ක් ගන්නා ආහාර වේල් ගණන අඩු කිරීම, අඩු රුචිකත්වය සහිත ආහාර ගැනීමට පෙළඹීම, සහ විකල්ප ආහාර ලබා ගැනීම සඳහා පෙළඹී සිටින බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වන බව අතුකෝරල මහතා පවසයි.
වයස අවුරුදු පහට පහළ අඩු බර දරුවන්ගේ ප්‍රතිශතය 15.3% ක් දක්වාද වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය 9.2% ක් දක්වා ද ඉහළ ගොස් ඇති බව මහාචාර්යවරයා කියයි.
උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය 10.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඒ මහතා එය 2021 වර්ෂයේ පැවැතියේ 8.2% ක් ලෙස බවද සඳහන් කරයි. භාණ්ඩ මිල ඉහළ යෑම, බලශක්ති අර්බුදය, ආහාර ද්‍රව්‍යවලට ඇතිවූ තරඟය, ජීවනෝපාය අහිමිවීම සහ වැය කළ හැකි ආදායම අඩුවීම යනාදී කරුණු හේතුවෙන් මෙම ගැටලු මතුව ඇති බව මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බවද මහාචාර්යවරයා හෙළි කරයි.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෑමට යන වියදම ඉහළට අධ්‍යාපන සෞඛ්‍ය වියදම් පහළට