උපුල් වික්‍රමසිංහ
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා නිවාස අඩස්සියේ තැබීමේ (House Arrest) ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරගෙන යන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි උපරිම ප්‍රමාණය 10,375ක් වුවත් එම අගය මෙන් හතර ගුණයක ප්‍රමාණයක් මේ වනවිට බන්ධනාගාරවල රඳවා සිටින බව කියන අමාත්‍යවරයා මේ තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන කරමින් සිටින බවත්, නිවාස අඩස්සියේ තැබීම වැනි තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමට ඒ යටතේ කටයුතු කරගෙන යන බවත්, සඳහන් කරයි.
නඩු ප්‍රමාණය කඩිනමින් අඩු කර විනිශ්චයකාරවරුන්ට දැරිය හැකි තත්ත්වයට පත්කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ පවතින විශාලතම අභියෝගයක් බව ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීමට අවශ්‍ය මානව සම්පත ඇතුළු පහසුකම් ලබාදීමට රජය කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
“රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ප්‍රමාණයෙන් භාගයක් පමණ අඩුකර ගැනීමට රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමෙන් කළ හැකියි. මසකට රස පරීක්ෂක වාර්තා 1500 ක් 2000 ක් පමණ ලබා ගැනීමට හැකි පරිදි කටයුතු කර තිබෙනවා” අමාත්‍යවරයා පැහැදිලි කරයි.
ඉදිරි අයවැයෙන් විනිසුරුවරුන්ට යම් යම් දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර තිබෙන බවත්, දියුණු රටවල මිලියනයකට විනිසුරුවරුන් 40 හෝ 60 ක් සිටිය ද ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට විනිසුරුවරුන් සිටින්නේ 10 ක් පමණක් බවත්, හෙතෙම කීවේ ය.
අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේ පසුගිය සිකුරාදා (24) පූගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd