නිරෝෂාන් ප්‍රේමරත්න
බලහත්කාරයෙන් ලබාගන්නා ලද ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැනවීමට යෝජිත සියයට 12.5ක අතිරේක බද්ද සියයට 10ක අවම ප්‍රතිශතයක් දක්වා පහත දැමූ බව සඳහන් කරමින් ඇමෙරිකාව විසින් නිවේදනය කළ බව මුදල් අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
ඇමෙරිකාවෙන් පැනවීමට....
මෙමගින් අපනයනකරුවන්ට ධනාත්මක ප්‍රතිඵලයක් ඇතිකරවන අතර, සාධාරණ වෙළෙඳාම, වගකිවයුතු ව්‍යාපාරික පිළිවෙත් සහ ජාත්‍යන්තරව පිළිගත් කම්කරු ප්‍රමිතීන් වර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කෙරේ.
මෙම සංශෝධනය ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා අපනයනවල තරගකාරීත්වය ඉහළ නංවන අතර, එය තිරසර ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව ආයෝජකයන්ට සහ ගැනුම්කරුවන්ට ධනාත්මක සංඥාවක් වනු ඇත.
ඒ අනුව තිරසර ආර්ථික වර්ධනයට සහාය දෙන අපනයනකරුවන්ට ප්‍රතිලාභ ලබාදෙන නවීන සහ විනිවිද පෙනෙන තරගකාරී වෙළෙඳපොළ පරිසරයක් ගොඩනැංවීම සඳහා මෙරට කැපවීම මින් ප්‍රදර්ශනය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd