සුජිත් හේවාජුලිගේ
පාඩු ලබන රාජ්‍ය ආයතන 32ක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කෙරුණු විශේෂ ඒකකයට රුපියල් කෝටි 35ක පමණ මුදලක් වැයකර ඇතත්, අපේක්ෂිත අරමුණු මේ දක්වා ඉටුවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම ඒකකය පවත්වාගෙන යෑම වෙනුවෙන් 2023- 2025 අතර කාලයේ දී රුපියල් කෝටි 16ක පමණ මුදලක් ද, උපදේශකයන් වෙනුවෙන් රුපියල් දහනව කෝටි තිස් ලක්ෂයක මුදලක් ද, වැයකර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
“රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන ඒකකය” නමින් 2023 වසරේ දී මෙම ඒකකය මුලින්ම ආරම්භ කර තිබුණ ද, 2024 දෙසැම්බර් 31 වැනිදා දක්වා ද එහි අරමුණු ඉටුකර ගැනීමට නොහැකිව පැවතිණ. මේ අනුව 2025 නොවැම්බර් 04 වැනිදා කැබිනට් අනුමැතිය මත මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය නමින් නම පමණක් වෙනස්කර ඒ කටයුතුම පවරාදී තිබිණ.
මේ කටයුතු සඳහා උපදේශකයන් සම්බන්ධ කරගෙන තිබුණේ, ගිවිසුම් ගත විදේශීය ආයතන දෙකකිනි.
මෙම තොරතුරු සඳහන් වන්නේ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd