එළැඹෙන නොවැම්බරයේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අයවැය යෝජනාවලියේ දී, තෝරාගත් වෘත්තීන් කිහිපයක විශ්‍රාම ගැනීමේ වයස දිගු කිරීමට හා ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.
විනිසුරු විශ්‍රාම වයස දිගුකිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යෑමේ දී අනෙකුත් වෘත්තිකයන්ගේ ද විශ්‍රාම වයස දිගුකරන ලෙස විවිධ වෘත්තිකයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයි වාර්තාවේ. වෛද්‍යවරුන්, පොලිසිය හා සන්නද්ධ හමුදා මෙන්ම රසපරීක්ෂක වැනි අංශවල නිලධාරීහු ඇතුළු පිරිසක් ඒ අතර වෙති.
ඒ අනුව රජය එම ඉල්ලීම් ගැන සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. පසුගිය අවුරුදු කිහිපයේ මෙරට වෘත්තිකයන් විදේශගතවීමෙන් බුද්ධිගලනයක් වී ඇති බවත්, ඒ නිසා කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා යම් යම් වෘත්තීන්වල විශ්‍රාම වයස ඉහළ නංවා දිය යුතු බවත්, ආණ්ඩුවේ මතය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd