- නීතිය තදින්ම
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි
නිලුකා කුමාරතුංග
ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) ලාංඡනය නොමැති යතුරුපැදි හිස් ආවරණවලට (හෙල්මට්) එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්න සමරකෝන් ප්‍රකාශ කළේය.
SLS ලාංඡනය නොමැතිව හෙල්මට් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නීති විරෝධි බව ඔහු පැවසීය.
මේ අනුව 2015.07.16 දිනැති අංක 1923/65 දරණ විධානයට අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිතියට අදාළ ප්‍රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව පසුගියදා එසේ ප්‍රමිතියෙන් තොර SLS ලාංඡනය නොමැති හෙල්මට් 431 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව, සභාපතිවරයා කීය.
SLSබලපත්‍රය අලුත් නොකළ කාලසිමාව තුළ නිෂ්පාදනය කළ හෙල්මට් 3,520 ක් අලෙවිය සඳහා තිබු කර්මාන්තශාලා දෙකක් තහනම් කර තිබේ.
2026 වසර ආරම්භයේ සිට මේ දක්වා වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම් 151 ක් සිදුකර ඇති අතර, හෙල්මට් 4,038 අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන අලෙවිය නතර කිරීම ඇතුළු නීතිමය පියවර ගෙන ඇති බවද අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd